Posts

Showing posts from March, 2013

විරංගි 003

Image
"සදරූ... සදරූ..." විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි... " ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී " " කකුල රිදෙනවද රත්තරං... " "නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ.." "ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්" "එපා" මා ඇගේ අතින් අල්ලාගතිමි... "මෙතනින් වාඩිවෙන්න පැටී" ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි.... " මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී" " කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...." කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය... " මේ මොනවටද... පිස්සි?" " නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න..." "මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ..." "මැට්ටෝ... කවුරුහරි ආවොත්... " " දොර වහලා එන්නකෝ" ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිස