"සහෘර්දයානෙනි, මේ ආයාචනාවන් අපගේ මෙන්ම නුබගේද හෙට දිනය උදෙසායි."



අප අට පාස් උන්ට කුනුහර්ප කීවේ ඉස්සර ය. නමුත් අද අපි යථාර්තය දනිමු. නුබ සම්මාන හයක් සමග සා පෙල සමත් බව ද අපි දන්නෙමු. නුබද බුද්ධිමත් ය. නුබේ මොලය සහ හර්දසාක්ශිය පිලිබද ව අපි තර්ක නොකරන්නෙමු. නමුත් නුබේ අසරනතාවය සහ නුබේ දුප්පත්කම විසින් තනන්නාවූ සිදුර තුලින් සිදුවන්නාවූ හත් හෙනක් ගසනා පාපකර්මයන් අපි අගය නොකරන්නෙමු. නුබට ද කරන්නට දෙයක් නැත. එයද අප අවබෝද කරගෙන හමාරය.
නමුත් දුකනම්, නුබ අද පාපහර ගසන්නේ රටේ අනාගතයටයි. ඒ හයි ප්‍රෙශර් ජලයෙන් සෝදා පාලු වන්නේ රටේ බුද්ධිමත් බවයි. නුබේ ගෙරවීමෙන් හඩන්නෙ රටේ තාරුන්‍යයයි. නුබට අපි ගෙදර යන්නට නොකියමු. අපි නුබට සාප නොකරන්නෙමු. නමුත් උන් නුබව අතකොලුවක් කරගත ද ඉන් තැලෙන්නේ හුදෙක් දැව පිඩක් නොව ඒ නුබ නියෝජනය කරන්නාවූ පන්තියයි.ඒ නුබ නියෝජනය කරන්නාවූ පරපුරයි. අපි නුබට අනුකම්පා කරමු. අපටත් පෙර නුබේ හර්ද සාක්ශියට විලංගු වැටී හමාරය. නුබේ හැගීමි මිහිදන් කර හමාර ය. රාත්‍රියට නුබට නිදි නොයේනා බව ද අපි දන්නෙමු.අපි නුබට ද සුභ සිහින පතන්නෙමු..
අද මහමග තැලුනේ නුබ සමග ටියුශන් ගියා වූ සහෝදරියයි, නැතිනම් සහෝදරයායි. පාසල හැරී නුබ සමග බසයේ ගිය මිතුරායි , මිතුරියයි. නුබටද සංවේගයක් ඇත. අපි එයද දන්නෙමු. නමුත් මෙය සුභ නිමිත්තක් නොවන්නේ ය. රත් වූයේ තාරුන්‍යයේ රුධිරය පමනක් නොවෙයි. මුලු දේශයේම රුධිරය යි.
දොස්තරට සැත්කමක් කරන්නට කිසිවකු කියන්නේ නැත. ගුරුවරයෙකුට උගන්වනයුරු ද කිසිවකු නොකියයි. නමුත් නුබට ලැබෙන්නාවූ අහක දැමිය නොහැකි උපදේශයන් ගැන අපි දන්නෙමු. නුබ ගැන අපිද දුක්වන්නෙමු.එදා නුබට තවත් ලකුනක් දෙකක් ගන්නට පිනක් තිබුනා නම් අද උන් සමග නුබත් තැලෙන්නට බොහෝ ඉඩ තිබුනි.
අද සිදුවූ දෙය අසීරුවෙන් වුවද අමතක කර දමමු. එය ඉතිහාසයේ ලියවී අවසානය. නමුත් අපට අනාගතය තුල මෙවන් දෙයක් යලි නොවන්නට කටයුතු කරන්නට සිදු වී ඇත. එයට නුබද සම්මාදම් විය යුතුම ය. නුබට ගෙදර යා හැකි ය. නමුත් වෙනකෙකු නුබේ තැනට එනු ඇත. උන්ටද මෙයම යථාර්තයක් වනු ඇත. කොට්ටය මාරු කිරීමෙන් පමනක් හිසරදය සුන් නොවන බව අපි දනිමු. මේ ඖෂද ගැනීමට කාලයයි. හෙට අනිද්දා ඒ පැනඩෝල් පෙත්ත අපට පෙර නුබේ අතට එනු ඇත. ඒ නුබේ වටීනා තැපැල් චන්දයයි.
ලෝගුවේ වටිනාකම රැකෙනාවූ , නිදහසේ සුවද විදින්නාවූ , සුව සිහින ලැබෙන්නාවූ , අනිද්දාවක් වෙනුවෙන් හෙට නුබේ චන්දය භාවිතා වේයයි අපි විශ්වාස කරන්නෙමු.
"සහෘර්දයානෙනි, මේ ආයාචනාවන් අපගේ මෙන්ම නුබගේද හෙට දිනය උදෙසායි."

Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02