Posts

Showing posts from April 25, 2011

සිහිනය

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ.වෙලාව උදේ නමයයි.අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්. වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද? හෙමීට දොර ඇරියා. "මතකයට මගේ ඔබ ඇ." "හුටා" "මෙහෙ එනවා..කෝ බලන්න..නෑ තව ලගට එනවා" "නෑ.. මේ..  මං.. මේ..අර..." "අපෝ තමුසෙ ගාව ගද විතරක්.රස්තියාදුවයි ජරාවයි.චික් මල්ලි" අක්ක අඩනවා. "සොරි අක්කෙ ආයෙ නෑ.ප්ලීස්" අක්කා මගේ කනෙන් ඇල්ලුවා. "ඌයි." "ආයෙමත් ජරාව බොනවකෝ මම කරන දේ බලාගන්න"   ***************************************** "නැගිටපං බන්.අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්." ****************************************** "අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"