විරංගි 003
"සදරූ... සදරූ..."
විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි...
" ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී "
" කකුල රිදෙනවද රත්තරං... "
"නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ.."
"ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්"
"එපා"
මා ඇගේ අතින් අල්ලාගතිමි...
"මෙතනින් වාඩිවෙන්න පැටී"
ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි....
" මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී"
" කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...."
කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය...
" මේ මොනවටද... පිස්සි?"
" නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න..."
"මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ..."
"මැට්ටෝ... කවුරුහරි ආවොත්... "
" දොර වහලා එන්නකෝ"
ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිසකෙස් වලින් හමනා සුවද හැමදාමත් මා මත්කරන්නේ ය. හිසරදය කොහේ ගියාද දන්නේ නැත...
" අපි ඉක්මනට බදිමු බබා..."
"පොඩ්ඩක් ඉන්න පැටී... ඩිග්‍රිය ඉවර කරන්න දෙන්නකෝ... ඇයි ජොබ් එකක හොයාගන්නත් ඕනනේ....ඊට පස්සේ සදහටම අපි දෙන්නා අපි දෙන්නගේ.."
"හ්ම්... එහෙනම් එහෙම කරමු..."
ඈ මද සිනහවක් පෑවා ය....
" ටොක් ටොක් ටොක්"
ඈ ගැහි ගැහී ගොසින් දොර් විවර කලා ය...
" ඩොක්ට කිවුවා අද ගෙදර යන්න පුලුවන් කියලා"
" තෑන්ක්ස් මිසී...."
"සදරු... ඔයා අම්මට කෝල් එකක් දෙන්නකෝ.."
"පිස්සුද කෙල්ලෙ... ඔය කෝල් එක ගන්න... එතකොටනේ අම්මට ලේලි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙන්නේ... "
ලැජ්ජාව මුසු සිනහවකින් මුව සරසාගත් ඈ සාක්කුවෙන් දුරකතනය එලියට ගෙන ඈ ඉලක්කම් කිහිපයක් එබුවා ය"
"හෙලෝ ආන්ටි... සදරුට අද ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ට කිව්වා.... ආන්ටි එන්නේ කීයටද ???"
**********************************************************************************
ලිව්වේ....යසියා
නැගලා යන ආරම්භයක්! අද තමයි මුලින් ම මේ පැත්තේ ආවේ... ජය!
ReplyDeleteඅන්න පුතේ කෙල්ල වරද්ද ගත්තා... ආන්ටි කියල කතා කරාම නැන්දම්ම ලකුණු කපනවානේ..
ReplyDeleteහොඳ ආරම්භයක්