සන්දි
යායුතු තැනක් නොමැතත් කොහුවලින් නුගේගොඩ දෙසට යතුරු පැදිය හැරවූවෙමි. කෙතරම් සිත කීවත් වේගය වැඩි කල නොහැක.. රැකියාස්තානයෙන් නික්ම නිවෙස් වෙත දුවන දහසකුත් මිනිසුන් මැද නිවහනක් නොමැති එකම පුද්ගලයා මම ද?? ලානිල් තද නිල් බ්ලවුසයක් සහ නිල් ඩෙනිමකින් සැරසුනු අඩි පහයි පහක පමන තරුනියක් රිදී පැහැ කුඩයක යටින් කලබලයෙන් ඉදිරියට ඇදෙයි. මා යතුරු පැදියේ වේගය අඩු කර තවත් පාරේ වම්පසින් ඉදිරියට ඇදුනෙමි. වම අතට හැරුනු ඈ අසල පිහිටි නිමි ඇදුම් වෙලදසැලකට පිවිසියාය. මම ද වමට සිග්නල් දමා යතුරු පැදිය පාරෙන් ඉවතට කලෙමි.. " ස්‍ර්.. බයික් එක අතනින් පාර්ක් කරනවද?" " ඕකේ.." විගහින් යතුරු පැදිය තාප්පයක මුල්ලට කල මා.. හැඩලය ලොක් කර .. වෙලෙද සැල වෙතට දීවෙමි.. "ස්‍ර් හෙල්මට් එක" හෙල්මටය තබා ටෝකනය ගත් මම කාන්තා ඇදුම් ඇති පලමු මහල වෙතට දිවීමි..ඇය එහි විය යුතුය... හතරවටින් එල්ලූ නිමි ඇදුම්ය. තැනින් තැන කාන්තාවන් නිමි ඇදුම් තෝරයි.නමුත් ඈ දකින්නට නොමැත.. දෙවන මහලක් ඇතත් එහි ඇත්තේ පිරිමි ඇදුම්ය... නමුත් මා ඉහල මහලට ගියෙමි.. ඈතින් පෙනෙන ඉගටිය තෙක් දිග කෙලින් කෙස් කලබ නම් ඇයගේම ව...