ආව එවුන්

Friday, July 22, 2011

නමක් නැති කෙටි කතා පෙල....02

" දිය ඇල්ල හරිම ලස්සනයි නේද අයියේ?"
" ඔව් ලස්සනට පෙනෙන්න තිබ්බට මේක කොච්චර නපුරුයිද?"
"ඇයි එහෙම කිව්වේ? මගෙ ජීවිතේට මම ඔය වගේ කතාවක් ඇහුවාමයි"
"නංගි දන්නවාද? මේ දිය ඇල්ලේ උඩ ඉදන් වැටිලා අහිංසක මුරන්ඩු තරුන ජීවිත කොච්චරක් නැතිවෙලා තියෙනවාද කියලා?"
"මුරන්ඩු නම් කොහොමද හලෝ අහිංසක වෙන්නේ?"
"මුරන්ඩු කියල කියන්නේ නංගි හදවතට එකගව වැඩ කරන මිනිස්සුන්ට...අනිත් උන්ට එයාල මෞතු වෙන්න පුලුවන් ඒත් ඒ මිනිස්සු ජීවිතෙ හුගක් සන්තෝසෙන් ගෙවනවා.."
"ඔයා කොහොමද ඔච්චර මුරන්ඩු මිනිස්සු ගැන දන්නේ?"
"මොකද මමත් මුරන්ඩ් කෙනෙක් හින්දා?"
"අප්පේ බයේ බැහැ ලගින් ඉන්න...බැරිවෙලාවත් ඔයාගෙ හදවත මාව මරන්න කිව්වොතින්..."
"අන්න එතනයි නංගි ඒ අයට වැරදුන තැන.. හැගීම් සේරම ක්‍රියාවට යොදවන්න ඕනමද?"
" නෑ මම හිතන්නේ"
"ඉතින් ඒකනේ?"
"කවද්ද නංගිට කැම්පස් ඉවර වෙන්නේ?"
"තව අවුරුද්දක් තියෙනවනේ"
"අපෙ මලයව එහෙම හම්බ වෙනවද?"
"සමහර දවසට හම්බවෙනවා අයියා.. එයාලා අපේ කැම්පස් එකේ වුනාට අපේ ෆැකල්ටියේ නෙමෙයි නේ?"
"මේ දවස් වල කැම්පස් නැත්ද?"
"සෙමෙස්ටර් එක ඉවරයි. අයියට නිවාඩුයිද?"
" ඔව් දවස් පහක් නිවාඩුයි.. මම ඊයෙ උදේ ගෙදර ආවේ..අම්ම කතාකලා යමුද කියලා.. ගෙදර ආවම පුදුමාකාර පාලුවක් දැනෙන්නේ.. ඒක නිසා මම ආවා...."
"දැන් කොහේද අයියා වැඩ කරන්නේ?"
" තලාවේ"
"ඒ කොහෙද?"
"අනුරාදපුරේට පොඩ්ඩක් එහා.. එහේ දන්නවනේ?"
"මේ එන්න එපා නෝන්ඩි කරන්න හරිද.. මම කැම්ප්ස් කෙල්ලෙක්... "
" ඇයි පිකට් කරන්නද?.. ඒවා කොහෙද ගහනවා වතුර.."
"අපෝ බයේ බෑ"
"කට්ටිය යන්න හදනවා අයියා...යමු නේද?"
"හ්ම්"
කටකාර ඇයට ඇයගෙ පාඩුවේ යන්නට දී මා මදක් මන්දගාමී වූයෙමි..මොහොතක සුන්දරත්වයක් විදගත්තද හැදවතේ මතුවූ හැගුම් ගැටගසා යලිත් නොනැගේනා සේ යට ගසන්නට වග බලා ගත්තෙමි..ජීවිතයට පැමින හෝරා කිහිපයක් සවන්පත් කුල්මත් කාලාවු ප්‍රතම යුවතිය ඈ නොවේ.. නමුත් හැගීම් වලට වඩා සම්භාවිතාවට මුල්තැන තැබූ මා එවන් සබදතාවයන් දුරදිග ගෙන ගියාද නොවේ.

බස් රතයේ අසුන් පුරා සෙනග හිටියාට පුදමාකාර පාලුවක් මා වටා පැවතිනි..මා තාත්වික ජීවියෙක් දැයි විමර්ශනය කලා වූ අවස්තාද නැතුවා නොවෙයි...ඔවුනොවුන් ඔවුන්ගේ කතාවලය.. බලෙන් කට දමා කාටවත් කරදරයක් වීමට මාහට වුවමනා නැත..මා යුනිෆෝම් කාරයෙක් නොවුනා නම් මා හැදු මවුන් වුවද මේ ගමනට මා හට ඇරයුම් කරනුයේ නැත..නමුත් මා කෙසේ හෝ මේ දිනක චාරිකාව පැමින ඇත.. ආවේ කෙසේදැයි සිහිකිරීම කිසිදු පලක් නොවූයෙන්.. පුරුදු පරිදි වර්තමානය විදීමට තීරනය කලෙමි...

අදෘශ්යමානව ජීවත් වීමට කුඩා කල සිට කැමැත්තෙන් සිටි මා හට ඔවුන් මේ හැසිරෙන්නාවූ ආකාරයෙන් පුදුමාකාර සුවයක් දැනෙයි...ගොදුරක් වෙලා ගිලගන්නට සැකසෙන පිබුරෙක් මෙන් වූ ඇල්ල වැල්ලවාය මාර්ගය දිගේ පහලට බසිනා බස් රතයේ අසුනට හේත්තු වූ මා පහලින් පෙනෙන්නට වූ සුන්දරත්වයට නෙත යොමු කලෙමි..