සිහිනයක් අභියසදි ඇයි මේ තරම් වේදනා?????
අවුරුදු ගානක් ඒ ලෙවෙල් පන්තියේ දුක් වින්ද මිලියනගානක් අතරින් සිහිනයය සැබෑකරගත්ත කිහිප දහසටත් මොකට සිහින සැබෑ වුනාද කියල හිතෙන කාලයක් මේ........ අනුන්ගේ අත්දැකීම් මොකටද අප්පා... මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්න හදන්නේ... ටිකක් ඇඩ් එකක් වේවි....ගනන් ගන්න එපා හොදෙයි.... පලවෙනි පාර ගනිත අංශයෙන් විබාගය ලියලා ගියා මම SLIIT එකට... ගිහින් සතියයි... රිසල්ට්ස් ආවා..... "SSF" හුටා.....මැත්ස් ෆේල්.... අම්මගෙන් ඇහුවා අම්මේ මොකද කරන්නේ?? අම්ම කියපි .... "වරෙන් පුතේ ගෙදර" මම ආවා....ආයෙත් ඒ ලෙවල්ස් කරන්න........ (ඒ ඇත්තෝ මම ගෙවපු ගානෙන් 90% ක් ආපහු ගෙව්ව එකට පින්....) ඊට පස්සෙනෙ ආතල් වෙන්නේ.... "මොකද ලමයෝ වුනේ??" "පොඩි කාලෙ කොහොම හිටිය ලමයින්ද???" "වැටුනු යාලුවො හරි නෑ " "පන්ති ගියේ කා ගාවටද?" "කොහොම හරි මේ පාරවත් විබාගෙන් පාස් වෙන්න බලන්න" "මොන දේ කරන්නත් ඒ ලෙවෙල් තියෙන්න ඕන" ගෙදරට එන .. දකින හම්බවෙන..හැමෝම අහුවෙයි කිව්වෙයි විබාගෙ ගැනමනේ... සිංහයෙක් වුනත් ලෝම නැතුව දිවියෙක් වගේනේ කියන ඕන දෙයක් අහ...