‍x x x x කතාව x x x x

යසියා ටික කලක ඉදන් මේ අවකාශේ සැරි සරද්දී පුදුම සැනසීමක් ලැබුනා.යසියට ජීවිතේ ගැන හුගාක් දේවල් ඉගෙන ගත්තා.. ඒ නිසාමද කොහෙද යසියා මේකට ඇබ්බැහි වුනා..

ඒත්............................................   :(

අද මම මගේ ගැනම බයෙන් ඉන්නේ. මගේ අනාගතේ ගැන පුදුම බයෙන් ඉන්නේ. මගේ ජීවිතේ තනිකරම දෙගිඩියාවෙන් ඉන්නේ... මේක කියන්න කවුරුවත් හිටියානම් කියල හිත හිත ඉදිද්දී තමයි සුරන්ගනා ලෝකය යසියට මතක් වුනේ.

මම කවුද කියල බ්ලොග් මිතුරන්ට දැන ගන්න පුලුවන් නිසා. මේක දානවද නැත්ද කියලත් මම ට්ක වෙලාවක් කල්පනා කරනවා.

නෑ මොකක් වුනත් කමක් නෑ මම දන්න තීරනය කලා.....

යසියා මේ දවස් වල ලොකූ කොන්දේ අමාරුවකින් ඉන්නේ... මට කැම්පස් යන්න කලින් එන මගුල ආවේ තලාවේ.. ඒකට යන එකත් ගෙදර අයගේ දැඩි විරෝදය මැද්දේ නතරකලේ යසියට මේක මහාම වදයක් නිසා...සමහරවිට යසියා අමාරුවෙන් ගත්ත ඒ ලෙවෙල් ප්‍රතිපලේ අකුරු වැඩක් නැති වෙන්නත් පුලුවන්...

කොන්ද කොච්චර අමාරුයිද කියනවනම් මට මෙගා බෝතලයක් වත් (මම කියන්නේ ෆ්‍රිජ් එකේ තියෙන වතුර බෝතලේ ගැන) බොන්න බෑ වේදනාවක් නැතුව. මේක කොටද්දිත් මාර වේදනාවක් තියෙන්නේ...

හවසට යන්න ඕන x ray එකක් ගන්න.. මට පුන්චි කාලේ  ඉදන් ඒ ලෙවෙල් වෙනකන් ඕන වුනේ මිලිටරියට යන්න.. ඒත් කෙහෙල්මල් කොන්ද ඒකත් කෑවා.

ශික් ශික්.
ඕන මගුලක් වෙත්දෙන්... යසියට වරදින එකක් නෑ...
අද x ray එක බලල දොස්තර කියන එක හවසට ලියන්නම්කෝ......

දැනට යසියා   නවතිනවා........   බුදු සරනයි.................

Comments

  1. පරිගණකය ලග පැය 24ම ගත කරන නිසා ද?

    ලොකු ලෙඩක් නම් වෙන්න එපා දෙයියන්ගෙ බුදුන්ගෙ සරණින් (ඔය වෙලාවට විතරයි දෙයියන් බුදුන් මතක් වෙන්නේ )

    බලන් ඉන්නව හවහට....

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අක්කා... මට ඔයා හුගක් සමීපයි මොකද ඔයාගෙ බ්ලොග් එකෙන් මම හුගාක් දේවල් ඉගෙන ගත්ත නිසා......

    ReplyDelete
  3. මට සැකයි කොල්ලො උඹ බොරුවක් කියනවද කියලා ට්‍රේනිං එකට යන්න වෙනවට .......

    මම ඉක්මනින් නිරෝගී සුව පතනවා ......

    ReplyDelete
  4. අනේ යකෝ...ඕකට බැන බැන නේද ඉදියේ තෝ...

    ReplyDelete
  5. අඩෝ ඔය මගුල උබ ඉස්කෝලෙ යන කාලෙ ඉදන් තිබ්බා නේද... ඉක්මනට හොද කරගනින් නැත්තම් පස්සටයි කරදර වෙන්නේ....

    ReplyDelete
  6. කුරුණෑගල පොතුහැර හොද වේද මහත්තයෙක් ඉන්නවා. මගේ යාලුවෙකුට ඔය රෝග ලක්ෂණම තිබිලා ඉංග්‍රීසි බෙහෙත් වලින් කරලා බැරිම තැන එතනට ගියා. දැන් මිනිහට ගොඩක් ගුණයි. වේදනා නාශක බොන්නේ නෑ දැන්. කැමතිනම් ගිහින් බලන්න

    ReplyDelete
  7. @ කල්හාර අයියා: නෑ අයියා මේක ටික ටික ඉස්කෝලෙ කාලෙත් තිබ්බා.දැන් වැඩියි ඉවසන්න බැරි තරමටම...

    @ රත්ගමයා: ඔව් බන් ට්‍රේනින් එකට බැන්නට... මම ඒකට නොගියේ කෙහෙල් මල් කොන්ද නිසා

    @සුපෙර් මාරියෝ: ඔව් බන් ඉස්කෝලේ කාලේ ඉදන් තිබ්බා...

    @ all in one: ස්තූතියි සහෝදරයා මම හොයලා බලන්නම්කෝ...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02