එකදවසක් ගමේ එද්දි කොල්ලො ටික සින්දු කිය කිය ඉස්සරහින් ආපු බස් එක ''ඩෝං'' සද්දයක් එක්ක උඩගියේ දඩාර ගිනිජාලාවක් මැද්දෙන්.. අම්මව තාත්තව, සහෝදර සහෝදරයන්ව,තමන්ගෙ බිරිදව නැත්නම් කෙල්ලව බලන්න කෑම්ප් එකෙන් එලියට ආපු අපේ කොල්ලො එදා ඇස් පනාපිටම උන්ගෙ බලාපොරොත්තුත් තුරුලුකරගෙනම පනපිටින් ආදාහනය වුනා.. දවස් 10 නිවාඩුවට ගෙදර ඇවිල්ල අම්මගෙ කකුල් දෙක අල්ලලා වදිනකොට,,''මගෙ රත්තරන් පුතේ''කියලා මගේ අම්මගෙ ඇස්වල තියෙන කදුලු හැමදාම ඒ කම්මුල් හෝදනව කියල ඉස්සර ලීව් ආව වෙලාවක පොඩ්ඩි කිව්වෙත් බයෙන් බයෙන්. රෑට හීනෙන් ''අනේ පුතේ' 'කියාගෙන නැගිටින අම්ම රෑ එලිවෙනකන් අඩනවලු. පොඩිකාලේ ඉදන් මාත් එක්ක එකට හිටපු එහාගෙදර පසිදු ගිය අවුරුද්දෙ ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියකින්.සීත නැන්දගේ ඒ දුක අපේ අම්මටත් අයිති වේවිද? කියල මමත් බයෙන් හිටියෙ. ''අනේ රත්තරන්,ආයෙත් නම් ඔයා යන්න එපා.ඔයාට මොකක් හරි වුනොත් මමනම් එක දවසක්වත් ජීවත්වෙන්නෑ අයියේ'' සුදු නංගි කිව්වෙ අඩාගෙන, ''මට මුකුත් වෙන්නෙ නෑ වස්තුවේ'' කියලා ඒ සිනිදු කම්මුල් සිපගන...