ආව එවුන්

Thursday, November 13, 2014

විරංගි 005 {කලකට පසු නැවත }

ප්ලාස්ටරය නම් ගැලවුනි.. නමුත් තවම ඉබාගාතේ යාමට අවසර නොලැබෙනු ඇත​...  කුරුල්ලෙකු මෙන් පවනේ ඉගිල ගිය යතුරු පැදියේ යතුරු කවුදෝ හංගා ඇත​. කකුල යන්තම් බිමතියා ඇවිදින්නට නම් පුලුවනි.මාස ගනනක් එක තැන ඉදලාම ජීවිතය අපායක් ලෙස දැනුනි. ප්ලාස්ටර් කප්පවාගත් මා නිවසින් බැස්සවූ අම්මා තාත්තා රාජකාරිය බලා නික්ම ගියෝ ය​. නිවසේ ආච්චි සියා පමනි. නිවසින් පිටවීමට මීට  හොද නැකතක් ආයෙත් ලැබෙනවා ෂුවර් නැත​. ආච්චි නම් බනීවි.. නමුත් ඈ ලයිට් ය​... නමුත් හැඳැවට අම්මාගේ කනේ තියනු ඇත​.. මෙලෙස සිරවී සිටී
නවාට වඩා එලියට ගොස් ටිකක් හුලන් කා ඒම සැපය​..පුන්චිකාලේ කූඩු වල දාන් උන්නු කුරුල්ලන්ට කොච්චර දුක හිතෙන්න ඇත්ද​..ෂුවර් එකටම පුංචි කාලේ කල පව් මේ පලිසන් දෙනවාය..


නිවසින් පිට වීමට ඇත්තේ එකම පාරකි. ඒ නාහෙට නාහන සහෝ ගේ ස්කූටරයි.. දොරකඩට පසෙක නවතා ඇති එය දෙසට පිවිසීමි.

"නොදකින් .. මේවා ගෑනු පදින බයිසිකල්.."
මටත් හොරා මුවින් පිටවුනි.. අරූට කනවැටුනා නම් අනෙක් අන්ඩත් කඩන්නේය​. අර මොකේද වැටූන එකා පිදුරු ගහේ එල්ලෙනවාලු.. මම මොකේද වැටූනු එකයි.. මේ මලයාගේ පිදුරු ගසයි..

ස්කූටරය පන ගන්වාගත් මා සෙමින් සෙමින් ගේට්ටුවෙන් එලියට ආවෙමි. එක අන්ඩක් පොඩ්ඩක් අවුල් බවක් හැගෙන්නේ වත් නැතිය​.හංදිය දෙසට ආ මම ස්කූටරය පාරේ පසකට කර දුරකතනය නාද කලෙමි.

"හෙලෝ.. ගුඩ් මෝර්නින්.
බබා අද ෆ්‍රී ද​..??"

"ෆ්‍රී ද අහන්නෙ මෝඩයො. මම අද ආව අර මගෙ යාලුවත් එක්ක ශොපින්.. මම ඊයෙ රැ කිව්වෙ ඔයාට​.."

"නෑ පැටී මම අද පොඩ්ඩක් එලියට ආව​.. මාර කම්මැලි එන්නකො කේ එෆ් සී එක ලගට.. පැයකින් විතර​.."

"කාත් එක්කද ආවේ?"

"මල්ලි එක්ක​.."
"පුදුමයි ආව එයා ඔයත් එක්ක​"
"හ්ම්ම්.. ඔව් එයාටත් මොකක්ද වැඩක් තියෙනවලු ටවුමෙ .. එයා එනකන් මට ඔයත් එක්ක ඉන්න බැරියැ.."
"එහෙනම් එන්නම් මම එතනට​.. කකුල රිද්ද ගන්නෙ නැතුව එන්න එහෙනම්,, කියන දෙයක් අහන එක්කෙනෙක් යැ .."

"බායි බබා"
"බායි පැටී"


මම ඇයට බොරු කියන්නත අකමැතිමි. නමුත් කියන්නට සිදුවෙන්නේය​.ඇත්ත කීවානම් එතැනම දුරකතනය විසන් දි  කරනවා ය. 
මා ලග පැයක කාලයක් ඇත​. දින ගනනාවකින් දුමක සුවය ලබන්නට නොහැකි වී ය...
නිහාල් අයියාගේ පෙට්ටි කඩය දෙසට  ස්කූටරය ඇද්දෙමි.

*******************************************************************
"අයියෙ.. ගෝල්ඩ් ලීෆ් එකක් දෙන්න​"


{මතු සම් බන් දයි }                                                               ලිව්වේ යසියා