Posts

Showing posts from April, 2011

sri lankan cricket සාර්තකත්වයට හේතු

Image
ලසිත් මාලිංග බලෙන් ශ්‍රී ලංකා කන්ඩායමට ඇතුල් වූවේ නැත. ඔහුගේ හැකියාව දැක පව් යයි සිතී ස්වාධීනය ඔහු ගෙනාවේය.ලසිත්ත කනට පැත්තෙන් පන්දු යවන්නට කියා දුන්නේ දේශප්‍රේමී මහින්ද අබේසුන්දරය. ඊයේ ස්වාධීනය මාලිංගගේ ඇත්ත පෙන්වූයෙන් මම ඔවුන්ට ස්තුතිය පුදකරමි. ඒ නිසා මාලිංග ස්වාධීනය කියනා තරම් කලක් ක්‍රිකට් ගැසිය යුතුය. බ්ලාස්ට්‍ර් ප්ලාස්ටර් කරන්නේද සංගා ඩොංගා කරන්නේද එහි සත්කාරයක් වශයෙනි. තේරීම් කමිටුවෙන් මාලිංග ප්‍රතික්ශේප කල දවසට ඔහු දේශපාලනයට ආ යුතුය. ගරු මහින්ද අබේසුන්දරයන්ගේ මාධ්‍ය හැකියාවත් සමග සසදන කල මාලිංග තවම ඇච්චෙකි.ඔහු තරම් ලසිත් ලෝකයේ ප්‍රුසිද්ද වීත් නොමැත. ලොවපුරා ජනයා අබේගේ තට්ටය අනුකරනය කරමින් සිටීම ශ්‍රී ලාංකික අපට මහගු භාග්‍යකි. අබේ සහ ඒලි ශ්‍රී ලාංකිකයන්ට  කල දේ ලාංකිකයන්ට අමතකව නැත.  1996 දී ආන්දෝලනාත්මකව කාසියේ වාසීන්ගේ තීරන වගකීමෙන් ගන්නට රනතුංගට ද ඉගන්නුවේ ඔවුන් දෙදෙනාය.එදා අපට කුසලානය හිමිවූයේ දක්ශ්‍යතවයට නොව දුටුගැමුනුවන් ඉපදුනූ රත වීම නිමිත්තෙන්‍ ය. ලෝක කුසලානය පුරාවටම ලෝකයට ක්‍රිකට් උගන්නන්නට යන්නට තරම් ලාංකික රනතුංග දේශද්‍රෝහීවීම ගැන අප සැම ලැජ්ජා විය යුතුය.. ඔහුද අ

කාලකන්නයින් අවශ්‍ය කරතිබේ

Image
අර්ථාන්විත කාලකන්නයිනි උබලට නෙමෙයි මේ ආරාධනය. සමාවෙන්න. උබලගෙ කරේ "කාලකන්නියෙක්" "චාටෙර් එකෙක්" කියල බලෙන් බෝඩ් එල්ලාද?? ...එහෙනම් මේ උබ ගැනයි මේ...... නෑ නෑ මේක යසියාගේ බොලද කතාවක් නෙමෙයි. තරුනයෙක් මීට අවුරුදු හතරකට විතර ඉස්සර ටවුමට යනවා ශෝටයි ටී එකයි රබර් කෑලි දෙකයි දාගෙන. ඌට අහුවෙනවා ඌගේ බොක්කක්(එහෙම එකෙක් නෙමෙයි කියලා ඌ දැනගන්නේ) අරූව දැක්ක ගමන් උගෙ මූන රතු වෙනවා. අරූ වට පිට කවුරුවත් ඉන්නවද කියලා බලලා..... "චාටාර් බන්" මූත් මී හරකා වගේ "යන්නාන්" කියාගෙන එනවා. එදා ඌට ටිකක් අප්සෙට්. ඒත් අද බලහල්ලකෝ.. බලපු බලපු අත අරක තමා ෆැශොන්... මේක උදාහරනයක් විතරයි.... අනිත් උන් මේ යකාව අනුකරණය කරල නෙමෙයි..     ඌට අනාගතය පෙනිලද?? නැහැ ඌට අනාගතය දැනිලා ... අපි හදන්නේ ආසියාවේ ආශ්චර්‍යය  වෙන්ඩනේ ...ඒක නිසා...  රට ගොඩ නගන්න "කාලකන්නයින් බොහොමයක් අවශ්‍ය කර තිබේ"

ආයෙත් එන්න රත්තරන්

Image
දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවාලු එයා දැන් මට අයිති නැතිලු මම ගාව තිබුනු ඔයාගෙ පින්තූර සේරම මම මකල දම්මා ඔයා වෙනුවෙන් පොතක් පුරවල ලියා තිබුනු කවි කතන්දර නිසදැස්  මම පිච්චුවා. ඔයා මට ආදරෙන් එව්ව  messeges සේරම මම delete කලා ඒත් තවම මගෙ මතකයේ ඔයා ජීවත් වෙනවා ඒ මේ phone එක නිසා වෙන්න ඇති.. මම ඒකත් විකුනලා දම්මා. තවම ඔයා මගෙ පපුවේ ජීවත් වෙනවා. මම හදවත ගලවලා එලියට ගන්න හැදුවා.. ඒත් ඔයා මාව ජීවත් කරන්න හදපු විදිය මතක් වුනා.. "අනේ plz මාව අමතක කරන්න​" කියලා ඔයා පොර ටෝක් දැම්මට අහසට වඩා පොලොවට වඩා ඔයාට ආදරය කරපු මට ඒක  simple plan නෙමෙයි රත්තරන් ඉස්සර වාගෙම මගෙ ලග ඉන්න පුලුවන්ඳ ආයෙත් ඔයාට​

අපි

Image
කප්පරක් ප්‍රේම කර කෙදිනවත් එක් නොවී එකිනෙකා වෙනුවෙන් සදා දිවි ගෙවන ඔයයි මමයි අනුරාදපුරයේ ගිලුනු කූට්ටම් පොකුනු දෙක වගෙයි නේද?

දේව්දාස්

Image
‎අනඞගයා: "දේව්දාස් උබ මැවූ සිහින මැදුරේ දොරකදත වෙල නිදන්නෙ ඇයි?" දේව්දාස්:   "උබ එකම ගැහැනියකට ඊතල දෙකක් විද්දා.ඇගේ විලාපය අසනු බැරිව මා මට වෙන්වූ ඊතලය ගලවා දැමුවා." අනඞගයා: "මම උබට වෙන ගෑනියක් සොයා දෙන්නම්." දේව්දාස්:    "එපා එපා. මම මෙහෙමම ඉන්නම්." (අරක්කු බොතලයක් දෙයි) අනඞගයා: "ඕන උනොථ් මේක පාවිච්චි කරපන්.." දේව්දාස්: "ස්තුතියි මහත්මයා" අනඞගයා:"හැබැයි මට උබට සුබ පතන්න බෑ."

සිහිනය

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ.වෙලාව උදේ නමයයි.අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්. වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද? හෙමීට දොර ඇරියා. "මතකයට මගේ ඔබ ඇ." "හුටා" "මෙහෙ එනවා..කෝ බලන්න..නෑ තව ලගට එනවා" "නෑ.. මේ..  මං.. මේ..අර..." "අපෝ තමුසෙ ගාව ගද විතරක්.රස්තියාදුවයි ජරාවයි.චික් මල්ලි" අක්ක අඩනවා. "සොරි අක්කෙ ආයෙ නෑ.ප්ලීස්" අක්කා මගේ කනෙන් ඇල්ලුවා. "ඌයි." "ආයෙමත් ජරාව බොනවකෝ මම කරන දේ බලාගන්න"   ***************************************** "නැගිටපං බන්.අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්." ****************************************** "අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ඇය

Image
"ට්‍රෑන් ට්‍රෑන් " මම ගේට්ටු කනුවක  සවිකර තිබු ස්විචය තද කලෙමි.කොල පැහැ ගේට්ටුවට එපිටින් වූ නිවසේ දොර විවරවන නාදයත් සමගම වයස 60 ක පමන සිරියාවන්ත කාන්තාවක් මා දෙසට පියනගන්නට වීය. "මේක විශ්මි නුගදෙනියලගේ ගෙදරද" මාගේ ස්වරය  නිසාදෝ ඈ සිනහවක් පා "ඔව් පුතා එහෙ තමයි. " "මට එයාව හම්බවෙන්න පුලුවන්ද ආන්ටි" "ආන්ටි එයාට ආවම මේ.." දුවනම් වැඩට ගිහින්.ඒත් මයෙ හිතේ මග එනගමන් වෙන්න ඕන. මා අතවූ මදක් විශාල පෙට්ටිය ඈයට දෙන්නට හදන වටම ඈ "තව ටිකකින් දුව ඒවි. හම්බවෙලාම යන්න පුතා" "දැන් ඒවි නේද" "ඔව් යන් පුතා ඇතුලට" ඈ පුතා යැයි ඇමතුවේ හදවතින්මය.මා නිවස හැරදා ගිය දින සිට මෙතුවක් කලක් කලක් එවන් අරුත්බරව  කිසිවෙකු මා අමතා නොතිබිනි. ඈ ගේට්ටුව විවරකර මා අඩි 30 ක් පමන එපිටින් බටර් පැහැයෙන් බිත්ති ආලේපිත මධ්‍යම ප්‍රමාණයේ නිවස දෙසට කැදවාගෙන ගියා ය. "එන්න පුතා ඇතුලට." පාවහන් යුවල ගලවා පා පිස්නෙන් පසක තැබු මම පාද පිසදමා නිවසට ඇතුලුවීමි. "ඉදගන්න" දොරට පිටුපා වු සුවපහසු ලෙදර් සෝෆාව  දෙසට අත යෙමී ය. මා හිදගන්නවාත් සමගම ඈ