Posts

Showing posts from June 2, 2011

පුංචි කෙටිකතාවක්--03

Image
"ශික්... අයියෝ" "මොකද ඒපාර" "ගෙදර යතුර අමතක වුනානේ" "ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?" "ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?. අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා" "හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ" "හ්ම්." "බයයිනේ... මහ ලොකු චන්ඩියා.." "මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී." "එහෙමද?" "මොකද එහෙමද අහන්නේ?" "ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන" "වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා" "ඒ මොකද එහෙම කියන්නේ?" "ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ" "මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව" "ඉන්න මම තේකක් හදාගෙන එන්න.." "අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?" "අනේ සොරි අය්යෝ.. අමතක වුනා.." "එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.." "අප

පුංචි කෙටිකතාවක්--02

Image
"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්" "කියන්න සාජන්" "සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?" "ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල" "කෙල්ලනම් හැඩයි නේද සර්" "සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.." "සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ." "බලමු බලමු අයිසේ" "සර් අර ගෑනු ලමයා....." "මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?" "සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.." "සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.." "අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.." "හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ" "ඕකේ සර්" ******************************** "එක්ස්කියුස් මී මිස්" "යෙස්" "හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?&quo