Posts

Showing posts from May 27, 2011

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Image
මම ඊයෙ කියල ගිය විදියට     ඉස්පිතිතාලෙදී සහ ඊට පස්සෙදී වෙච්චදේ ලියන්නයි මේ යන්නේ යසියා .... හේමාස් කියාලා පුද්ගලික ඉස්පිතිතාලයක් තියෙනව ගාල්ලේ... අපේ අම්මි රජයේ බැන්කුවක ලොකු පුටුවක් නිසා(ඇඩ් එකක්ය. බැන්කුවල අයට පවුලේ උදවියගේ මෙඩිකල් කියලා බර ගානක් දෙනවනේ) අපි කැස්සටත් බේත් ගන්න ඕකට යනවා නිතරම. ඉතින් මට කලින් ඩොකා නිර්දේශ කරපු x-ray එකයි full blood count එකයි චෙක් කරන්න මමයි අම්මයි ගියා ඕකට... සල්ලි ගෙවලා කවින්ටරෙන් රිසිට් එකත් අරගෙන ගියේ නැතයි එක්ස් රේ රූම් එකට හුරේ කියලා..... "මැඩම් බැන්කුවේ නේද?" මලා කවුදෝ අම්මගේ යාලුවෙක්, දැන් හුටා තමයි.. දීපන්කෝ ප්‍රශ්න වලට උත්තර....මෙන්න අනිවා අහන ලිස්ට් එක...... *ආහ් මේ පුතාද? *මොනවද කරන්නේ? *කැම්පස් තාම පටන් ගත්තේ නැත්ද? *අර ආමි ට්‍රේනින් ආවෙ නැත්ද? *ආ... අපරාදෙනේ ඇයි ගියේ නැත්තේ? ................................................ නිකන් මොකටද කුනුහර්ප මතක් කරගන්නේ...නිදහසේ සිගරට් එකක් වත් බොන්න තියෙන නිදහසනේ නැති වෙන්නේ....   :P මම රිසිට් එකත් අරගෙන දිව්වා රූම් එකට... දන්නවනේ අම්මල කතාවට අහුවුනාම ... ස්ටිකර් නේ.... ඉ