ආව එවුන්

Tuesday, November 2, 2010

අන්තර් සෘතුව {mekata wiwaranayak denna puluwan ekkenek innawanam plz do that.. mama meka tiakak hithala liwwa ekak..

වසන්තය නිමා වෙලාද?
සුදු ඇදුම ඇගලා පොත් හතර අතට ගෙන තෙල් බේරෙන කොණ්ඩය අතින් හදමින්,ඉරුන සපත්තු දෙක දාගෙන බයෙන් බයෙන් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල්වෙච්ච කාලය අහවරයි.ආයෙත් ඉස්කෝලෙ යන්න ඕන වුනත් නිල ඇදුම තවත් අදින්න බෑ.ආයෙත් ඉස්කොලෙට ගියත් අපි උන් තැන්වල අපේ උන් අද නෑ.කවුරුවත් අපේ කොන්ඩ රැවුල් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ..

අපි නාකි වෙලාද?
එකේ ඉදල එකොලහ වෙනකන් බුද්ධාගම මිස් කියන්න හැදුවෙ ඕක වෙන්න ඇති..හැමදෙයක්ම අනිත්‍යයිලු.ඒකියන්නෙ වෙනස් වෙනවලු.අපිත් එක්ක ඉදපු එවුන් අද කැම්පස් වල,අපේ එවුන් ගැන ලොකුකමට කතාකරන්න නම් හුගක් දේවල් තියෙනව.උන් ගැන කථාකරද්දිත් පපුවට මාර සතුටුයි..

කාලයත් එක්ක අපි රේස් දිව්වා,ඒත් කාලය අපිව පහුකරල හුගක් දුර ගිහිල්ල,අපි අතරමං වෙලාද?වෙන්න බෑ අපි දන්නවා කොහෙටද යන්න ඕන කියල.ප්‍රේම නවකතා,සඟරා වල ඉන්න ප්‍රේමවන්තයව ඇගට ආරූඩ කරගෙන කථාව ඇතුලෙ අපි ජීවත් වෙනව,දැන් මට අවුරුදු 20ක් වෙනව,හොද කෙල්ලක් හොයං පලහිලව්වක් පටන්ගන්න කාලෙ නම් හරි,නැත්තම් නාකිවෙලා ලව් කරන්නද බං?


හෙට අනිද්ද රිසල්ට් ඒවි.හෙට එනවයි කියල නිච්චියටම කියලත් සතියක් යනව රිසල්ට් එන්න.මොකක් ආවත් ආයෙමත් විභාගෙ කරනවද?අනේ මන්ඳා...


ඒකාලෙ ඉදන් ආසාවෙන් ඉන්න කෙල්ල අහම්බෙන්වත් මගේ දිහා නොබලන වග දැන දැනත් මම එයා දිහා තවම බලාගෙන ඉන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ.එයාව නම් ඊයෙත් ටවුමෙදි දැක්ක,මම එයාට කෙල හලන එක දැනගෙන එයාගෙ තාත්තත් මාත් එක්ක ඔරොප්පුයි.ඉතින් මට සමාවෙන්න මාමේ කියල මම එයාගෙ කකුල් දෙක අල්ලලා වදින්නද?

"රූන්.............."තඩි මෝටර් බයිසිකලයක් ජෙට් එකක් වෙලා කන ලගින් ගියා.."ඉලන්දාරි විසේ"ලු, "මදාවි කම"ලු,සීයල දෙන්නෙක් බැන බැන ගියා...අනේ මන්ද ඉරිසියාවටද? මම නම් ඇස් දෙක පියාගෙන මම ඒක පදිනවයි කියල හිතාගත්ත,හිතට අහිංසක ආතල් එකක් ආවා.කවදහරි දවසක මමත් ගන්නව CBR 250 එකක්.ඒත් කොහොමද?ඒක මම දන්නවද?

ඉදල හිටල හිත නාහෙන් ඇඩුවට ඒකට එක අරමුණක් නෑ.කිසිම බයකුත් නෑ.ඉතින් පන් පැදුරින් බිමට වැටුනට කොන්ද කැඩෙනවයැ?අනික ඉගනගන්න බැරිවුනයි කියල මැරිච්ච කෙනෙක් ගැන නම් මම තාම අහල නෑ.


සිද්දවෙච්ච හැමදෙයක්ම හීනයක් වගේ.ඒත් මමත් කවදහරි දවසක මිනිහෙක් වෙන්න ඕන.මෙච්චර කලක් වටවෙච්ච මැටි බිත්තිවලට වැස්ස දවසට අපිව නාවන පොල් අතු වහලට කුප්පි ලාම්පුවට,කවදහරි දවසක සමුදෙන්න ඕන.හැමයකාම නිදාගන්න වෙලාවෙ අප්පච්චිට වුනත් හැමදාම කන්තෝරුව මුරකරන්න බැහැනේ.අම්මටත් පුලුවන්ද හැමදාම වඩේ බැදලා කඩේට දන්න?


පාන්දරට කිරි බෝතල් දෙක තුනක් එරල දෙන සුද්දිත් දැන වයසයිලු.මට පොඩිකාලෙ පෙව්වෙ සුද්ධි වෙනුවෙන් සුද්ධිගෙ අම්මට එරුනු කිරිලු.සුද්ධිට පින්සිද්ධ වෙන්න මඤ්ඤොක්ක ගස් ටිකත් හොදට වැවිලා.තව සති දෙකකින් විතර ඕක ගලවල හන්දියෙ කඩේට දීල කියක් හරි අරගෙන එන්න ඕන.අම්ම යැව්වම එක එක ඒව කියල ගාන බස්සනවා."හ්ම් ඒවා කොහෙද මාත් එක්ක?"


නංගිටත් ඉස්සරහට මොකක්ද වෙන්න තියෙනවලු."තියෙන දෙයක් විකුනල හරි පොඩි කෙලීගෙ උත්සවේ ගන්න ඕනෑ."අම්ම දවසක් අප්පච්චිට කියනව මම අහගෙන හිටයෙ.අනේ මන්ද?
මටත් හෙට අනිද්ද කොහෙන් හරි ජොබ් කට්ටක් හොයාගන්න ඕන.මමත් කීය කීය හරි හෙව්වම කාටත් හොදයනේ.අපිට කෙසේවෙතත් පොඩ්ඩිටවත් ලොකු නෝන කෙනෙක් වෙන්න උගන්නන්න ඕන..

"ලොක්කෝ....මෙන්න මේ එලවලු ටික ගිහින් අම්මට දීපන්.හිටින් දුවේ පයින් යන්න ඕන නෑ.මම ඉස්කෝලෙට ගිහින් දාන්නම්."

අප්පච්චි නංගිවත් බයිසිකලේතියාගෙන ආපයින්ම යන්න ගියා..

2 comments:

  1. විවරණයක් දෙන්නට තරම් නම් මට දන්නෙ නෑ. ඒත් අගය කිරීමක් කරන්න කැමතියි... ලස්සනට ඇත්ත තාත්විකව ලියලා තියෙනවා...

    ReplyDelete
  2. ස්තුතියි හුගාක්.ඔයා මට මුලින්ම කමෙන්ට් කලකෙනානේ.මට කොහොමද blog වෙන්න ඕන කියල කියලදෙනවද?

    ReplyDelete

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක