Posts

Showing posts from May 5, 2011

ඈ

Image
සුසිනිදු දගකාර සුකොමල කෙස් වැටිය නටනා අපූරුව විඩාබර දෙනෙතින් යුතුව දෙනෙතු සොරකම් කරන සුරගන චාම් සාරියකින් හැඩව කනෙහි සිරකල හීන් කරාබු පාට පාට ගලින් එල්වූ මාලය ගෙලට වදයක්ද? ඇගිලි තුඩු වලින් ඉස්සී ඉස්සී ඔය බලන්නේ මම එන්නේ කොයි වෙලාවෙද කියලා. උදේ ඉදලා වැඩම හින්දා සුන්දර මුහුනත් අදුරු පැහැ වීලා "මොකද අද පරක්කු?" මව් අසන හින්දා හැකි ඉක්මනින් නිවසට ඇරලවිය යුතුයි... අක්කා