අවාසනාවට ඇත්ත කතාවක්
අද දවසට දාන්න පෝස්ට් එකක් ලියන්න මාර විදියට අමාරුවුනා. වෙනදානම් පෑන අතට ගත්තාම මොනොවාම හරි ලියවෙනවා මම දන්නේත් නැතුව."1st true love is unforgettable" කියල කවුරු හරි බූට් කාපු එකෙක් ඇත්ත කතාවක් කියල තියෙනවානේ..ආහ් අමතක වුනා ඕයි... මචන් රත්ගමයා නුබ මගේ මොන්ටිසෝරි කාලේ ඉදන් මිත්‍රයෙක්.. මාව බ්ලොග් එකට එක්කරන් ආවට උබට හුගක් පින් මචන්. දැන් බ්ලොග් එක මගේ ජීවිතය වෙලා... එයාව එක්කරගෙන ආව නගා ත් මට ඊයෙ බුකියෙදි හම්බ වුනා. ඕන් එහෙනම් කතා පොජ්ජ පටාන් ගන්නවා පින්වතුනී එහෙම නැත්නම් පව්කාරයිනි..:P මගේ බ්ලොග් එක මුලින්ම ඉදන් කියවපු අය දන්නවා ඇති මන් කොච්චර නාහෙන් අඩ අඩ කතා ලිව්වද කියලා. කෙල්ල වෙන කෙනෙක් බදින ඒවා නැත්නම් ඒ වගේ දුක හිතෙන ඒවා... ,මතකයි නේ ( ;) නෑ කියල මම දන්නවා). අන්න ඒ කෙල්ල වෙනුවෙන් මම ජීවත් වෙන්න හිතුවා. එයා මගේමයි කියල හිතුවා....මගුල තමයි.. එහෙම නෙමෙයි අන්තිමට දෙවෙනි වතාවටත් එයා මගෙන් ඈත් වුනා..මොනා කරන්නද හලො?.... ලෝකේ ඉන්නේ එක කෙල්ලද????? ඒත් ඒකිගෙන් බැනුම් අහන්නේ නැතුව මට ඉන්න බෑනේ... එයා ආයෙත් මගේ යාලුවෙක් වෙන්න නම් එයා කොන්දේසි දෙකක් දැම්මා.......ඒවත් ඕන...