Posts

Showing posts with the label පුංචි කෙටිකතාවක්

විර0ගි අවසානය

Image
ට්‍රීන් ට්‍රීන් , හෙලෝ... ආහ් මේහ්.. මම මේ ටවුමෙන් බස් එකට නැග්ගා.. ඔයා කොහෙද ඉන්නෙ මම.... නෑ අපි තාම මග.... ඔයා එතන ඉන්නකොට මම එතන... හා හා එනව හෙමින්... ඉගිල්ලෙන්නෙ නැතුව... හා හා... එන්නම් හෙමින්... හැබැයි බොරුවට බනින්න එපා පරක්කු වුනා කියලා.. හොදද මැඩමි.. එනවා පිස්සා ඉක්මනට... ඕකේ බායි... මා තවමත් නිහාල් අයියාගේ කඩය අසලය... දුම් වැටියේ භාගයක් ඉතුරු ය.. නමුත් ..කරන්නට දෙයක් නැත. දැන්නම් යන්නට සිද්ධවෙනවා මය.... මම ඉතිරි කොටස පසෙක කානුවට විසික්කර ස්කූටරය පනගන්වා ගතෙමි... ************************** මා කේඑෆ්සී එක ලගය.. නමුත් තවමත් ඇය එන පාටක් නැති ය.. මගේ හිතට පුන්චි ආනන්දයක් ඇදුනි.. ඒ අද බැනුම් අහන්නට ඕනා නැති නිසාය..  ඈතින් බස් රියක් ඇවිත් නතරවී ය... සුදු පැහැති සරසවියේ ටී ශර්ටය ඇයට වඩා නම් සුදු නැත.... එය හැදි නිල් ඩෙනිමට ද මැච් වෙයි... පිටු පසට බැදි කොන්ඩය මා වඩාත් පෙම් කරනා ඇගේ අහින්සක පෙනුම ඔපනන්වයි... ට්‍රීන් ට්‍රීන් හෙලෝ ... ඔයා කොහෙද... මම එහා පැත්තේ හෝල්ට් එකෙ.. මම පාරෙ අනිත් පැත්තෙ... පොඩ්ඩක් දකුනට හැරෙන්න... හා හා දැක්කා දැක්කා... ඉ...

ප්‍රතම හාදුව ... first kiss

Image
කහ පාට සාරියට ගැලපෙන නාරි රූපය බස් නැවතුමෙහි බලා සිටින්නේ මා එනතුරා ය. උදයේ ගැල්වූ මේකප්  හිතක් පපුවක් නැති අවුවට සේදී ගොසිනි.. නමුත් මම ආසම සමන් පිච්ච සුවද නම් තවමත් ඇගෙන් විහිදෙනවා ඇත.. විටින් විට අතැදි ඔරලෝසුව දෙස බලමින්ද,  විටෙක උස් පාවැඩි සගලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් වට පිට බලමින්ද, ඈ සොයන්නේ මගේ රූපය යි.. මා සිටිනා තැනට ඇයව හොද හැටි පෙනුනත් ඇයට නම් මා නොපෙනෙයි... ඇය නමින් සෙව්වන්දිය.. ලොව දෙවනියට ගුනයහපත්ම කාන්තාවයි.. දෙවනි වන්නේ අම්මාට පමනය...  සිගරට්ටුවේ ඉතිරි ෆිල්ටර කොටය මා  පොලවේ අතුල්ලා නිවා දැමීමි.. නාල හඩනගමින් ඉගිල්ලී යන රතවාහන මැද්දෙන් මම පරිස්සමෙන් පාර පැන ගතිමි.. ඇගේ මුවගේ සිනාවක්  නැගුනි.. මමද ඇයව දිටි බව ඈ දැන ගත් සැනින් ඒ මුහුන තරහවෙන් සායම් කර ගත්තා ය. " මොනවද තරිදු කරන්නේ.. දන්නවද මම කීයටද ආවේ කියලා.." "ඔයා ආවේ හතරහමාරටනේ ?" " හ්ම්... එහෙනම් ඇයි පරක්කු වුනේ..." "මේ.. පිස්සි.. අපි කොහෙට හරි ගිහිල්ලා රන්ඩු වෙමුද... නැත්නම් අර පුන්චි උන් නරක් වේවි.." "කෝ බයික් එක .." " විනාඩියක් ඉන්න මම අරග...

පුංචි කෙටිකතාවක්--05--අවසානය

Image
"මොකද තනියම හිනාවෙන්නේ?" "නෑ..ඔයා මට නංගි නංගි කියනවනේ ඒකයි" "ඒකේ ඇති වැරැද්ද මොකක්ද?" "නෑ..කිසිම වැරැදක් නෑ" "එහෙනම්..." "ඔයා දෙදාස් හතේ ඒලෙවල් කලාට මම කලේ දෙදාස් හයේ" "ඉතින් අවුරුද්දක් වැඩිමල් වුනා කියල මක්කා වෙනවාද?" "ඔව් ඉතින්.. ගෙදර බෝඩිම් කාරයෙක් නවත්ත ගනිද්දී වයස බලන්නෙ හිරයක් දෙන්නයැ?" "කාලා ඉවරද?" "හ්ම්.පොඩ්ඩක් ඉන්න..සචිනි නංගි තාම කනවානේ" "එහෙනම් මම ගිහින් අත හෝදගෙන එන්නම්." "ඉතින් හෝදගන්න..මගෙ අත නෙමෙයිනේ" ******************************************************************************* "අක්කේ  අක්කේ" "මොකද සචියෝ කෑ ගහන්නේ" "ආන් මාමලා එනවා" "අපෝ හතාමාරවත් වෙද්දි ආව එකත් ලොකු දෙයක්." "ඔව් ඒත් ඔය පාරා ගාව ඉදන් එන්න තව පැයක් වත් යාවි" "මොකද අප්පච්චිලා එනවා කිව්වම මෙච්චර සන්තෝස?" "පස්සේ දැනගන්න ලැබෙයි.." "ඒකත් එහෙමද..."\ "හ්ම්" "සචිනි නංගිය...

පුංචි කෙටිකතාවක්--04

Image
"මොකද මේ බය වෙලා. මූනත් එල්ලගෙන.." "නෑ.. මේ....මායි ඔයයි ඉන්න එක..ගමේ කවුරුහරි දැක්කොතින් එහෙම.." "මම ඉන්නවනම් මොකටද ඔයා බය වෙන්නේ?" "එහෙම නෙමෙයි.. මම කියන්නෙ..." "එහෙනම් කොහොමද?" "දන්නවනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ගෙදරක ඉස්තෝප්පුවෙ හිනාවෙවී ඉන්නකොට.." "ඔව් ඉන්නකොට." "අනේ විහිලු නෙමෙයි හලෝ" "එහෙනම්..." "නංගී මම වැඩක් කියන්නද?" "ඒපාර මොකක්ද? ඇයි බඩගිනිද?" "නෑ මේකයි. දැන් ඔයා අප්පච්චිට කෝල් කරලා අහන්න කොහෙද ඉන්නේ කියලා..ඊට පස්සේ රෑ වෙනවනම් කියන්න කෑම ගේන්න එපා..ඔයා කඩෙන් කන්නම්...මමත් තාම ආවෙ නෑ..." "එතකොට මම තනියම ඉන්නව කියල හිතාවිනේ" "ඒකත් එහෙමද?..වැඩේ සීන් නේ. එහෙනම්" "අපෝ බෑ.. බෑ අප්පච්චිට පපුවේ අමාරුව හැදේවි" "ඒකනේ...වෙනදා මෙහෙම රෑ වෙනවනම් මොකද කරන්නේ.." "එහා ගෙදර සචිනි නංගියව ගෙන්න ගන්නවා තනියට" "එහෙනම් එයාට එන්න කියන්න" "බෑනේ හලෝ.. එතකොට එයා මායි ඔයයි දැන් පැයක් විතර කතා කර කර හ...

පුංචි කෙටිකතාවක්--03

Image
"ශික්... අයියෝ" "මොකද ඒපාර" "ගෙදර යතුර අමතක වුනානේ" "ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?" "ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?. අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා" "හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ" "හ්ම්." "බයයිනේ... මහ ලොකු චන්ඩියා.." "මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී." "එහෙමද?" "මොකද එහෙමද අහන්නේ?" "ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන" "වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා" "ඒ මොකද එහෙම කියන්නේ?" "ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ" "මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව" "ඉන්න මම තේකක් හදාගෙන එන්න.." "අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?" "අනේ සොරි අය්යෝ.. අමතක වුනා.." "එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.." "අප...

පුංචි කෙටිකතාවක්--02

Image
"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්" "කියන්න සාජන්" "සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?" "ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල" "කෙල්ලනම් හැඩයි නේද සර්" "සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.." "සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ." "බලමු බලමු අයිසේ" "සර් අර ගෑනු ලමයා....." "මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?" "සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.." "සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.." "අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.." "හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ" "ඕකේ සර්" ******************************** "එක්ස්කියුස් මී මිස්" "යෙස්" "හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?...

පුංචි කෙටි කතාවක්--01

Image
"ගුඩ් මෝර්නින්ග්" "මෝර්නින්ග්" "කාලෙකින් නේද ?" "හ්ම්" "මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ" "නෑ ඒ මගෙ හැටි" "හා..සමාවෙන්න.." "මොකටද සමාව? "උදේ පාන්දරම කරදරයක් වුනාට" "පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"                                                                                                       "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"                                          ...