නමක් නැති කෙටි කතාවක් 03

අහස කරුවල කරගෙන එන්නේ වහින්නට සේය. දවල් තිස්සේ ගතට වදදෙන චන්ඩ හිරු රැස් ගතට පීඩා කිරීම නවත්වා දමා ඇත.
"මොහු අහිංසකයෙක්"
ඉරට මා කවුරුන්දැයි වැටහිලා තියෙන්නේ දැන්ය..
කුඩා කලසිට මා  විනෝදයට කරන්නට දෙයක් පුරුදුව හිටියානම් එනම් මහ මග ගමනාන්තයක් නොදැන සැරිසරීම පමනි. මා නෙත ගැටෙනා සියල්ලෙන් සුවයක් ලබාගන්නේ කෙසේදැයි මා දැන සිටීමි.
"සර්"
"මොකෝ පියසේන."
"සර් එකෙක්ව ඇල්ලුවා ලයිසන් නැතුව. උගෙ අයියා පොලීසියෙලු"
"මොකෙක්ද පොලීසියෙ"
"සාජන් කෙනෙක්ලු"
"ඌට හෙල්මට් තියෙද?"
"ඔව් සර්"
"එහෙනම් ඕකව යවපන් බන්.. අපෙ එවුන්ට උදව් කරන්නෙ නැත්නම් කාට උදව් කරන්නද බන්"

මමත් කුඩා කල බලපත්‍ර නොමැතිව මෝටර් බයිසිකලය පදිනා අවදියේ මෙලෙස පොලීසියෙන් නැවැත්තූ අවස්තා අනන්තය.. එකල ප්‍රදාන පොලිස් පරීක්ශකයෙකු වශයෙන් සිටි මාගේ බාප්පාට ඇමතුමක් දී ඒ සියලු අවස්තාවන්හිදී දඩ නොගෙවා බේරුනෙමි.ජීවිතය යනු විදීමකි.වින්දනය කිරීම ගතට
පමනක් නොව සිතින්ද කල යුත්තකැයි මා පෞද්ගලිකව විස්වාස කලේමි. පාසල් අවදියේ රචකයෙකු වශයෙන් කටයුතු කලද.. ආර්තික වශයෙන් මෙහ්ම සමාජීය වශයෙන් ද ඒ තුල කිසිදු දනවත් බවක් නුදුටුවෙන් මා සතු වූ හැකියාව යටපත් කලෙමි.

වාහන ශබ්දයන්ගෙන් මා සවන් පත් පිරී ඇත. දුහුවිල්ලෙන් කාකි නිලාඇදුම නැහැවී ගියද කිසිවෙකුට එය නොපෙනෙයි.කිසිවෙකු මා දුටුවිට සැලියුට් කරයි.. මා තවත් ඉහල නිලදාරියෙකු දුටුවිට සැලියුට් කලෙමි.මහ මගට සැමදා පෙම් බැදි මා තාර පාර සහ පැය විසිහතරේ සේවය මනාලිය කරගත්තෙමි.සති අන්තයට හොදහැටි මත් වීමි. නමුත් මා වැනි වැනී නාවෙමි.. සැමදෙයකම සීමාවක් ඇත..සීමාවන් සොයා යමින් සීමාවන් වලට කොටු වෙමින් ජීවිතය ගත කලෙමි.රාජකාරිය තුල ජීවත් වීමි. නමුත් ඒ ජනතා සේවය නිසා නොවනා බව මා දනිමි.

නිවස මා හට නිවසක් නොවූයෙන් මා මේ රැකියාව තෝරා ගත්තෙමි.නමුත් ගෙදරින් මා වෙත අඩුපාඩුවක් කලා යැයි කියා කිසිවක් මා හට මතකයේ නැත.අහේතුවට නිවස එපා වුනාද නොවේ.
" උබව අරගෙන ඇවිත් උස්මහත් කරාට උබ අපිට සලකන්නේ මෙහෙමද?"
 එය නිකම් වචන නමයක් නොවෙයි අවුරුදු විසි හතරක මාගේ ජීවිතයේ ආරම්බය ගැන මා නොදන්නා රහසක් එතුල ගැබ්ව ඇත.මා ඒ රහස සෙවීමට දින ගනන් ගත කලෙමි. මාස ගනනාවකට පසු එය මා දැන ගත්තත් එය එතරම් සොදුරු දෙයක් නොවෙයි.

තුන්හිතකින් වත් නොපැතු සරසවිය මාහට අතවනනා විට මා එයට පිටුපෑමට ගත් මුරන්ඩු තීරනයත් සමගම මාගෙ ජීවන කතාව වෙනස් වුනේ නොසිතූ අයුරින්ය.

" ඔහෙලට ඕන මගුලක් කරගන්න"
මා සතුවුනාවූ ඇදුම් කෑලි කීපයද දමාගෙන මා නිවැසින් පිටවෙන්නට ඒ ලිපිය එනතුරු බලාහිටියෙමි.
" මම යනවා අම්මේ"
" කොහෙද යන්නේ"
" පොඩි ගමනක් .. අහන්න එපා මට එන්න ඕන දවසට එන්න ඔන වුනොත් මම එන්නම්.."
"ඔච්චර මුරන්ඩු වෙන්න එපා ලමයෝ"
"මුරන්ඩු නෙමෙයි මම මගෙ ජීවිතෙ තීරනයක් ගත්තා අම්මේ"
" ඕන දෙයක් කරගන්න එහෙනම්"
අම්මා නැගිට ගෙට ගියා මිස මා යන මග දෙස වත් ඈ බල උන්නා නොවේ.මාද ආපසු හැරී නොබැලුවෙමි.

නමුත් තවමත් ඈ දිවි හිමියෙන් රකින්නට උත්සාහ කරන්නාවූ ඒ රහස මා දැන සිටිනා බව තවමත් නොදන්නා ඇය , කවදා සත්ය කියාවිද? මා නොදනිමි.. එය කෙදිනකවත් නොවෙන්නට පුලුවන...
නමුත් ඈ සහ ඔහු නොවන්නට මා කවරෙකු වේවිද??
කන්න බොන්න ඉගෙන ගන්නට අඩුපාඩුවක් නොපෙනෙන්නට ඔවුන් කෙතරම් දුක් විදින්නට ඇත්ද?මුදල් හම්බකරන්නට කොතරම් දුක් විදින්නට ඕනෑද?
මා හට එය වැටහෙන්නේ අදය...

Comments

  1. මේකෙ පොලිසි ගැන ලියලා තියන එක දැක්කාම, පහු ගිය කාලේ පත්තරවල පොලිසිය ගැන තිබුන ඒවා මතක් වුනා. ජරාම ජාතියක් තමා ........

    ReplyDelete
  2. හොඳට ලියලා තෙයෙනවා යාලුවා..! elaaaaaaaaaaaaaaaaaaaaaaaaai...
    cheeeeeers...!

    ReplyDelete
  3. @ පංසල් හන්දිය: නෑ මම ඔයත් එක්ක එකග නෑ.. පොලීසිය නරක ජාතියක් නෙමෙයි>> පොලීසියෙ නරක එවුන් හිටියට>>>>

    ReplyDelete
  4. @ umz : ස්තුතියි මෙහෙට ඇවිත් ගියාට

    ReplyDelete
  5. ආහ් මොනවට mention කරනවද?? සස්සනට ලියනව නේ යාලු..!

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

ගුබ්බෑයමේ ඈ