Posts

Showing posts from July, 2011

නමක් නැති කෙටි කතාවක් 03

Image
අහස කරුවල කරගෙන එන්නේ වහින්නට සේය. දවල් තිස්සේ ගතට වදදෙන චන්ඩ හිරු රැස් ගතට පීඩා කිරීම නවත්වා දමා ඇත. "මොහු අහිංසකයෙක්" ඉරට මා කවුරුන්දැයි වැටහිලා තියෙන්නේ දැන්ය.. කුඩා කලසිට මා  විනෝදයට කරන්නට දෙයක් පුරුදුව හිටියානම් එනම් මහ මග ගමනාන්තයක් නොදැන සැරිසරීම පමනි. මා නෙත ගැටෙනා සියල්ලෙන් සුවයක් ලබාගන්නේ කෙසේදැයි මා දැන සිටීමි. "සර්" "මොකෝ පියසේන." "සර් එකෙක්ව ඇල්ලුවා ලයිසන් නැතුව. උගෙ අයියා පොලීසියෙලු" "මොකෙක්ද පොලීසියෙ" "සාජන් කෙනෙක්ලු" "ඌට හෙල්මට් තියෙද?" "ඔව් සර්" "එහෙනම් ඕකව යවපන් බන්.. අපෙ එවුන්ට උදව් කරන්නෙ නැත්නම් කාට උදව් කරන්නද බන්" මමත් කුඩා කල බලපත්‍ර නොමැතිව මෝටර් බයිසිකලය පදිනා අවදියේ මෙලෙස පොලීසියෙන් නැවැත්තූ අවස්තා අනන්තය.. එකල ප්‍රදාන පොලිස් පරීක්ශකයෙකු වශයෙන් සිටි මාගේ බාප්පාට ඇමතුමක් දී ඒ සියලු අවස්තාවන්හිදී දඩ නොගෙවා බේරුනෙමි.ජීවිතය යනු විදීමකි.වින්දනය කිරීම ගතට පමනක් නොව සිතින්ද කල යුත්තකැයි මා පෞද්ගලිකව විස්වාස කලේමි. පාසල් අවදියේ රචකයෙකු වශයෙන් කටයුතු කලද.. ආර්තික ව

නමක් නැති කෙටි කතා පෙල....02

Image
" දිය ඇල්ල හරිම ලස්සනයි නේද අයියේ?" " ඔව් ලස්සනට පෙනෙන්න තිබ්බට මේක කොච්චර නපුරුයිද?" "ඇයි එහෙම කිව්වේ? මගෙ ජීවිතේට මම ඔය වගේ කතාවක් ඇහුවාමයි" "නංගි දන්නවාද? මේ දිය ඇල්ලේ උඩ ඉදන් වැටිලා අහිංසක මුරන්ඩු තරුන ජීවිත කොච්චරක් නැතිවෙලා තියෙනවාද කියලා?" "මුරන්ඩු නම් කොහොමද හලෝ අහිංසක වෙන්නේ?" "මුරන්ඩු කියල කියන්නේ නංගි හදවතට එකගව වැඩ කරන මිනිස්සුන්ට...අනිත් උන්ට එයාල මෞතු වෙන්න පුලුවන් ඒත් ඒ මිනිස්සු ජීවිතෙ හුගක් සන්තෝසෙන් ගෙවනවා.." "ඔයා කොහොමද ඔච්චර මුරන්ඩු මිනිස්සු ගැන දන්නේ?" "මොකද මමත් මුරන්ඩ් කෙනෙක් හින්දා?" "අප්පේ බයේ බැහැ ලගින් ඉන්න...බැරිවෙලාවත් ඔයාගෙ හදවත මාව මරන්න කිව්වොතින්..." "අන්න එතනයි නංගි ඒ අයට වැරදුන තැන.. හැගීම් සේරම ක්‍රියාවට යොදවන්න ඕනමද?" " නෑ මම හිතන්නේ" "ඉතින් ඒකනේ?" "කවද්ද නංගිට කැම්පස් ඉවර වෙන්නේ?" "තව අවුරුද්දක් තියෙනවනේ" "අපෙ මලයව එහෙම හම්බ වෙනවද?" "සමහර දවසට හම්බවෙනවා අයියා.. එයාලා අපේ කැම්පස් එක

නමක් නැති කෙටි කතා පෙල....

Image
විසි හතර පැය පුරා සිනහවෙන් ගතකලා වූ සමය ගැන ආවර්ජනාවක් නගන්නට සිත පිවිසියේ මා හටත් නොදන්වාය..අමාවකක් වූයෙන් වෙනදා නොපෙනෙන්න තිබූ තරු පන්ති පියවි නෙතට පැහැදිලිව පෙනෙන්නට තිබුනි... " අද අහස හරි ලස්සනයි නේද?" තේ කෝප්ප යුවලක් දෙඅතේ රදවාගෙන ඈ මා පසක සිටගෙන හිදී...හාන්සි පුටුවේ ඇන්ද මතින් තබාගෙන සිටි මාගේ දෙපය පොලොවට තබා රිසි සේ තේක පානය කරන්නට සැරසුනෙමි...ඇගේ දකුනතේ වූ කෝප්පය මාගේ පපුවට නුදුරේදී මා සන්තක විය... " හද පායලා තියෙන දවසට ,හද එලියට ඔය තරු රටා සේරම හේදිලා යනවා නේද තිවංක..????" "හ්ම්" ඈ සමග පෙම් බස් දොඩන්නට හිතක් නොවූ නිසාවෙන්... මුව වසාතබාගෙන නාසයෙන් පිලිතුරු සැපයීමි..... ඇය  තවම උලුවස්සට උරහිසින් හේත්තු වී මා දෙස නෙත් යොමාගෙන සිටිනවා විය යුතුය..ආපසු හැරී බලන්නට හිත කීවත්... මම අසීරුවෙන් මුහුන නිසල කරගතිමි... " මොකද බකමූනෙක් වගේ ඔරවගෙන ඉන්නේ??.. සති ගානකින් ගෙදර ආවාම පොඩ්ඩක් කතා කරන්න බැරිද?" "කතාකරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවද තරින්දි?..." " කොහොමද අලුත් තැන එහෙම?" "මගේ ගෙදරත් මට නුපුරුදු නම් ඉතින් අනිත් ත

මොනවා කියා කියන්නද??? කියවන ඔබ සමාව දේවිද??

අන්තර්ජාලයෙන් අහකට යන්න බැරුව හිටපු මට, බ්ලොග් එකෙන් ඈත්වෙන්න බැරුව හිටපු මට සිද්දවුනේ හතුරෙකුටවත් වෙන්න පතන දෙයක් නෙමෙයි...ලැප් එකෙ එන එන හැම ජනේලෙටම යෙස් දෙන මම මොකක්දෝ වින්නැහියක් වෙලා දැන් ජනෙල් 7න් මට අන්තර්ජාලයට එන්න දෙන්නෙ නැහැ.මේ එන්නෙත් නැන්දලගේ දිහා පරිගනකයෙන්.... මම දැන්නම් කොහොම හරි එනවා... ඔව් එනවාමයි.... මොකක්හරි ලියලාම යන්නම් එහෙනම්... "නිහඩයිද කෙතරම් සදපාන... නුබේ බැනුම් නැති රෑක... හිනාවෙන කනාමැදිරියනේ... උබත් තනිවෙච්ච දවසක....... කාත්කවුරුවත් නැති දවසක... නුබට දැනේවි ජීවිතේ කටුක බව......" ඉක්මනින්ම මම ආයෙත් එනවා...