Posts

Showing posts from February 10, 2013

විරංගි 001 ( කුලුදුල් නවකතා ප්‍රයත්නය )

Image
"බ්‍ර්ර්ම්.. බ්‍ර්ර්ම්" "හෙලෝ" "හෙලෝ නෙමෙයි.. කොහෙද කියන්න ඉන්නේ?" "මම පොඩි හොර ගමනක් ආවා.. ගෙදරට හොරෙන්..." " කියන්නකො බබා... ප්ලීස්... ඇයි හෙමින් කතාකරන්නේ?" " කියන්නම්..පැටී එන්නකෝ ඔයාලගේ උගුරැස්ස ගහ පැත්තේ තාප්පේ ගාවට.." " මෝඩයා... විහිලු නොකර කියනව කොහෙද ඉන්නේ කියලා.. මට ඇසෙස්මන්ට් එකක් තියෙනව හෙට සබ්මිට් කරන්න.." "විහිලු නෙමෙයි පැටී.. මම තාප්පේ ගාව ඉන්නේ ... එනවකො ඉක්මනට.." "හ්ම්... පොඩ්ඩක් ඉන්න බබා" වෙලාව රාත්‍රී 11:55 ය. ඇයව බලන්නට ඇති ඕනෑකම නිසාම කලුවරේ ඇයව ගෙන්වා ගතිමි. මා ඉන්නාතැනට කුස්සිය පැත්තේ දොර හොදහැටි පෙනෙයි... හොර වැඩකටනම් ඇය ගෙදරින් පිටවෙන්නේ එතැනිනි.. කුස්සිය ඇගේ කාමරය ගාවමය.. ඇගේ කාමරයේ ලයිට් නිවෙනවා පෙනෙයි... පෝය පසු වී දින දෙකක් වුනත් හදේ දගකාරකම් නම් තවම අඩුවක් නැත... " සද එලිය එපා ඇයව වෙලා ගන්නට... ඈ අයිති මට විතරයි" හිත කරන තරවටු සද නම් අසන්නේ නැත.. මා පසුකරමින් ගිය සිසිල් සුලන් දහරක් ඇගේ නිදහස් වරල් ගෙනයන්නට තැත් කරයි... රෝස පැහැ නියිටිය සහ හව