කෝපල්

එකදවසක් ගමේ එද්දි කොල්ලො ටික සින්දු කිය කිය ඉස්සරහින් ආපු බස් එක ''ඩෝං'' සද්දයක් එක්ක උඩගියේ  දඩාර ගිනිජාලාවක් මැද්දෙන්..

අම්මව තාත්තව, සහෝදර සහෝදරයන්ව,තමන්ගෙ බිරිදව නැත්නම් කෙල්ලව බලන්න කෑම්ප් එකෙන් එලියට ආපු අපේ කොල්ලො එදා ඇස් පනාපිටම උන්ගෙ බලාපොරොත්තුත් තුරුලුකරගෙනම පනපිටින් ආදාහනය වුනා..

දවස් 10 නිවාඩුවට ගෙදර ඇවිල්ල අම්මගෙ කකුල් දෙක අල්ලලා වදිනකොට,,''මගෙ රත්තරන් පුතේ''කියලා මගේ අම්මගෙ ඇස්වල තියෙන කදුලු හැමදාම ඒ කම්මුල් හෝදනව කියල ඉස්සර ලීව් ආව වෙලාවක පොඩ්ඩි කිව්වෙත් බයෙන් බයෙන්.
රෑට හීනෙන්
''අනේ පුතේ'
'කියාගෙන නැගිටින අම්ම රෑ එලිවෙනකන් අඩනවලු.

පොඩිකාලේ ඉදන් මාත් එක්ක එකට හිටපු එහාගෙදර පසිදු ගිය අවුරුද්දෙ ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියකින්.සීත නැන්දගේ ඒ දුක අපේ අම්මටත් අයිති වේවිද? කියල මමත් බයෙන් හිටියෙ.

''අනේ රත්තරන්,ආයෙත් නම් ඔයා යන්න එපා.ඔයාට මොකක් හරි වුනොත් මමනම් එක දවසක්වත් ජීවත්වෙන්නෑ අයියේ''
සුදු නංගි කිව්වෙ අඩාගෙන,
''මට මුකුත් වෙන්නෙ නෑ වස්තුවේ''
කියලා ඒ සිනිදු කම්මුල් සිපගන්නකොට කටට ලුනු රහක් දැනුනා..

මට තවම මතකයි එකපාරක් ගෙදර ඉදන් කෑම්ප් එකට යද්දී A9 එකේ මග ටෙරා ඉන්නව කියල ඒ ටික ක්ලියර් කරනකන් අපිට සතියක් අනුරාධපුරේ බේස් එකේ ඉන්නවුනා.කෑම්ප් එකට ගිහිල්ල රිපෝට් කරනකොට බෑග් එක පුරවල අම්ම හදල දීපු කැවුම් පුස්කාල.අම්ම ආසාවෙන් හදල දුන්නත් මේවා සර්ලට දෙන්නෙ කොහොමද?සමහර විට ගෙදරින් ගෙනාපු කෑමක් කන අන්තිම වෙලාවද?

බයෙන් බයෙන් ලුතිනන් සර්ට සිද්දිය කියද්දි  සර් කිව්වෙ ''ඔය පුස්ටික ගසලදාල ටිකක් ඔෆිසර් මෙස් එකට එවපං  මම එවන්න කිව්වයි කියල.''''උඹල ඔක්කොමත් හැබැයි කාලතියෙන්න ඕන.''

අන්තිම දවස්වල අපි හිටියෙ මරු විකාරෙන්.ෆයර් කර කර ඉස්සරහට ගියේ ආයෙමත්  ඇවිදගෙන එන්න බැරිවෙන්නත් පුලුවන් බව දැනගෙන.
''පුතේ මේක උඹලගෙයි.මගෙයි අම්මා.මට මගෙ අම්මව බේරල දීපං.''
කමාන්ඩර් සර් නිතරම ඉස්සරහට ඇවිත් අපේ මොරාල් අප්කලා.ඒ දුන්න ගැම්ම ආමි එකේ ලොකු පොඩි හැම එකාටම එකවගේ ලැබුනා.

අපේ ඇටෑක් එකකට කලින් අලුතෙන් ආපු පොඩි කොල්ලන්ගෙ ඉදන් ඔෆිසර්ල ඉදන් පැත්තකට වෙලා ඇඩුවා.
''ගෙදර මතක් වුනා බං''
කියල අපිව දැක්කම කදුලු පිහිදගත්ත.ඒකාලෙදි ඒවගේ දේවල් ෆුල් නෝමල්..

ඔහොමෙන් කොහොම අපි දැන් අලුත් නිදහස් රටක්.දැන් පපුව පුරවල හුස්මක් ගන්න පුලුවන්.දැන් අපි ඉන්නෙ සතුටින්,අපේ ගෙවල්වල අය ඉන්නෙ සතුටින්.කෙල්ලත් හැම තිස්සෙම හිනාවෙලා ඇති.අපේ උන් ගැන පත්තරේ කියෙව්වම ඇගේ මයිල් කෙලින් වෙනවා.

''දැන් මංගල මුදු මාරුකරගන්න''
ලෝකෙ වටේ කරක්ගහපු දඩබ්බර හිත ආයෙමත් පෝරුව උඩ නතරවුනා.

අවුරුදු ගානක ඉදන් සුදු නංගිගේ ඇගිලි අස්සෙ රිංගන්න බලාගෙන ඉදපු පවුම් දෙකේ මුද්ද ආත්මය පුරාවට සිනිඳු අතැගිලි අස්සෙ හිරකලා.

Comments

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

ගුබ්බෑයමේ ඈ