Posts

Showing posts from January, 2013

ප්‍රතම හාදුව ... first kiss

Image
කහ පාට සාරියට ගැලපෙන නාරි රූපය බස් නැවතුමෙහි බලා සිටින්නේ මා එනතුරා ය. උදයේ ගැල්වූ මේකප්  හිතක් පපුවක් නැති අවුවට සේදී ගොසිනි.. නමුත් මම ආසම සමන් පිච්ච සුවද නම් තවමත් ඇගෙන් විහිදෙනවා ඇත.. විටින් විට අතැදි ඔරලෝසුව දෙස බලමින්ද,  විටෙක උස් පාවැඩි සගලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් වට පිට බලමින්ද, ඈ සොයන්නේ මගේ රූපය යි.. මා සිටිනා තැනට ඇයව හොද හැටි පෙනුනත් ඇයට නම් මා නොපෙනෙයි... ඇය නමින් සෙව්වන්දිය.. ලොව දෙවනියට ගුනයහපත්ම කාන්තාවයි.. දෙවනි වන්නේ අම්මාට පමනය...  සිගරට්ටුවේ ඉතිරි ෆිල්ටර කොටය මා  පොලවේ අතුල්ලා නිවා දැමීමි.. නාල හඩනගමින් ඉගිල්ලී යන රතවාහන මැද්දෙන් මම පරිස්සමෙන් පාර පැන ගතිමි.. ඇගේ මුවගේ සිනාවක්  නැගුනි.. මමද ඇයව දිටි බව ඈ දැන ගත් සැනින් ඒ මුහුන තරහවෙන් සායම් කර ගත්තා ය. " මොනවද තරිදු කරන්නේ.. දන්නවද මම කීයටද ආවේ කියලා.." "ඔයා ආවේ හතරහමාරටනේ ?" " හ්ම්... එහෙනම් ඇයි පරක්කු වුනේ..." "මේ.. පිස්සි.. අපි කොහෙට හරි ගිහිල්ලා රන්ඩු වෙමුද... නැත්නම් අර පුන්චි උන් නරක් වේවි.." "කෝ බයික් එක .." " විනාඩියක් ඉන්න මම අරග

ගිටාර්යේ කැඩුනු තත්

Image
ගිටාරයේ කැඩුනු තත් අතරින්.. සිතින් නුබට ගී .. ලියැවෙනවා... යටිහිතේ... මතකයන් ... අස්සෙන්... සොදුරු ඔය හිනහව .. සිහිවෙනවා... නැහැදිච්ච දඩබ්බර.. මද පවනේ... ඔය නිල් වරලේ.. පුසුබ විහිදෙනවා... වියලුනු සම පුලුසන.. හිරු කිරනේ... නුබෙ කුඩයේ අඩුව... තේරෙනවා... ආදරයේ... නිම් කඩුලු එපිටින්.. නුබේ ලෝකය එලිය වෙලා.. මම නැති පාලුව දැනුනෝතින්... වැදලා කියන්නෙමි එන්ට එපා...