සන්දි


යායුතු තැනක් නොමැතත් කොහුවලින් නුගේගොඩ දෙසට යතුරු පැදිය හැරවූවෙමි. කෙතරම් සිත කීවත් වේගය වැඩි කල නොහැක.. රැකියාස්තානයෙන් නික්ම නිවෙස් වෙත දුවන දහසකුත් මිනිසුන් මැද නිවහනක් නොමැති එකම පුද්ගලයා මම ද??

ලානිල්  තද නිල් බ්ලවුසයක් සහ නිල් ඩෙනිමකින් සැරසුනු අඩි පහයි පහක පමන තරුනියක් රිදී පැහැ කුඩයක යටින් කලබලයෙන් ඉදිරියට ඇදෙයි. මා යතුරු පැදියේ වේගය අඩු කර තවත් පාරේ වම්පසින් ඉදිරියට ඇදුනෙමි.

වම අතට හැරුනු ඈ අසල පිහිටි නිමි ඇදුම් වෙලදසැලකට පිවිසියාය. මම ද වමට සිග්නල් දමා යතුරු පැදිය පාරෙන් ඉවතට කලෙමි..

" ස්‍ර්.. බයික් එක අතනින් පාර්ක් කරනවද?"
" ඕකේ.."
විගහින් යතුරු පැදිය තාප්පයක මුල්ලට කල මා.. හැඩලය ලොක් කර .. වෙලෙද සැල වෙතට දීවෙමි..

"ස්‍ර් හෙල්මට් එක"

හෙල්මටය තබා ටෝකනය ගත් මම කාන්තා ඇදුම් ඇති පලමු මහල වෙතට දිවීමි..ඇය එහි විය යුතුය...
හතරවටින් එල්ලූ නිමි ඇදුම්ය. තැනින් තැන කාන්තාවන් නිමි  ඇදුම් තෝරයි.නමුත් ඈ දකින්නට නොමැත.. දෙවන මහලක් ඇතත් එහි ඇත්තේ පිරිමි ඇදුම්ය... නමුත් මා ඉහල මහලට ගියෙමි..

ඈතින් පෙනෙන ඉගටිය තෙක් දිග කෙලින් කෙස් කලබ නම් ඇයගේම විය යුතුය.. නමුත් මේ ඇයමද?..වසර ගනනක් ගත වී ඇත.. ඇය හුගාක් වෙනස් වී තිබෙන්නට පුලුවන..මා ඉදිරියට ගියෙමි..

" excuse me miss"
 "yes "

මා නෙත් ඉදිරියෙන් වූයේ නැවත කිසිදිනක මා නොදකිනු ඇතැයි සිතූ ඒ ස්ත්‍රී රූපයයි... ඇගේ අත මුව වෙතට ගියේ ය.. කෙතරම් උත්සාහ කලත් වචනයක් පිටවූයේ මගේ මුවින් නම් නොවෙයි..

" සහන් මේ ඔයාමද?"
"ඔව් ඔව් මම තමයි.. මොකද මෙතන කරන්නේ.."
"මම මොකක් කලාම ඔයාට මොකද?"

"සන්දි how's this ?"
බොඩිෆිට් ටීශර්ටයක් හැදි කවුදෝ ඩයලයක් කඩ්ඩෙන් කෙටුවේ ය... උගේ කොන්ඩය කුකුල් කරමලකි... රැවුල වැව් ඇත්තේත් දාර දාර ය. සන්දීපනීට සන්දි කියන්නට මූට ඇති අයිතිය කුමක් ද..

"ah roshan.. this is sahan... my class mate ...sahan this is roshan... my fiancee"
එය ඈ කිව්වේ ටයිල් පොලොව දෙස බලාගෙනය .. මා මෙහි තවදුරටත් සිටිනුයේ කුමකටද ?
"guys.. i have to go.. my girl friend is waiting bellow..good luck buddy"
ඔහුගේ උරහිසට තට්ටුවක් දැමූ මා.. අවසන් වතාවට ඇගේ රූ සිත්තම් කරගතිමි.
******************************************************************************
ජීවිතය නම් පුදුමාකාරය.. අතීත පරිච්චේදයන්හි නිදන් ගතවූ සමහරක් චරිතයන්ගේ පුනරෝප්පත්තියෙන් ආත්මය කෙතරම් විදවීමකට ලක්වන්නේද?..මා ෆුල් ෆේස් හෙල්මටයට බැසගතිමි.

ලිව්වේ යසියා

Comments

  1. ජීවිතය පුදුමාකාරයි නේන්නම්...

    ඒක නෙමේ. මේ කමෙන්ට් බොක්ස් එක වෙනම වින්ඩෝ එකක් එන්නේ නැතුව බ්ලොග් එකේම තියන්ඩ බැරිද. අර අනිත් බ්ලොග් වල වගේ පහලින් කමෙන්ට් බොක්ස් එක තියන්ඩ පුලුවන් නම් එල !!!

    ReplyDelete
  2. කඳුලක වටිනාකම නොදන්න කෙනෙකුට මොකට කඳුලු පෙන්නනවද

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

ගුබ්බෑයමේ ඈ