Posts

Showing posts from December 23, 2014

"සහෘර්දයානෙනි, මේ ආයාචනාවන් අපගේ මෙන්ම නුබගේද හෙට දිනය උදෙසායි."

අප අට පාස් උන්ට කුනුහර්ප කීවේ ඉස්සර ය. නමුත් අද අපි යථාර්තය දනිමු. නුබ සම්මාන හයක් සමග සා පෙල සමත් බව ද අපි දන්නෙමු. නුබද බුද්ධිමත් ය. නුබේ මොලය සහ හර්දසාක්ශිය පිලිබද ව අපි තර්ක නොකරන්නෙමු. නමුත් නුබේ අසරනතාවය සහ නුබේ දුප්පත්කම විසින් තනන්නාවූ සිදුර තුලින් සිදුවන්නාවූ හත් හෙනක් ගසනා පාපකර්මයන් අපි අගය නොකරන්නෙමු. නුබට ද කරන්නට දෙයක් නැත. එයද අප අවබෝද කරගෙන හමාරය. නමුත් දුකනම්, නුබ අද පාපහර ගසන්නේ රටේ අනාගතයටයි. ඒ හයි ප්‍රෙශර් ජලයෙන් සෝදා පාලු වන්නේ රටේ බුද්ධිමත් බවයි. නුබේ ග ෙරවීමෙන් හඩන්නෙ රටේ තාරුන්‍යයයි. නුබට අපි ගෙදර යන්නට නොකියමු. අපි නුබට සාප නොකරන්නෙමු. නමුත් උන් නුබව අතකොලුවක් කරගත ද ඉන් තැලෙන්නේ හුදෙක් දැව පිඩක් නොව ඒ නුබ නියෝජනය කරන්නාවූ පන්තියයි.ඒ නුබ නියෝජනය කරන්නාවූ පරපුරයි. අපි නුබට අනුකම්පා කරමු. අපටත් පෙර නුබේ හර්ද සාක්ශියට විලංගු වැටී හමාරය. නුබේ හැගීමි මිහිදන් කර හමාර ය. රාත්‍රියට නුබට නිදි නොයේනා බව ද අපි දන්නෙමු.අපි නුබට ද සුභ සිහින පතන්නෙමු.. අද මහමග තැලුනේ නුබ සමග ටියුශන් ගියා වූ සහෝදරියයි, නැතිනම් සහෝදරයායි. පාසල හැරී නුබ සමග බසයේ ගිය මිතුරායි , මිතුරි