ආව එවුන්

Thursday, June 14, 2012

මතකයි මන්දා....


දයාබර පූජා:;

සොදුරු සැදෑවක අතැගිලි පටලාලා
සෙනග පිරිච්ච මංමාවත් දිගේ යන්නකොට...
තනකොල එලපු උද්යානයක හාන්සිවෙලා
නිල් සුදු අහස දිහා බලාගෙන ඉන්නකොට...
මුහුද පෙනෙන මායිමේ ගලක් උඩට වෙලා..
ඉනවටේ අතදාලා උනුහුමට තුරුල් කරගන්නකොට...
දෙන්නගෙම හදවත් නැවතුනා...
මතකයිද දන්නේ නෑ.........


සාරියක් ඇදගෙන මුලින්ම වැඩට ගිහින් ඇවිත්..
ගාලුපාර අයිනේ වැටකෙයියා ගහක් යටටවෙලා..
"මම ආයෙත් මේ කෙහෙල්මල් රස්සාවට යන්නෙ නෑ"
 මුහුන රතු කරගෙන ඇඩුවාම ඔය නලල් පරිස්සමට ඉම්ඹා...
පලවෙනි පඩියට, මගේ අතේ පාලුව මකන්න, රොලැක්ස් ඔරලෝසුවක් ගෙනාවාම..
"මොන එකකට සල්ලි නාස්තිකලාද? . මම ඔරලෝසු බදින්නේ නෑ"
මම බැන්නා.. දවස් දෙක තුනක් යනකල් කතාකලෙත් නැතුවා..
මතකයිද මන්දා..........


ගෙවල්වලට ආරංචි වෙලා.. දෙපැත්තෙන්ම ගිනිගෙඩි පහත් වෙද්දී...
ඔයා යන එන හැම තනකටම දන්න අය පස්සෙන් එද්දී...
"අනේ අපි පැනල යමු .. තියෙන විදියකට ජීවත්වෙමු"
මගේ අත්දෙක පපුවට තුරුලු කරගෙන කියපු හැටි,
ඇස් රතුකරන් හඩපු හැටි... :) :) :) :) :)
එදා මම බලෙන් ගෙදර එක්කගෙන ගියේ...
ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අපි බැනුම් අහපු හැටි...
මත්කයිද මන්දා...........


කොහොම මතක් වෙන්නද...
ඒ අපි එකට ඉපදුනේ පෙර ආත්මෙදිනේ..
අද ලෝකය දියුනුයි... හුගක් දේවල් තියෙනවා..
ආදරය පෙන්නන්න... ආදරය විදින්න...
කෙල්ලෙක් කොල්ලෙක්ව සිපගන්න එක අද ලංකාවේ සදාචාරාත්මකයි...
ඉස්සර දේවල් ආයෙත් මතක් කරගන්න...
එනවද කොටුවෙ ස්ටේශන් එක ගාවට...
මම ඉන්නවා මග බලාගෙන හොදද...


මීට...
ආදරනීය සාගර





මවාගත් ලෝකයක ජීවත්වන ඇයට ලියන්නමි

යුවතියක් තමන් මේ ලෝකේ අන්තිමටම විශ්වාස කරන්න සූදානම් පිරිමියා ගැන මේ තරම් කුතුහලයක් ඇයි??

අපේ ජීවිත හරියට මම මුහුද වගෙයි. ඈතින් දැක්කාම මහ මුහුදෙ උනුහුමට ගිලෙන්න හිතෙනවා..ඒත් ගිලුනාම ආයෙත් ඈතට එන්න පුලුවන්ද?
වාසනාවයි දයිවයයි මත වෙනස් වෙනවා...

"මම කලාකාරයෙක් මිසක් ජනමාඳ්යවේදියෙක් නෙමෙයි..."

මේ දෙන්නාගේ තියෙන්න ඕන වෙනස මොකක්ද?
ජනමාද්යවේදියා තමන් දකින් දේ ඒ විදියටම තවත් තැනක නිරූපනය කරනවා..
ඒත් කලාකාරයා: තමන්ට අතට අසුවන අමුද්‍රව්ය  ඇසට දකින්න ප්‍රියයි කියලා තමන්ට හැගෙන ආකාරයට වෙනස් කරනවා... ඒ නිර්මානයත් හරියට තේකක් වගෙයි.. කොච්චර කිරි ඕනෑද.. කොච්චර සීනි ඕනෑද කියන එක... බොන පුද්ගලයා මත වෙනස් වෙනවා...

සමාජයයේ ගොඩක් කලාකාරයන්ට පිස්සු ඇයි??

ඒ එයාලා අනිත් අය සම්මත කරගත්ත ඇස් වලින් නැතුව තමන්ගේ ඇස්වලින් ලෝකය බලන හින්දා...
අද මහා ලොකුවට අපි ඉගෙන ගන්න බර වචන කිව්ව ගොඩාක් විද්යාකාරයොත් ඒකාලේ පිස්සෝ කියලා හංවඩුගැහුනාලු...

ඒත් කලාකාරයා සර්වසම්පූර්නයි කියන්න මම උත්සාහකරන්නේ නෑ.. කලාකාරයත් මනුස්සයෙක්.. මිනිස්සු වැරදි කරනවා.. වැරදි කරන්නේ මිනිස්සු විතරයි...ඒ උන්ට තර්කාන්විත මොලයක් තියෙන හින්දා... අනිත් සත්තු බොහොමයක් උපතින්ම දැනුම අරගෙන එනවා... මනුස්සයා දැනුම කාගෙන්හරි උකහාගන්නවා..ඒකනේ සත්තු ස්කෝලේ යන්නේ නැත්තේ....

අපි ලියන හැමදෙයක්ම 100%ට 100ක් මනඃකලිපිත නෑ.. එහෙම වුනාම ඒකේ කිසිරහකුත් නෑ.. ඒත් ජීවිතේ යම්කිසි අත්දැකීමක් එක්ක ලියන දෙයක් ඒ විදියට අපි ලියන්නෙත් නෑ,, සමහර වෙලාවට අනුන්ගෙන් හොරකම් කරගත්ත ලෝක වල අපිට ජීවත්වෙන්න සිද්ද වෙනවා...අපිට කොච්චර තිබුනත් අනුන්ගෙ පිච්චියක තියෙන වටිනාකම අපේ පිච්චියට වඩා වැඩියි..


අවසානයට මම මෙහෙම ලියනවා...
ඔයා නැතුව මේ ලොකේ ඕනම කෙනෙක් මම ලියන මොකක්හරි ඇත්තක් හැටියට හිතනවා නම් මම දෙආකාරයකින් සංතෝස වෙනවා...
* මගේ හිගන බ්ලොග් එක කියවන එක ගැන..
* මට කියන්න ඕන වුන එයාලට ඇසීම ගැන..

ඒත් ඔයා මම ලියන ලිපියකින් මගේ personality එක අර්තකතනය කරන්න යනවානම් වැරදි විදියකට.. මම සංතෝසවෙන්නේ එක අකාරයකින් විතරයි...

""ඒ ඔයා මගේ බ්ලොග් එක කියවන එක ගැන"







..ලෝකේ හොදම සහ නරකම මනුස්සයා නොවන මම..

යසියා