Posts

Showing posts from August 19, 2011

නමක් දෙන්නට නොහැකි බැදීමක් ගැන..

Image
හිත කියන්නෙ පුදුමාකාර දෙයක් නේද.. එක එක කාලෙට් එක එක මායාවලින් අපිව නොමග යවල ටික දවසකට පස්සෙ ආයෙමත් අපිව හරි මගට ගන්නවා...ඒ හිත කියන දේ අස්සෙම මොකක්දෝ තැනක මතකයන් ගබඩා කරලා තියාගෙන වෙලාවකට සංතෝසයකුත් වෙලාවකට වේදනාවකුත් ගෙනත් දෙනවා... ගැහැනියක් සහ පිරිමියෙක් අතර තියෙන්න පුලුවන් මොනවාගේ බැදීමක්ද? * යාලුකමක්? *සහෝදරකමක්? *ප්‍රේමයක්..??? ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ හැටි අනුව වෙනස් වෙනවා... කවමදාකවත් අපිට මෙච්චර ලන්වේවි කියල නොහිතපු අය පොඩි දිනගානකදි හිතේ ස්තිර පදින්චිය අරගෙන ඈත්වෙලා ගියාම පුදුමාකාර දුකක් ඇතිවෙනවා...ඒත් ඒ අන්තර් සම්බන්දතාවය මොකක්ද කියල නමක් දෙන්න නොහැකි වුනාම...අපි කොච්චරක් නම් අතරමන් වෙනවද??? පිරිමියෙක් එක ගැහැනියකගෙ තුරුලෙ තියෙන උනුහුමට ආසා කලාම.. රූපයක් දකින්න ලෝබ වුනාම... මත්ද්‍රවයක් වගේ අපේ ස්නායු පද්දතිය ඒව හොයාගෙන යන්න අපිව අසරන කරනව..සමහර වෙලාවට නොයෙකුත් හේතුන් හින්දා ඒ හැගීම හිත ඇතුලෙම හංගාගත්තට ඒ උත්තේජනයන් සිහිනවලින් අපිම ලබාගන්නවා. . නුපුරුදු මිනිස්සු මිතුරන් කරන්නත්...දන්න හදුනන උදවියව ආගන්තුකයන් කරන්නත් හිතක ඇතිවෙන හැගීමක් ප්‍රමානවත්. ඇස්දෙක දිහා බලාගෙන