ආව එවුන්

Sunday, February 6, 2011

යථාරතයත් මායාවක්ද?


"hello"
සද්දයක් නැති වුනාට line එකනම් clear

"කථාකරන්න ජනනි, plz දෙයියන්ගෙනාමෙට කථාකරන්න."
"එකපාරටම ඇයි යසිත මාව මතක්වුනේ?"
"නෑ අද මගෙ හිත කිව්වා ඔයාට කථා කරන්නම ඕන කියලා."
"කියන දෙයක් ඉක්මනට කියන්න යසිත මම phone එක කට් කරනවා."
"plz"
"ඉක්මනට කියන්න යසිත"
  "හැබයි මම මේ ඔයාගෙන් අහන හැමදේටම ඔයා පපුව කොනිත්තල හදවතින් උත්තර දෙන්න පොරොන්දු වෙනවද?"
"promis.මම ඔයාවගේ පොරොන්දු කඩන්නෙ නෑ කියල අමතකද මැට්ටෝ?"
"ඔයා ඇයි ජනනි එකපාරටම මගේ ජීවිතෙන් ඈතටගියේ?"
"ඈ දන්නෙම නැත්ද?රටේම ඉන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ල ආපු ඔයා දැන් මාව වැරදිකාරය කරනවද?"
"මට වැරදුන බව ඇත්ත ජනනි,ඔයා මගේ ජීවිතේට හීනයක් වගේ ඇවිල්ලා එකපාරටම යන්න ගියා"
"ඒවට හුගාක් හේතු තිබුන යසිත.plz මාව අඩවන්න එපා." 
"මැරෙන්න ඉස්සෙල්ලා දෙයියන්ගෙ නාමෙන් මට හේතුව දැනගන්න පුලුවන්ද?"

"ඔයාට හුගාක් ආදරේ හින්දා"
"මොකක්?"
"මගේ ආදරේ හින්දා ඔයා හුගාක් නරක්වුනා යසිත
"මම ඔයාගේ ජීවිතේ ඉන්නකම් ඔයා ඉගෙනගත්තෙ නෑ
"ඒත් ආයෙත් නාවේ ඇයි කෙල්ලේ"
"කථාකරන්න හරියට"
අනිත් පැත්තට වෙලා අහිංසකී අඩනව ඇති.
"ඉතින් ආදරේ නන්නත්තාර කරල යන්න යද්දී දුකක් හිතුනේ නැද්ද?"
"හුග දවසක් ඇඩුවා යසිත"
"මාව අමතක වුනාද ඉතින්?"
"නෑ"
"ඇයි දැන් මේවා කියන්නේ ඔයාගේ වෙනස මට අදහගන්න බෑ ජනනි."
"ආයෙත් මගේ වෙනවද?"
"ඒක කවුදාවත් වෙන්නෙ නෑ යසිත"
"ඇයි දෙයියනේ ඒ අපි අපිට මෙච්චර ආදරේ කරලත්...."

ඉකි බිදන හඩට ඇවෑමෙන් phone එක cut වුනා.


"treek treek"
message එකක් ඇවිත්.

*"now you must leave me for the gods sake mr. i got married today"*


                                                                                                                                                 

Saturday, February 5, 2011

Dear diary..3.(what would i do??)


life was always been easy for me. i've never been taken any hard choices.i had everything even before i expected.but with the time i've been realized that now it's the time to  take rough choices.

Actually there's junction ahead.one way will lead me to my dream. it's what i wanted since i can remember. And i hope i'll look better in "Browns".If I choose this way i'll be on my own. and this is what my heart says to go....


the other leads me nowhere i know.I meant the other end of this way is a dark and blinked area.It cannot be predicted.even for a great ist class magician.
 
But everyone i've loved, every person  who loves me have showed me the second option.

there won't be a turn back.

I've gone crazy dude.I never felt guilty and regret in these twenty years of my life. And I also don't want them in future..

"Will i suffer?"

I don't believe in faith.But i do believe in God. He'll never push me down.He've always been good to me.

And everyone born here has a special duty for him to be done before we left here."

I just wanna tell you dear  friendly diary.

"I don't ever wanted  my life so complicated."

"this is the only week that i felt too hard to breath"

bye for now...


 

catch you later..

"And i also don't wanna regret in future episodes."

                                                                                                                          


                                                                                                                                 

dear diary (episode 2)


i was wondering how fate is kidding with us?
some people call it as the bad luck.. but i don't believe in luck.
in these days most of the things won't work with luck..
in everything it needs the strong recommendations from huge people.
if you know some one big the luck will automatically find you...

as i know if we were in Singapore, we dont need to give any gifts to make our things done..
but we must remember that this isn't a Singapore.
the main reason for that popular secret is the poorness of the middle class people. even though they got a normal bachelor degree you wont be able to get a job for a basic above 20 thousand rupees. but practically it's not enough   for a young person , because they have to move on with the global development. they have to party and rock their lives...

and for the ones who cannot afford their cost of living they have another choice to continue their lives. they can be a monk. all the accommodations and the social respect will be yours..

but it wont be easy, you'll have to learn all the things attached with the religious background.you have to do speeches about the religion and you must have to go through the society.If  you got famous after some years,then you can change your track, you can do politics and there will be the salute from the people who wear uniforms, you'll have many advantages.

the world have been more complicated than our elders time.We have to select a way out of thousands, or may be more..Even we got the correct match, there will  be a huge competition.

dear diary i haven't got anyone to discuss this with.i'm feeling like i am a bird. the things i got inside had been freed.

bye bye friend...
catch you later...

dear diary 1


life is a poem, it always repeats some phrases again and again, just like some meetings with special people. in every time we meet them they've always change the attitude we have about them. sometimes we feel how wrong we were...and i had the same feeling today..
there was a girl who i used to see about thousand time when i was doing my advanced level..
she was some special for me but i didn't know why in that time..
i thought she was so proud.
but when i met her today at the road she smiled with me, it wasn't just a smile.. it came through her heart. she is so innocent. when i asked some questions she answered to me in the same ways she used to speak with her friends..
this isn't a journal to tell you my private things and to sell my dignity for a damn article.it's just a try to tell you how strange life is.
sometimes we see somethings it really wasn't there. i do believe in ghosts but i dont believe in human. most of the ghosts do evil to us..but we do knows that.. but we cannot understand human from the way they appear.that's why they are more dangerous.
when the moon goes down we used to get up and we go to sleep with the appearance of the moon.
but there are people who work during the night while the others are sleeping comfortably.
they may have done sins in there past lives but they are also people.what do we think about them .
have ever thought about them..???
no..
there was another topic which troubled me in the evening..
Does true love exist ???
no i dont think so .. because true love isn't practical.
love is a think we used to believe. but we all must have to love..we all must have a partner to bread our kind..to help each other and to care about other..
technically i'm not agree with the word "girl friend"...because it's  just a word we have in our dictionary.. i like to call  it as a " life companion."
and the life companion must be in the same social status or any matching type..
but here's the most terrible thing that our youngsters do.. it's letting the companion to decide his fate..
i've said this before in my previous note...
"too much of anything is good for nothing"
we must have a life companion, but we also have to get our lives up. when you give too much effort to your affair it only slows you down..
 we always wanna to be who we are .. that's a thing we all forget.
time's worthy friends. this is the time to earn something and do something...
i am also not doing anything. i'm also wasting time with this hell website..
then i have to get rid of this...
i feel sleepy got to go..
bye..
dear diary..
i'll see you tomorrow....


(tell what's your idea about the things that i've mentioned..)

බංකුව


"ඔයා මට කොච්චර ආදරේද අසංක?"

"මොකද එකපාරටම?"

"නෑ.මට දැනගන්න ඕන."

"ඇයි කවුරුත් මුකුත් කිව්වද?"

"නෑ"

"එහෙනම්?.කෙල්ලට මාව අවිස්වාසද?"


"මටත් වඩා.මමීටත් ඩැඩීටත් වඩා විස්වාසයි."

"ඉතින් එහෙනම් අහන්නේ?"

"අනේ කියන්නකෝ.ඔච්චර නපුරුවෙන්නෙ ඇයි?"
(අනේ පව්.තවම සුදු මූණ බෙරිකරගෙන,දුකේ බෑ.)

"මෙච්චරක් ආදරෙයි කියල පෙන්නන්න ආදරේ හුගාක් වැඩී දරුවෝ"
(කලබලෙන් මගේ අත ඒ අත් අස්සෙ හිරකරන් උරේ ඔලුව තියාගත්ත.)
                                                                                                                                                                

(නිහැඩියාවක මිනිත්තු කීපයක් ගෙවෙයි)


"මේ අසංක."

"හ්ම්"

"අපි ඉක්මනට බදිමු"

"මට හරිහමන් රස්සාවකුත් නැතුව?"

"ඔයා ඩැඩීගෙ බිස්නස් වලට ජොයින් වෙන්න"

"ඔයාව මට හිගමනට ගන්න බෑ බබා.ඔයාට අපි විඳින දුක දැක්කම....."
(සුසුමක් හෙලමින්)

"ඇයි මොකෝ නැවැත්තුවේ?"

"තව ටික දවසක් ඉවසන්න සන්දීපනී "

" නෑ නෑ නෑ ..කියන්න හදපු කථාව ඉවරකරන්න."

"සුරංගනාවියො අපායට පියාඹන්නේ නෑ දරුවෝ"

(ඇගේ කෙහෙරැලි වලින් නික්මි සුවදින් මම පපුව පුරවගත්තා.)



  

Friday, February 4, 2011

මගේ හීනය කවුද උස්සලා

ඊයෙ පෙරේදා තිබුන කැම්පස් නොයෑමේ උන අඩුවෙමින් ඇත.නමුත්තවමත් කැම්පස් යාමට ප්‍රියක් නැත.advanced level results මෙතරම් හොදවෙතැයි සිහිනයකින් වත් නොසිතු මා B තුනක් ලැබුනායින් එදා සතුටු වුවද අද දුක් වෙමි. මන්ඳ එය මා මා දුටු සිහිනයෙන් ඈත් කරන නිසාවෙනි..

"නෑ නෑ මම campus යන්නෙම නෑ"

කෝපල්

එකදවසක් ගමේ එද්දි කොල්ලො ටික සින්දු කිය කිය ඉස්සරහින් ආපු බස් එක ''ඩෝං'' සද්දයක් එක්ක උඩගියේ  දඩාර ගිනිජාලාවක් මැද්දෙන්..

අම්මව තාත්තව, සහෝදර සහෝදරයන්ව,තමන්ගෙ බිරිදව නැත්නම් කෙල්ලව බලන්න කෑම්ප් එකෙන් එලියට ආපු අපේ කොල්ලො එදා ඇස් පනාපිටම උන්ගෙ බලාපොරොත්තුත් තුරුලුකරගෙනම පනපිටින් ආදාහනය වුනා..

දවස් 10 නිවාඩුවට ගෙදර ඇවිල්ල අම්මගෙ කකුල් දෙක අල්ලලා වදිනකොට,,''මගෙ රත්තරන් පුතේ''කියලා මගේ අම්මගෙ ඇස්වල තියෙන කදුලු හැමදාම ඒ කම්මුල් හෝදනව කියල ඉස්සර ලීව් ආව වෙලාවක පොඩ්ඩි කිව්වෙත් බයෙන් බයෙන්.
රෑට හීනෙන්
''අනේ පුතේ'
'කියාගෙන නැගිටින අම්ම රෑ එලිවෙනකන් අඩනවලු.

පොඩිකාලේ ඉදන් මාත් එක්ක එකට හිටපු එහාගෙදර පසිදු ගිය අවුරුද්දෙ ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියකින්.සීත නැන්දගේ ඒ දුක අපේ අම්මටත් අයිති වේවිද? කියල මමත් බයෙන් හිටියෙ.

''අනේ රත්තරන්,ආයෙත් නම් ඔයා යන්න එපා.ඔයාට මොකක් හරි වුනොත් මමනම් එක දවසක්වත් ජීවත්වෙන්නෑ අයියේ''
සුදු නංගි කිව්වෙ අඩාගෙන,
''මට මුකුත් වෙන්නෙ නෑ වස්තුවේ''
කියලා ඒ සිනිදු කම්මුල් සිපගන්නකොට කටට ලුනු රහක් දැනුනා..

මට තවම මතකයි එකපාරක් ගෙදර ඉදන් කෑම්ප් එකට යද්දී A9 එකේ මග ටෙරා ඉන්නව කියල ඒ ටික ක්ලියර් කරනකන් අපිට සතියක් අනුරාධපුරේ බේස් එකේ ඉන්නවුනා.කෑම්ප් එකට ගිහිල්ල රිපෝට් කරනකොට බෑග් එක පුරවල අම්ම හදල දීපු කැවුම් පුස්කාල.අම්ම ආසාවෙන් හදල දුන්නත් මේවා සර්ලට දෙන්නෙ කොහොමද?සමහර විට ගෙදරින් ගෙනාපු කෑමක් කන අන්තිම වෙලාවද?

බයෙන් බයෙන් ලුතිනන් සර්ට සිද්දිය කියද්දි  සර් කිව්වෙ ''ඔය පුස්ටික ගසලදාල ටිකක් ඔෆිසර් මෙස් එකට එවපං  මම එවන්න කිව්වයි කියල.''''උඹල ඔක්කොමත් හැබැයි කාලතියෙන්න ඕන.''

අන්තිම දවස්වල අපි හිටියෙ මරු විකාරෙන්.ෆයර් කර කර ඉස්සරහට ගියේ ආයෙමත්  ඇවිදගෙන එන්න බැරිවෙන්නත් පුලුවන් බව දැනගෙන.
''පුතේ මේක උඹලගෙයි.මගෙයි අම්මා.මට මගෙ අම්මව බේරල දීපං.''
කමාන්ඩර් සර් නිතරම ඉස්සරහට ඇවිත් අපේ මොරාල් අප්කලා.ඒ දුන්න ගැම්ම ආමි එකේ ලොකු පොඩි හැම එකාටම එකවගේ ලැබුනා.

අපේ ඇටෑක් එකකට කලින් අලුතෙන් ආපු පොඩි කොල්ලන්ගෙ ඉදන් ඔෆිසර්ල ඉදන් පැත්තකට වෙලා ඇඩුවා.
''ගෙදර මතක් වුනා බං''
කියල අපිව දැක්කම කදුලු පිහිදගත්ත.ඒකාලෙදි ඒවගේ දේවල් ෆුල් නෝමල්..

ඔහොමෙන් කොහොම අපි දැන් අලුත් නිදහස් රටක්.දැන් පපුව පුරවල හුස්මක් ගන්න පුලුවන්.දැන් අපි ඉන්නෙ සතුටින්,අපේ ගෙවල්වල අය ඉන්නෙ සතුටින්.කෙල්ලත් හැම තිස්සෙම හිනාවෙලා ඇති.අපේ උන් ගැන පත්තරේ කියෙව්වම ඇගේ මයිල් කෙලින් වෙනවා.

''දැන් මංගල මුදු මාරුකරගන්න''
ලෝකෙ වටේ කරක්ගහපු දඩබ්බර හිත ආයෙමත් පෝරුව උඩ නතරවුනා.

අවුරුදු ගානක ඉදන් සුදු නංගිගේ ඇගිලි අස්සෙ රිංගන්න බලාගෙන ඉදපු පවුම් දෙකේ මුද්ද ආත්මය පුරාවට සිනිඳු අතැගිලි අස්සෙ හිරකලා.

ඉබාගාතේ ලියම්

+දවසක් ඔයා දැක්කා හිඟන මනුස්සයෙක්ව.
ඔයා කවද හරි මෙහෙම හිතලා තියෙනවද?  
ඇයි මේ මනුස්සයා හිඟා කන්නේ?
 මෙයාට කවුරුවත් ඉන්නවද?
 මම මෙයාට හොද කෑම එකක් ගෙනත් දෙන්නද?

මතක තියාගන්න එයාගෙ ජීවිත කතාව අස්සෙ වටින පාඩම් ගොඩක් තියෙනවා..


+ඔයාට ඉන්නව නේද හැමතිස්සෙම විහිඵු කරන යාලුවෙක්?
   මමත් දන්නව ඌ ඔයාට මාර වදයක්.ඒත්,
     ඌ ඇයි හැමතිස්සෙම මිනිස්සු හිනස්සන්නේ?
  හැබැයි ඔයා කවදාවත් ඌව තඹේකට විස්වාස කරන්නෙ නෑ.
ඒක ඌ දන්නෙ නෑයි කියලා ඔයා හිතාගෙන හිටියට ඌ ඒක හොදට දන්නවා.
   ඔයාට ලෝකෙන්ම කරදර වුනත් අන්තිමට ඔයා ගාව ඉතුරු වෙන ඌවත් ඔයා දැන්ම අයින් කලාම ඔයා ලෝකෙ අසරණ වෙනවා,ඌ ඔයාලව හිනස්සන්නෙ ඌ හොදට අඩලා දුක්විදපු එකෙක් හින්දා.
ඔයා ඒක දැනගෙන හිටියද?


+දැන් මම කියනදේ අදාල වෙන්නෙ කෙල්ලනේ උඹලට....
ඔයාගෙ ගෙදර වටේ දැන් අවුරුදු දෙකක් තිස්ස එකෙක් බයිසිකලයකින් කරකැවෙනව නේද?
ඔයාට එයාව පුංචි කාලෙ ඉදන් දන්නවා නේද?
ඒත් ඔයා එයාව අදුනන්නෙ නැහැ වගේ රගපානව, ඌ ඔයා දිහා බුදු පිලිමයක් දිහා වගේ පන්තියෙදි බලාගෙන ඉදිද්දි ඔයා ගස්සලා අහක බලාගන්නවා ඔයා දන්නෙ නෑ ඌට ඒක පිහියෙන් අනින්න වගේ.
ඔයා දන්නව එයා කිසිදෙයක් ගැන සීරියස් ගන්න එකෙක්  නෙමෙයි කියලා.ඒක නිසා ඔයා කෙලින්ම එයාව කපලා දානවා,ඒත් සමහර වෙලාවට ඔයා හොරෙන් බලනව ඒ යකා බලාගෙන ඉන්නවද කියලා.ඔතනදී උඹල දෙන්නගේ ඇස් හතර එකට මුලිච්චි වුනාම දෙන්නම තත්පර ගානකල ගල්වෙලා යනවා.
ඌ දන්නවා කෙල්ලෙ ඔයා හොයන්නෙ ෂාරුක් ඛාන් වගේ කොල්ලෙක්ව කියලා. ඌට හිඟාකාල ලෝකෙම ඕයාට ගෙනත් දෙන්න පුලුවන් වුනාට කවදාවත් සුදු වෙන්න බෑ. තව ඔයා කරන වැරැද්දක් තමයි, ලස්සන කොල්ලෙක් දැක්කම අරූ දිහා හොරාට බලන ඔයා ඌට පේන්නම බලනවා හිනාවෙනවා. ඒත් එයා තාම ඔයා දිහා බලාගත්ත ගමන්මයි.
ඔයා කවදාවත් හීනෙකටවත් අර අසරණයව පෙනිල තියෙනවද?

හැබයි එයාට නම් ඹයාව හැමදාම පේනවා.ඔයාගෙ හැම මෝඩ වැඩකටම ඌ ආදරේ කරනව.ඌට පොඩි චාන්ස් එකක් දෙන්න,මාසයක් දෙකක් එයත් එක්ක හොද යාලුවෙක් වෙලා ආශ්‍රය කරන්න.ඔයා හීනෙකින්වත් නොදකින හොද ගතිගුන,ඔයා පීකුදු කියල හිතාගෙන ඉන්න එයාගෙ හදවත රත්තරං වටින්න පුලුවන්.එයාව නැති වුනාට ඔයා කවදාවත් වදවෙන්නෙ නෑ,ඒත් ඌගේ මුලු ජීවිතේම ඔයා නිසා නන්නත්තාර වෙන්න පුලුවන්.

දැන් ඔයා හිතුව නේද ඉතින් ඌ මගේ පස්සෙන් එන එකට මම මොකක් කරන්නද කියලා?
ඔයා දන්නෙ නැත්ද ආදරේදි හැමදේම ඔට්ටුයි කියලා...

මම කියනදේ අහලා එයාට චාන්ස් එකක් දෙන්න.


ඹයාගෙ යාලුවන්වත් මේකට එකතු කරන්න..
මේක හරියනවා.එහෙම නොවුනොත් ලෝකෙ තියෙන ඕනම කුණුහරුපයකින් මට බනින්න.
මම ඔයත් එක්ක තරහ නෑ...

ආයෙත් පන්ති යන්නද?

මට අද මතකයි එදා 7:30 ට පටන්ගන්න දොස්තර ශ්‍රීගෙ කෙමිස්ට්‍රි පන්තියට හැමදාම 9:00ට කඹ කඩ කඩ වැනි වැනි එනකොට,

"සූ............................"
ඕන්න ඕකට තමයි මම නැගිටින්නෙ.මමත් නීල් ආම්ස්ට්‍රෝන් වගේ ඉස්සරහම පේලියට ගිහින් ඉදගන්නෙ ෆූල් ආතල් එකේ.ඉස්සරහට ගිහින් මුන් ලොවෙත් ප්‍රදර්ශනයකටවත් කැම්පස් නොයනවග නම් පිටිපස්සෙ ඩයල් දන්නව..
ඒ පන්තියෙ ඉස්සරහම පේලිය තියෙන්නෙ ලවී කරන්න.කොල්ලා කෙල්ල දිහා බලනවා ඇස් ගහනවා විකාර කෝටියයි.මට ඉතින් දැන්ම පවුල් වෙන්න අදහසක් තිබුනට කවුරුවත් මට කැමති නැති නිසා මටත් ඉතින් එක්ලක්ෂ හතලිස්පන්දාහකට ජෙල.මොනවා කරන්නද?මෙතන තියෙන එලවන්සර්ස් නිසා පස්සට යන්නත් බෑනේ.


"මචං කනවද?"
අපෝ මොකටද මගේ කට මම ඕන දහජරාවක් කනවග දැන දැනත් හැමදාම එකම ප්‍රශ්නෙ අහන්න මූට ලැජ්ජ නැත්ද?
මොන මඟුලක් දෙන්නද දන්නෙ නැතිවුනත් වෙන එකෙකේ ඒකට වගකියන්න කලින් අත දික්කරනවා ඒත් සමහර වෙලාවට ආතල්ද මුරලිදරන් කිව්වාවගේ ටොෆී කොල,ගැඩිවිල්ලු,හැකරෑල්ලෝ,තව ect ..
{ගොඩක් දේවල් හිතේතියාගෙන ටිකක් ලියනකොට මෙහෙම දානවයිලු}
ඒව අමතකකරමු.දෙයියෝ දෙනකොට දෙන්නෙ හොද ජාතිනේ.සමහර දවසට චොක්ලට්,විස්කෝතු,රටකජු,බබල්ගම්,සීනී පොල්කොහු
ඇයි එකදවසක් අපි කෑවනේ අයසින් කේක්,ඇයි බං ජම්බු පේර මැංගුස්,
සමහර දවසට දවල් ලන්ච් එකත් ඒරොප්පෙන්.ඒකෙත් මාලුයි බිත්තරයි සොසේජසුයි තුනම ලෝඩඩ්.
ඔහොව් කෑම වල නමත් අහනකොට නිකන් බඩගිනි බඩගිනි වාගේ.ඔන්න ඔහොමයි අපේ උන් ලව්කලේ මම තමයි වැඩිපුරම මහත් වුනේ.අපේ ගෙදරින් මෙව්ව දන්නවනම් මාව කෙලින්ම ට්‍රාන්ස්ෆර් ඉතියෝපියාවට.ඇයි සහරාවෙත් වේකන්සීස් අවේලබල් නේ.

ජාතික කථාව ඉවරයි.දැන් හදන්නෙ පිං අනුමෝඳන් කරන්න.
මෙතුවක් කලක් මට කන්ට බොන්ට දුන් නුඹ සැමට ඩොලර් මිලියනයක් පිං.
තිබහට තැපෑලෙන් වතුර ආව එකත් නොකියම බෑ.මටකන්න දීලා මුන් මොනව හිතුවද දන්නෙ නෑ.මුන්ගෙ බහුතරය සිරා ඩයල්.
ක්ලාස් ඉවරවුන අන්තිම දවසේ සර්ට වැඳලා පෙරේත අනිල්ගෙ තිග්මා එකේ යාපහුව වගේ පඩිපෙල බැහැලා එලියට මමනම් ආවේ ඇස් වල කදුලු පුරෝගෙන.
මම කෙමිස්ට්‍රි කෙසේවෙතත් ලයිෆ් එකගැනනම් අම්බානක් ඉගෙනගත්තා..
මම ලොවෙත් අහස පොලව නූහුලන ඇත්තකින් කථාව එන්ඩ් කරනවා.

මම ඊට පස්සෙ චොකලට් එකක් කටේ තබ්බෙත් නෑ...


ඉතින්

ඇස් දෙක ඉස්සරහින් ඒත් ටිකක් ඈතින් මහ මුහුද මැද්දේ තිබුනු ඔරුවක් එකපාරටම නොපෙනී ගියා.කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න බැරි හින්දම පාරට බැස්සෙ යන්න තැනක් හොයාගෙන නෙමෙයි.හෙමිහිට හෙමිහිට  බස් හෝල්ට් එකට කකුල් දෙක මාව එක්ක ගියා.බස් එකක් ඇව්ත් නතරකරපු හින්දම පස්සෙ දොරෙන් එල්ලිලා කනුවක් ගාව නතරවුනා.

''කොහාටද?''
කොන්දොස්තර අත දික්කලා..
''කොහාටද බං මේක යන්නෙ?''
''ගාලු''
''එහෙනම් ගාල්ලට එකක් දියන්''
මම අතේ ගුලි වෙච්ච විස්සෙ කොලේ දික්කලා..
''දෙකක් තියෙනවද?''
මුගෙ අම්මට..මේ නරියට මොකටද ඒ වගක්? දෙකක් තියෙද්දිත් මම නැතැයි කිව්වෙ ඕනකමින්මයි.

කරත්තයට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ මුනකුත් එක්ක කොන්ද යන්න ගියා.ඊට පස්සෙ මෙතනට එනකන් සිද්ධවෙච්චි මෙලෝ දෙයක් මට නම් මතක නෑ..


''මල්ලි රුපියල් සීයක් දීපන්''
මම ගැස්සිල ගියා.රැවුල් කොන්ඩ වවාගත්ත හිපියො දෙන්නෙක් ඇවිල්ල මරුමුස් පාට් එකෙන් ඇහුවා.
''නෑ''
''පර්ස් එක පෙන්නපං එහෙනම් බලන්න.''
මල කෙලියයි එනපොට නම් හරි නෑ.කෝකටත් කියල මම වාඩිවෙලා හිටපු ගල් බැම්මෙන් බැස්සා.
''උඹ දන්නවද කොටුව පොලිසියේ සිවිල් යුනිට් එකේ ඕ අයි සී කව්ද කියලා??''
මෑන්ස්ලගෙ මුනු නිකන් බොම්බයි මොටයි වීගෙන යනවා.අම්මට සිරි මටත් ආවේ නැතෑ බුදු ෆිට් එකක්.මම කන්ටිනිව් කරන් ගියා.
''දන්නෙ නැත්නම් අහගනින්.ඒ මගෙ තාත්තා,මගෙ පර්ස් එකේ රුපියල් සීයක් තියෙද නැත්ද කියලා උඹට ප්‍රශ්නයක් තියෙනම් කියපන් මම තාත්තට කියන්නම් දැන් ජීප් එකෙන් රාලහාමිල දෙතුන් දෙනෙක් එවන්න කියලා''
''අය්යෝ මල්ලි විහිලුවක්නේ කලේ.මෙන්න කාපන් බබල්ගම් එකක්''
අරුන් දෙන්න බූමිතෙල් ගාපු ගැරඩි වගේ ලිස්සල ගියා.

''හූ හූ කෑවා නේද බෝලේ''මම හිතින් උඩපැන්නා.මම ආයෙත් වාඩිවෙලා මුහුද දිහා බලාගත්තා.

''වස්සානේ ගිලෙන්නේ හේ හේ....''
මලා ෆෝන් එක රින් වෙනවා.ගෙදරින්ද දන්නෑ.මම සාක්කුවෙන් ෆෝන් එක ඇද්දා.අන්නෝන් නම්බර් එකක් මම බයෙන් බයෙන් ආන්සර් කලා.

''අයියා මම චතූ..''
''ආ නංගියා.මම හිතුවෙ කෙල්ලට මාව අමතකවෙලා කියලා.මගෙ ඔලුවෙ ඔයා ගැන තිබ්බ සේරම මනස්ගාත කියල සුදු න....."
''මොනවද අයියේ විකාරද ඔයාට??.මම කතාකලේ ඔයා අර මම ගැන දාපු ස්ටේටස් ඩිලීට් කරන්න කියන්න''
එහා පැත්තෙන් ෆෝන් එක කට් වුනා.අහෙන් වැටුනු කදුලු බිංදුවක් කලුපාට කම්මුල් අස්සෙන් රූටල කටට ලුනු රහක් ගෙනාවා.


ඇත්ත තමයි දෙයියනේ මේ ලෝකෙ සිද්ධවෙන හැමදේම පැනි රස නැහැනේ.

සමුගන්නද මම?

"ඔයාට මේ ගමන යන්න ඕනමද රත්තරං?"
මගේ වමත පපුවට තුරුල්කරගෙන සවින්දි පරිස්සමෙන් උරේට ඔලුව තියාගත්ත.
 "අපිට තවත් ඉස්සරහට යන්න බෑ කෙල්ලේ.අපිට ආපස්සට හැරෙන්න බැරිවුනාට.අපි යන පාරවල් වෙනස් කරන්න වෙනවා"
උණුම උණු කඳුලු කැටයක් මගේ අතට වැටිල සියොලඟම සීතල කලා.
 "ඒත් ෆර්හාන් ඔයා මාව මෙච්චර දුරක් එක්කරගෙන ආවේ කවදහරි මාව අතරමන් කරන්න වෙනබව දැනගෙන නේද?"
 ඕනදේකට දොඩවන මගේ දිව ඒ ප්‍රශ්නෙට ගොලුවුනා.තේරුමක් ගෑවිලාවත් නැතුව එදා කථාකරපු දේවල් කොච්චර සුන්දරද?
 ඇයි මට මෙච්චර දුෂ්ඨ වෙන්න සිද්ධවුනේ?
 "අනේ plz කථාකරන්න ෆර්හාන්"
 ලපටි ඇගිලි තුඩින් සවින්දි මගේ අත හයියෙන් කෙනිත්තුවා.ඉස්සරනම් එහෙම වෙලාවට පරිස්සමට කම්මුලක් ඉඹිනවා.මම මොනවත් නොදැනිච්ච ගානට අහක බලාගෙන හිටියා.
 "ආයේ කවදාවත් මාව බලන්න එන්න එපා මගෙ සුදු අයියේ."


මට තුරුලුවෙලා හිටි කෙල්ල නැගිටලා බංකුවේ එහා කොනින් වාඩිවුනා.

හරියට අපි දෙන්න මුලින්ම මෙතනට ආපු දවසේ වගේ.මම අමාරුවෙන් සවින්දිගේ මුන දිහා බැලුවා.සුදු කම්මුල් රෝසපාට වෙලා,අහිංසක ඇස් රතුවෙලා.

 ඉස්සර මං මේ උනුහුමට කොච්චර ආදරෙයිද? කොච්චර පෙරේතද?

සවින්දිව විහිලුවට අඩවපු කිසිම දවසක මට නින්ද ගියේ නෑ.



"ඔයා ඇත්තටම මාව දාල යන්නද අය්යේ හදන්නේ ?"



ඒ වචනවල මම ගැන ලොකු බලාපොරොත්තුවක් පුදුම විශ්වාසයක් හැංගිලා තිබුනා.

දවසක් හරි ආදරේ කරපු ඔයාව මම කොහොමද දෙයියනේ දාල යන්නේ?

තවදුරටත්  දැඩිකරගන්න හිතට හයියක් නෑ.

මම නැගිටලා අඩි කීපයක් ඉස්සරහට ගියා...


"අපි දැන් යමු නංගි.කලුවර වැටිලා.යමු මම ඹයාව බස් එකට දාන්නම්"

පුරුද්දට වගේ මම අතින් ඇල්ලුවට බොහොම අමාරුවෙන් කෙල්ල මගේ අත ගසලදාල පැත්තකට වුනා.



"ඕන නැහැ. දැන් මට තනියම යන්න පුලුවන්.මාව අතින් අල්ලගෙන මෙච්චර කලක් බස් එකට ඇරලුවට ඔයාට thanx."


 පැයගානකින් වත් ඉස්සර නොගියපු මාවතේ කෙලවරට නිමේෂයකින් ඈ ලගාවෙනව බොදවෙච්ච ඇස්වලින් බලාගෙන හිටියා.

ආයුබෝවන් හැමෝටම..මම කාලෙකින් ආවෙ මේ පැත්තට.මම මේකට අලුත්. මම බ්ලොග් ගැන නම් වැඩිය දන්නෙ නෑ.. පුලුවන්ද කාටහරි කියලාදෙන්න?

කොපි පොතක් අරගෙන කාඩ්බෝඩ් එකකින් කවරයක් හදලා හිතේ තියෙන දේවල් සේරම ඒකෙ ලිව්වත්,Blog කියන ජාතිය ගැන කියවලා දැකලා අහලා තිබුනා..
මම බයෙන් හිටියෙ මම නෝන්ඩි වේවි කියලා.
ඒත් අද ඉදන් මම ලියන දේවල් සේරම මේකෙ ලියනවා.
අනිත් අයගේ blog කියවනකොට පුදුම ආසාවක් හිතෙනවා.
ආදරණීය කෝඩුකාරයටත් ඉස්සරහට එන්න අත දෙනව නේද යාලුවනේ?