ඇය
"ට්‍රෑන් ට්‍රෑන් " මම ගේට්ටු කනුවක සවිකර තිබු ස්විචය තද කලෙමි.කොල පැහැ ගේට්ටුවට එපිටින් වූ නිවසේ දොර විවරවන නාදයත් සමගම වයස 60 ක පමන සිරියාවන්ත කාන්තාවක් මා දෙසට පියනගන්නට වීය. "මේක විශ්මි නුගදෙනියලගේ ගෙදරද" මාගේ ස්වරය නිසාදෝ ඈ සිනහවක් පා "ඔව් පුතා එහෙ තමයි. " "මට එයාව හම්බවෙන්න පුලුවන්ද ආන්ටි" "ආන්ටි එයාට ආවම මේ.." දුවනම් වැඩට ගිහින්.ඒත් මයෙ හිතේ මග එනගමන් වෙන්න ඕන. මා අතවූ මදක් විශාල පෙට්ටිය ඈයට දෙන්නට හදන වටම ඈ "තව ටිකකින් දුව ඒවි. හම්බවෙලාම යන්න පුතා" "දැන් ඒවි නේද" "ඔව් යන් පුතා ඇතුලට" ඈ පුතා යැයි ඇමතුවේ හදවතින්මය.මා නිවස හැරදා ගිය දින සිට මෙතුවක් කලක් කලක් එවන් අරුත්බරව කිසිවෙකු මා අමතා නොතිබිනි. ඈ ගේට්ටුව විවරකර මා අඩි 30 ක් පමන එපිටින් බටර් පැහැයෙන් බිත්ති ආලේපිත මධ්‍යම ප්‍රමාණයේ නිවස දෙසට කැදවාගෙන ගියා ය. "එන්න පුතා ඇතුලට." පාවහන් යුවල ගලවා පා පිස්නෙන් පසක තැබු මම පාද පිසදමා නිවසට ඇතුලුවීමි. "ඉදගන්න" දොරට පිටුපා වු සුවපහසු ලෙදර් සෝෆාව දෙසට අත යෙමී ය. මා හිදගන්නවාත් සමගම ඈ ...