ආව එවුන්

Tuesday, November 2, 2010

අන්තර් සෘතුව {mekata wiwaranayak denna puluwan ekkenek innawanam plz do that.. mama meka tiakak hithala liwwa ekak..

වසන්තය නිමා වෙලාද?
සුදු ඇදුම ඇගලා පොත් හතර අතට ගෙන තෙල් බේරෙන කොණ්ඩය අතින් හදමින්,ඉරුන සපත්තු දෙක දාගෙන බයෙන් බයෙන් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල්වෙච්ච කාලය අහවරයි.ආයෙත් ඉස්කෝලෙ යන්න ඕන වුනත් නිල ඇදුම තවත් අදින්න බෑ.ආයෙත් ඉස්කොලෙට ගියත් අපි උන් තැන්වල අපේ උන් අද නෑ.කවුරුවත් අපේ කොන්ඩ රැවුල් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ..

අපි නාකි වෙලාද?
එකේ ඉදල එකොලහ වෙනකන් බුද්ධාගම මිස් කියන්න හැදුවෙ ඕක වෙන්න ඇති..හැමදෙයක්ම අනිත්‍යයිලු.ඒකියන්නෙ වෙනස් වෙනවලු.අපිත් එක්ක ඉදපු එවුන් අද කැම්පස් වල,අපේ එවුන් ගැන ලොකුකමට කතාකරන්න නම් හුගක් දේවල් තියෙනව.උන් ගැන කථාකරද්දිත් පපුවට මාර සතුටුයි..

කාලයත් එක්ක අපි රේස් දිව්වා,ඒත් කාලය අපිව පහුකරල හුගක් දුර ගිහිල්ල,අපි අතරමං වෙලාද?වෙන්න බෑ අපි දන්නවා කොහෙටද යන්න ඕන කියල.ප්‍රේම නවකතා,සඟරා වල ඉන්න ප්‍රේමවන්තයව ඇගට ආරූඩ කරගෙන කථාව ඇතුලෙ අපි ජීවත් වෙනව,දැන් මට අවුරුදු 20ක් වෙනව,හොද කෙල්ලක් හොයං පලහිලව්වක් පටන්ගන්න කාලෙ නම් හරි,නැත්තම් නාකිවෙලා ලව් කරන්නද බං?


හෙට අනිද්ද රිසල්ට් ඒවි.හෙට එනවයි කියල නිච්චියටම කියලත් සතියක් යනව රිසල්ට් එන්න.මොකක් ආවත් ආයෙමත් විභාගෙ කරනවද?අනේ මන්ඳා...


ඒකාලෙ ඉදන් ආසාවෙන් ඉන්න කෙල්ල අහම්බෙන්වත් මගේ දිහා නොබලන වග දැන දැනත් මම එයා දිහා තවම බලාගෙන ඉන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ.එයාව නම් ඊයෙත් ටවුමෙදි දැක්ක,මම එයාට කෙල හලන එක දැනගෙන එයාගෙ තාත්තත් මාත් එක්ක ඔරොප්පුයි.ඉතින් මට සමාවෙන්න මාමේ කියල මම එයාගෙ කකුල් දෙක අල්ලලා වදින්නද?

"රූන්.............."තඩි මෝටර් බයිසිකලයක් ජෙට් එකක් වෙලා කන ලගින් ගියා.."ඉලන්දාරි විසේ"ලු, "මදාවි කම"ලු,සීයල දෙන්නෙක් බැන බැන ගියා...අනේ මන්ද ඉරිසියාවටද? මම නම් ඇස් දෙක පියාගෙන මම ඒක පදිනවයි කියල හිතාගත්ත,හිතට අහිංසක ආතල් එකක් ආවා.කවදහරි දවසක මමත් ගන්නව CBR 250 එකක්.ඒත් කොහොමද?ඒක මම දන්නවද?

ඉදල හිටල හිත නාහෙන් ඇඩුවට ඒකට එක අරමුණක් නෑ.කිසිම බයකුත් නෑ.ඉතින් පන් පැදුරින් බිමට වැටුනට කොන්ද කැඩෙනවයැ?අනික ඉගනගන්න බැරිවුනයි කියල මැරිච්ච කෙනෙක් ගැන නම් මම තාම අහල නෑ.


සිද්දවෙච්ච හැමදෙයක්ම හීනයක් වගේ.ඒත් මමත් කවදහරි දවසක මිනිහෙක් වෙන්න ඕන.මෙච්චර කලක් වටවෙච්ච මැටි බිත්තිවලට වැස්ස දවසට අපිව නාවන පොල් අතු වහලට කුප්පි ලාම්පුවට,කවදහරි දවසක සමුදෙන්න ඕන.හැමයකාම නිදාගන්න වෙලාවෙ අප්පච්චිට වුනත් හැමදාම කන්තෝරුව මුරකරන්න බැහැනේ.අම්මටත් පුලුවන්ද හැමදාම වඩේ බැදලා කඩේට දන්න?


පාන්දරට කිරි බෝතල් දෙක තුනක් එරල දෙන සුද්දිත් දැන වයසයිලු.මට පොඩිකාලෙ පෙව්වෙ සුද්ධි වෙනුවෙන් සුද්ධිගෙ අම්මට එරුනු කිරිලු.සුද්ධිට පින්සිද්ධ වෙන්න මඤ්ඤොක්ක ගස් ටිකත් හොදට වැවිලා.තව සති දෙකකින් විතර ඕක ගලවල හන්දියෙ කඩේට දීල කියක් හරි අරගෙන එන්න ඕන.අම්ම යැව්වම එක එක ඒව කියල ගාන බස්සනවා."හ්ම් ඒවා කොහෙද මාත් එක්ක?"


නංගිටත් ඉස්සරහට මොකක්ද වෙන්න තියෙනවලු."තියෙන දෙයක් විකුනල හරි පොඩි කෙලීගෙ උත්සවේ ගන්න ඕනෑ."අම්ම දවසක් අප්පච්චිට කියනව මම අහගෙන හිටයෙ.අනේ මන්ද?
මටත් හෙට අනිද්ද කොහෙන් හරි ජොබ් කට්ටක් හොයාගන්න ඕන.මමත් කීය කීය හරි හෙව්වම කාටත් හොදයනේ.අපිට කෙසේවෙතත් පොඩ්ඩිටවත් ලොකු නෝන කෙනෙක් වෙන්න උගන්නන්න ඕන..

"ලොක්කෝ....මෙන්න මේ එලවලු ටික ගිහින් අම්මට දීපන්.හිටින් දුවේ පයින් යන්න ඕන නෑ.මම ඉස්කෝලෙට ගිහින් දාන්නම්."

අප්පච්චි නංගිවත් බයිසිකලේතියාගෙන ආපයින්ම යන්න ගියා..

Wednesday, October 20, 2010

අයියේ අපිට උඹ ගැන පපුවෙ කැක්කුමක් ඇත..

    යුද්ධය කලේ රණවිරුවාය.නමුත් මාධ්‍ය කියන ආකාරයට වැඩිපුරම ජීවිත පරදුවට තබා ඇත්තේ රූවාහිණියේ ඇත්තෝය.උන් උතුරට ගියවග අපද දන්නෙමු.යථාර්තය නම් උන් රණවිරුවා මාකට් කලේය.උණු උණුවේ විකිනුන රණවිරුවා නවතම ආකාරයෙන් වෙළදපොලට එන්නේ පට්ටගසනලද පිටකවරයකිනි.එය හෙලාදැකීම මා වැනි කණිෂ්ථ මාධ්‍යවේදියකුගේ වගකීමය.මෙය නන්නත්තාර දේශපාලන ලිපියක් නොවනවගනම් කිවයුතුමය.රණවිරුවා සැමදා දේවමානය.ඹහු දුටුතැන ගෞරවකරමු.නැතිතැන අගයකරමු.අප කලගුණ සලකන ජාතියක්යැයි බැනර් ගසන්නෙමු.ගීතගයන්නෙමු.නමුදු අතීතය කෙසේවෙතත් වර්තමානයේ නම් එය මුසාවක්ය.විහිලුවක්ය.විහිලුව යථාර්ථයක් වීමට යාමට   නිමිත්තක් ඊයේ පෙරේදා කණවැකූනි.

                            එදා මෙදාතුර බුද්ධිමත් අපට ගොන් ආතල් දෙන රූපවාහිණිය අද නටන්නට තනනුයේ මෙලෝ රහක් නැති,නාඩගමකි.මොණරා රඟනයක යෙදෙන උන්ගැන කතාකර ඒ තැනට සමවීමට මම නොයන්නෙමි.මීට වසර කීපයක සිට ස්ටාර්ලා ලංකාවේ බිහිවුනි.නමුත් ඔවුන්ගෙන් බහුතරය අද හදිස්සියකට හොයාගන්නද නැත.කිරුලු පැලදි පසු අම්බානකට හම්බකරගත්තද සමහරකගේ බිරින්දෑද පිටයන්නට වීය.රූපවාහිණිය වරක් දෙවරක් තරු පෙන්නුවද අද උන්ගේ නම් දන්නේ ඔවුනොවුන්ගේ නිවැසියන් පමණි.ස්ටාර්ලා රටට කල මගුලක් නැත.උන් හම්භකරගත්තා පමණි.නමුත් රණවිරුවා කලේම රටටය.දවස් අටේ නිවාඩුවට ගමේ ගියේද එදා සිටි නිවසටය.උන්ගේ ගෙදර මාලු කෑල්ලක රහබැලුවේද එදා පමණි.නමුත් රටට කල සේවය ඉමහත්ය උතුම්ය.

                           තම පෙම්වතියගේ උණුහුම වින්දානම් එයද කල්පයකට සැරයකි.සමහරෙක්ගේ පෙම්වතිය දීග ගොස් ඇතයි දන්නේද දහසක් පැතුමන් පොදිබැද ගමට ආ පසුවය.මොවුන්ට කිසිදිනක ස්ටාර් සිහින නොතිබින.ගෙපැලකපන්නට නංගි මල්ලිට උගන්නන්නට මෝටර් සයිකලයක් ත්රීවීලයක් ගන්නට නම් ලොකු ඕනකමක් ඇත.කලවයස පැන්නද ඔහු කසාදයක් කරගතයුතුය.ස්ටාර් වන්නට එස් එම් එස් ගහන්නට ඔහුට හයියක් නැත.රූපවාහිනිය ආම්බාම් කරන්නන්ට මේ ඇත්ත නොපෙනෙයි.ඔවුන් හදන්නේ ආදරණීය රණවිරුවා කකුස්සි වලට තල්ලු කරන්නටය.ඔහුට පුස් කෑ රියලැටි ඔටුන්නක් ඕනෑ නැත.ඔහුට ඕනා නිවසකි.කා ඇද ඉන්න පුඵවන් ආර්ථිකයකි.

                          රූපවාහිණියේ ලොක්කන් ආචාර්යවරුන්ය.නමුත් කරන්නට හදන පීචං වැඩ මොන්ටිසෝරියකටවත් සුදුසු නැත.දෙකේ  පන්තියේ වැඩකලා ඇතිය.අනාගතයේ අපේ දරුවන් මහාවංශය කියවා අම්භානක් ආතල් එකක් ගන්නවා ඇත.එවිට හඩක් නොනැගි අපද ජෝකර්ලා වෙමු.එය වියයුත්තක් නොවේ.ඉන්දියාවට එපා වී දොට්ටදැමූ විජයගේ අමනකම් අමාරුවෙන් හෝ නවතාගනිමු.රණවිරුවාගේ පපූව හඩනගා ඉල්ලන දෙය ලබාදී ඔහුගේ ආත්ම ගෞරවය ලබාදෙමු.එවිට තිස්තුන් කෝටියක දෙවිවරු ලංකාව ඇමරිකාවක් නොව ශ්‍රී ලංකාවක් කරනු ඇත.
(සංවේගයෙන් යුතුව ලිව්වකි).