බංකුව
"ඔයා මට කොච්චර ආදරේද අසංක?"
"මොකද එකපාරටම?"
"නෑ.මට දැනගන්න ඕන."
"ඇයි කවුරුත් මුකුත් කිව්වද?"
"නෑ"
"එහෙනම්?.කෙල්ලට මාව අවිස්වාසද?"
"මටත් වඩා.මමීටත් ඩැඩීටත් වඩා විස්වාසයි."
"ඉතින් එහෙනම් අහන්නේ?"
"අනේ කියන්නකෝ.ඔච්චර නපුරුවෙන්නෙ ඇයි?"
(අනේ පව්.තවම සුදු මූණ බෙරිකරගෙන,දුකේ බෑ.)
"මෙච්චරක් ආදරෙයි කියල පෙන්නන්න ආදරේ හුගාක් වැඩී දරුවෝ"
(කලබලෙන් මගේ අත ඒ අත් අස්සෙ හිරකරන් උරේ ඔලුව තියාගත්ත.)
(නිහැඩියාවක මිනිත්තු කීපයක් ගෙවෙයි)
"මේ අසංක."
"හ්ම්"
"අපි ඉක්මනට බදිමු"
"මට හරිහමන් රස්සාවකුත් නැතුව?"
"ඔයා ඩැඩීගෙ බිස්නස් වලට ජොයින් වෙන්න"
"ඔයාව මට හිගමනට ගන්න බෑ බබා.ඔයාට අපි විඳින දුක දැක්කම....."
(සුසුමක් හෙලමින්)
"ඇයි මොකෝ නැවැත්තුවේ?"
"තව ටික දවසක් ඉවසන්න සන්දීපනී "
" නෑ නෑ නෑ ..කියන්න හදපු කථාව ඉවරකරන්න."
"සුරංගනාවියො අපායට පියාඹන්නේ නෑ දරුවෝ"
(ඇගේ කෙහෙරැලි වලින් නික්මි සුවදින් මම පපුව පුරවගත්තා.)
Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක