ආව එවුන්

Tuesday, May 31, 2011

පුංචි කෙටි කතාවක්--01

"ගුඩ් මෝර්නින්ග්"

"මෝර්නින්ග්"

"කාලෙකින් නේද ?"

"හ්ම්"
"මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ"
"නෑ ඒ මගෙ හැටි"
"හා..සමාවෙන්න.."
"මොකටද සමාව?
"උදේ පාන්දරම කරදරයක් වුනාට"
"පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"
                                                                                                      "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"
                                                                           "අපෝ ඒවටද ගාල්ල පැත්තේ බනිනවා කියන්නේ"
                                                              
"මම ගමේදි බැනුම් අහන විදියට වැඩ කරන්නේ නෑ"
"ඒ කියන්නේ මනුස්සයා වැරදි වැඩ කරනවා"
"ඒවා වැරදි වැඩ වෙන්න පුලුවන්.. ඒත් ඒවායින් කාටවත් කරදරයක් නෑ"
"කොලින් අන්කල් නොකිව්වානම් අපේ අම්මල කීයටවත් ඔයාවමෙහේ නවත්තගන්නේ නෑ"

"ඒ මොකද?"
"අපේ අප්පච්චිට ඔය පොලිස් කාරයන්ව පෙන්නන්න බෑ"
"පගාව ගහනවා.. ජරා වැඩ කරනවා....ඒවා මේවා කිය කිය බනිනවා"
"අපෝ මම ඒවට නෑ."
"අච්චර නිකන් ඉන්න පුලුවන් කොවාටස් එකක් තියාගෙන ඇයි නවතින්න බෝඩිමක් හෙව්වේ"
"මම කැම්පස් යන එක දාලා පොලීසියට ආවේ මගේ හීනයක් වෙච්ච නිල ඇදුමයි තරුවයි කරට ගන්න මිසක්...ජීවිතය විදවන්න නෙමෙයි"
"ඒක නෙමෙයි. ඔයා මේ උදේම කොහෙද යන්නේ"
"කොම්පියුටර් ක්ලාස්.. ඩිප්ලෝමා එකක් කරනවා"
"පුදුමයි අප්පච්චි තනියම යවනවා ඔයාව"

"ආහ් අයියේ.. මගේ බස් එක එනවා . මම යන්නම්... "
"ඉන්න පොඩ්ඩක්..ඊට පස්සෙ අර ජීප් එක එන්නේ"
"අයියලට කරදරයිනේ ඉතින්"
"ඕවට තෙල් ගහන්නේ ඔයාලගේ අපේ අහින්සක සල්ලී වලින්...ගියාම මක් වෙනවද?"
"මම එන්නම් හැබැයි වැරදියට හිතන්න එපා..."



"චට්ස්"
"ගුඩ් මෝර්නින්ග් ස්‍ර්"
"සාජන් මේ නෝනා මගේ නෑ කෙනෙක්.. යනගමන් ටවුමට ගිහින්.. අයි ඩී එම් එක ගාවින් බස්සගෙන යමු"
"හරි සර්"
********************************************************************


ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ



"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?"
"හ්ම්"
"ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?"
"මට බැරි නිසා"
"අහන්න අයිතියක් නැත්ද මට?"
"අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?"
"අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ"
"ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න"
"සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..."

"ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?"
"එහෙනම් මොකටද මට ආදරේ කලේ?"
"මට ඒක අමතක වුනා"
"එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?"
"මම අද ඔයා ගැන හිතුවා"

"අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු"
"මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ"
"මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා"
"මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය"
"මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි"
"ඉන්නව එහෙනම් මේකත් බලල යනවා"
"ඔය මොකක්ද?"
"පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?"
"මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙලා තියෙන්නේ"

"චික්ස්"
"මොකක්ද මැට්ටෝ අත කපාගෙන කලේ"
"මොකක් කියලද හිතන්නේ"
"මම දන්නේ කොහොමද ඕයි"
"අරූව මතක් වෙන්න තමුසෙගෙ අතේ මුද්දක් තියෙනවා...මට මැරෙනක තමුසෙගෙයි මගෙයි අන්තිම මේ හමුවීම මතක් වෙන්න මේ කැලල තියෙනවා."

"යන් තරිදු ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගන්න."

"එහෙනම් මට ඇයි මෙච්චර වෙලා ආදරේ නෑ කිව්වේ?"

"තමුසෙට ඕන මගුලක් කරගන්නවා..මැරෙනවා.. ඒත් ආයෙත් මගේ පස්සෙන් එන්න එපා.."

"ඒක කරන්න නම් ටිකක් අමාරුවේවි"
"ඉන්නව එහෙනම් මම යනවා"


"බුදු සරනයි"

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම
  නන්නත්තාර සුරන්ගනාවෙක්

හිටියානම් අද ඔයා මගේ ලගින්.. සමහර විට සුරන්ගනා ලෝකය මෙච්චර ලස්සන නොවෙන්න තිබුනා

දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච නිසා මොකක් හරි කෙහෙල් මලක් සුරන්ගනා ලෝකෙට වඩම්මන්න තරම් යසියා දෙකේ කොලේට වැටිලා නෑ. අන්තිමට ලියපු පෝස්ට් තුනම එකම කතාවක් හැටියට ගියා වුනාට ඒක තනිකරම කුපාඩි කම පෙන්නන්න ලියවුන ඒවා..
මගේ බ්ලොග් එක වෙනසක් කලා කියලා ඔයාලට පේනවනේ...
ඉතින් එහෙනම් මගේ හිත කාටහරි කියන්න ඕනය කියල කියන දේවල් හුගාක් දැන් මම සුරන්ගනා ලෝකයට ගොඩ බස්සන්න හදන්නේ......

ගොඩ කාලෙක ඉදන් මගෙ යාලුවො කියනවා යසියට 

"නවකතාවක් ලියපන්...නව කතාවක් ලියපන්"

දවස් ගානක් මම ටයිප් කරලා නෝට්ස් වල සේව් කලාට සේව් වෙන්නේ කුනුහර්ප නිසා මට සිද්ද වුනා ඒ අදහස අයින් කරන්න... හේතුව වුනේ සේව් කිරීමට තැනක් නැති කම..

මගෙ ටිකිරි මොලේ යොදාගෙන මම තීරනය කලා මගේ මේල් එකේ ඩ්‍රාෆ්ට්ස් වල නව කතාව තැන්පත් කරලා තියන්න... ඒක නිස මේ දවස් ටිකේම ටිකක් ඒව ගැන හිතන්න වෙලාව යොදවන්න වුනා....

"සන්දීපනී"
ඔයා මේක කියවනවා නම් කරුනා කරලා සමාවෙන්න. මොකද මට අයිතියක් නැති ඔයාට අයිති මම ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන කතාවක් ලියනවා කියල මම ඔයට පොරොන්දු වෙනවා....

සමහරු කියනවා "නැතිවෙච්ච ආදරය සිතින් අමතක කරන්න ඕන" කියලා.. ඒත් මමනම් විස්වාස කරන්නේ නෑ ඒ කතාව...කොල්ලෙක්ව මිනිහෙක් කල කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයක් එහෙම ලෝකෙට හොරා බූමිදානය කිරීම හරියට පන පිටින් මිනිහෙක් වලලනවා වගේ දෙයක්..
මට බෑ දෙවියනේ ඒ දේ කරන්න....

කොන්දේ අමාරුව නම් තවම තියෙනවා. යසියා තම බිමට රෙද්ඩක් දාගෙන සාලෙ මැද්දේ නිදියාගන්නේ ඒකෙන් ටිකක් සුවයක් තියෙන නිසා...

"ඔච්චර නිදිමරන්න එපා මැට්ටෝ"
"ඔය බ්ලොග් මගුල කියවන උන් ඒවි ලෙඩ වුනාම ඔයාව සනීප කරන්න"
"රෑට නාන්න එපා යසියා"
ඔහොම ඔයාගෙන් අහපු බැනුම් තාම කන් අස්සේ දෝන් කාර දුන්නට ඇත්තම ඒව මට ආයෙත් අහන්න ලැබෙන වචන නෙමෙයි...
ඒත් ඔයාගෙ මතකයට මම ආදරෙයි සන්දීපනී හැමදාමත්....
මගේ අන්තිම හුස්ම පොද තියෙන කල්......

"මම සන්දීපනී නමට ආසම නෑ යසියා"
ඔයා ඒ නමට ආදරේ නොකලට මම මගේ පමනටත් වඩා ඒකට ආදරෙයි..මොකද ඒකෙන් ඔය දිග කෙස් අස්සෙ හැන්ගිලා තියෙන හැදිච්චකම...කරුනාව නිරූපනය වෙනවා....

හැමදාම ඉස්සර අහපු ඔයාගෙ ලස්සන වචන ඔච්චර මිහිරිනම්...මම කවමදාකවත් නාල්ලපු ඔය අගිලි තුඩු සේද රෙද්දක් වගේ ඇති නේද?

"හ්ම්"

"පිස්සෙක්"

මට කමෙන්ට් වට්ටගන්න ඕන නැහැ..මට බ්ලොග් එකේ පොරක් වෙන්න ඕන නැහැ...

මොකද...මට වඩා වැඩ්ඩෝ මේකේ ඉන්න නිසා..මම සුරන්ගනා ලෝකය පටන් ගත්ත සදමඩලක් විදියට...මට ඒ පරාසය තවත් ඈතට විහිදවන්න ඕන වුන නිසා මම ඒක සුරන්ගනා ලෝකයක් කලා....

මම අද සේරම දේවල් ලිව්වේ  "කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ" 

මෙලෝ තේරුමක් නැහැ නේද මම අද ලියපු විදිය???


"ආදරනීය සන්දීපනී "
ජී මේල් චැට් එකේ මට එපාම කරපු කෙල්ල ඔයා කියල අගවන්න මම උත්සාහකරනවා තමයි..

ඒත් ඒත් අහිමි වෙච්ච ආදරේ ගැන පසුතැවෙනකොට මම කොච්චර පිස්සු වැටෙන බව දන්නවානම්...\

යසියා කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ....


ඔයා හිතාගෙන ඉන්නේ මම අහන එකම කෙල්ලෙක්වත් මට කැමති නැති නිසා මම තාම සින්ගල් කියලා...
ඒත් ඒක එහෙම නෙමෙයි සන්දීපනී..
මට කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න
\පනටත් වඩා ආදරෙයි කියන්න...
එදා මම ගාව තිබ්බ සල්ලාල කම....
ප්‍රේමයේ මායාවෙන් ඔයා කැලනි ගගට පා කරාලා දැම්මේ...

සක්කරයටවත් ආයෙමත් හොයාගන්න බැරි විදියට......

මැරෙන තුරා නුබව අමතක නොකරන මම....