Posts

Showing posts with the label කෙටි කතා

ප්‍රතම හාදුව ... first kiss

Image
කහ පාට සාරියට ගැලපෙන නාරි රූපය බස් නැවතුමෙහි බලා සිටින්නේ මා එනතුරා ය. උදයේ ගැල්වූ මේකප්  හිතක් පපුවක් නැති අවුවට සේදී ගොසිනි.. නමුත් මම ආසම සමන් පිච්ච සුවද නම් තවමත් ඇගෙන් විහිදෙනවා ඇත.. විටින් විට අතැදි ඔරලෝසුව දෙස බලමින්ද,  විටෙක උස් පාවැඩි සගලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් වට පිට බලමින්ද, ඈ සොයන්නේ මගේ රූපය යි.. මා සිටිනා තැනට ඇයව හොද හැටි පෙනුනත් ඇයට නම් මා නොපෙනෙයි... ඇය නමින් සෙව්වන්දිය.. ලොව දෙවනියට ගුනයහපත්ම කාන්තාවයි.. දෙවනි වන්නේ අම්මාට පමනය...  සිගරට්ටුවේ ඉතිරි ෆිල්ටර කොටය මා  පොලවේ අතුල්ලා නිවා දැමීමි.. නාල හඩනගමින් ඉගිල්ලී යන රතවාහන මැද්දෙන් මම පරිස්සමෙන් පාර පැන ගතිමි.. ඇගේ මුවගේ සිනාවක්  නැගුනි.. මමද ඇයව දිටි බව ඈ දැන ගත් සැනින් ඒ මුහුන තරහවෙන් සායම් කර ගත්තා ය. " මොනවද තරිදු කරන්නේ.. දන්නවද මම කීයටද ආවේ කියලා.." "ඔයා ආවේ හතරහමාරටනේ ?" " හ්ම්... එහෙනම් ඇයි පරක්කු වුනේ..." "මේ.. පිස්සි.. අපි කොහෙට හරි ගිහිල්ලා රන්ඩු වෙමුද... නැත්නම් අර පුන්චි උන් නරක් වේවි.." "කෝ බයික් එක .." " විනාඩියක් ඉන්න මම අරග...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ...

බංකුව

Image
"ඔයා මට කොච්චර ආදරේද අසංක?" "මොකද එකපාරටම?" "නෑ.මට දැනගන්න ඕන." "ඇයි කවුරුත් මුකුත් කිව්වද?" "නෑ" "එහෙනම්?.කෙල්ලට මාව අවිස්වාසද?" "මටත් වඩා.මමීටත් ඩැඩීටත් වඩා විස්වාසයි." "ඉතින් එහෙනම් අහන්නේ?" "අනේ කියන්නකෝ.ඔච්චර නපුරුවෙන්නෙ ඇයි?" (අනේ පව්.තවම සුදු මූණ බෙරිකරගෙන,දුකේ බෑ.) "මෙච්චරක් ආදරෙයි කියල පෙන්නන්න ආදරේ හුගාක් වැඩී දරුවෝ" (කලබලෙන් මගේ අත ඒ අත් අස්සෙ හිරකරන් උරේ ඔලුව තියාගත්ත.)                                                                                                     ...

කෝපල්

Image
එකදවසක් ගමේ එද්දි කොල්ලො ටික සින්දු කිය කිය ඉස්සරහින් ආපු බස් එක ''ඩෝං'' සද්දයක් එක්ක උඩගියේ  දඩාර ගිනිජාලාවක් මැද්දෙන්.. අම්මව තාත්තව, සහෝදර සහෝදරයන්ව,තමන්ගෙ බිරිදව නැත්නම් කෙල්ලව බලන්න කෑම්ප් එකෙන් එලියට ආපු අපේ කොල්ලො එදා ඇස් පනාපිටම උන්ගෙ බලාපොරොත්තුත් තුරුලුකරගෙනම පනපිටින් ආදාහනය වුනා.. දවස් 10 නිවාඩුවට ගෙදර ඇවිල්ල අම්මගෙ කකුල් දෙක අල්ලලා වදිනකොට,,''මගෙ රත්තරන් පුතේ''කියලා මගේ අම්මගෙ ඇස්වල තියෙන කදුලු හැමදාම ඒ කම්මුල් හෝදනව කියල ඉස්සර ලීව් ආව වෙලාවක පොඩ්ඩි කිව්වෙත් බයෙන් බයෙන්. රෑට හීනෙන් ''අනේ පුතේ' 'කියාගෙන නැගිටින අම්ම රෑ එලිවෙනකන් අඩනවලු. පොඩිකාලේ ඉදන් මාත් එක්ක එකට හිටපු එහාගෙදර පසිදු ගිය අවුරුද්දෙ ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියකින්.සීත නැන්දගේ ඒ දුක අපේ අම්මටත් අයිති වේවිද? කියල මමත් බයෙන් හිටියෙ. ''අනේ රත්තරන්,ආයෙත් නම් ඔයා යන්න එපා.ඔයාට මොකක් හරි වුනොත් මමනම් එක දවසක්වත් ජීවත්වෙන්නෑ අයියේ'' සුදු නංගි කිව්වෙ අඩාගෙන, ''මට මුකුත් වෙන්නෙ නෑ වස්තුවේ'' කියලා ඒ සිනිදු කම්මුල් සිපගන...

ඉතින්

Image
ඇස් දෙක ඉස්සරහින් ඒත් ටිකක් ඈතින් මහ මුහුද මැද්දේ තිබුනු ඔරුවක් එකපාරටම නොපෙනී ගියා.කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න බැරි හින්දම පාරට බැස්සෙ යන්න තැනක් හොයාගෙන නෙමෙයි.හෙමිහිට හෙමිහිට  බස් හෝල්ට් එකට කකුල් දෙක මාව එක්ක ගියා.බස් එකක් ඇව්ත් නතරකරපු හින්දම පස්සෙ දොරෙන් එල්ලිලා කනුවක් ගාව නතරවුනා. ''කොහාටද?'' කොන්දොස්තර අත දික්කලා.. ''කොහාටද බං මේක යන්නෙ?'' ''ගාලු'' ''එහෙනම් ගාල්ලට එකක් දියන්'' මම අතේ ගුලි වෙච්ච විස්සෙ කොලේ දික්කලා.. ''දෙකක් තියෙනවද?'' මුගෙ අම්මට..මේ නරියට මොකටද ඒ වගක්? දෙකක් තියෙද්දිත් මම නැතැයි කිව්වෙ ඕනකමින්මයි. කරත්තයට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ මුනකුත් එක්ක කොන්ද යන්න ගියා.ඊට පස්සෙ මෙතනට එනකන් සිද්ධවෙච්චි මෙලෝ දෙයක් මට නම් මතක නෑ.. ''මල්ලි රුපියල් සීයක් දීපන්'' මම ගැස්සිල ගියා.රැවුල් කොන්ඩ වවාගත්ත හිපියො දෙන්නෙක් ඇවිල්ල මරුමුස් පාට් එකෙන් ඇහුවා. ''නෑ'' ''පර්ස් එක පෙන්නපං එහෙනම් බලන්න.'' මල කෙලියයි එනපොට නම් හරි නෑ.කෝකටත් කියල මම...

අන්තර් සෘතුව {mekata wiwaranayak denna puluwan ekkenek innawanam plz do that.. mama meka tiakak hithala liwwa ekak..

වසන්තය නිමා වෙලාද? සුදු ඇදුම ඇගලා පොත් හතර අතට ගෙන තෙල් බේරෙන කොණ්ඩය අතින් හදමින්,ඉරුන සපත්තු දෙක දාගෙන බයෙන් බයෙන් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල්වෙච්ච කාලය අහවරයි.ආයෙත් ඉස්කෝලෙ යන්න ඕන වුනත් නිල ඇදුම තවත් අදින්න බෑ.ආයෙත් ඉස්කොලෙට ගියත් අපි උන් තැන්වල අපේ උන් අද නෑ.කවුරුවත් අපේ කොන්ඩ රැවුල් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ.. අපි නාකි වෙලාද? එකේ ඉදල එකොලහ වෙනකන් බුද්ධාගම මිස් කියන්න හැදුවෙ ඕක වෙන්න ඇති..හැමදෙයක්ම අනිත්‍යයිලු.ඒකියන්නෙ වෙනස් වෙනවලු.අපිත් එක්ක ඉදපු එවුන් අද කැම්පස් වල,අපේ එවුන් ගැන ලොකුකමට කතාකරන්න නම් හුගක් දේවල් තියෙනව.උන් ගැන කථාකරද්දිත් පපුවට මාර සතුටුයි.. කාලයත් එක්ක අපි රේස් දිව්වා,ඒත් කාලය අපිව පහුකරල හුගක් දුර ගිහිල්ල,අපි අතරමං වෙලාද?වෙන්න බෑ අපි දන්නවා කොහෙටද යන්න ඕන කියල.ප්‍රේම නවකතා,සඟරා වල ඉන්න ප්‍රේමවන්තයව ඇගට ආරූඩ කරගෙන කථාව ඇතුලෙ අපි ජීවත් වෙනව,දැන් මට අවුරුදු 20ක් වෙනව,හොද කෙල්ලක් හොයං පලහිලව්වක් පටන්ගන්න කාලෙ නම් හරි,නැත්තම් නාකිවෙලා ලව් කරන්නද බං? හෙට අනිද්ද රිසල්ට් ඒවි.හෙට එනවයි කියල නිච්චියටම කියලත් සතියක් යනව රිසල්ට් එන්න.මොකක් ආවත් ආයෙමත් විභ...