Posts

Showing posts from 2014

ඈ කවුරුඳයි මගෙන් නාසන්න... එය මම ද නොදන්නෙමි...

Image
"කන පලාගන්නට   එපා නුබ මහ වැස්ස එක කිවිසුමක්වත්   ගියෝතින් නම් ඇයට නීල දග කෙහෙරැල්ල තෙමී ඇත හොදටෝම හීතලේ ගැහි ගැහී ඉදී ඈ තුරුලේම පායනා විට රෑට උනුහුමයි හද තාම සුදු වුනා කලු හීන සිටියි නුබ ලග පාත"

මේ ලපටි ඔබේ අවධානය පිනිසයි

Image
අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්‍රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්‍යයේ පුර්ශාධිපත්‍යය සෝදා පාලු විය හැක. එයින් තාරුන්‍යයේ හෙට දවස වෙදනා බර විය හැකි ය. අ ද ලිපියෙන් මම මේ දැවෙන්නාවූ සමාජ අර්බුධයට හේතු හොයන්නට බලා පොරොත්තු වන්නෙමි. අඩුවෙන් හෝ වැඩියෙන් ඔබ සහ මම සැවොම ප්‍රේමයේ ගොදුරු බවට පත්ව සිටින්නෙමු.. ගෝලීයකරනයත් සමග වත්මන් ප්‍රේමය විටක ආතල් ය. විටක ආතල් නැත. සමාජ වෙබ් අඩවි විසින් වත්මන් ප්‍රේම සබදතා සමග සෙල්ලම් කරනා බොහොමයක් අවස්තා අපි දැක ඇත්තෙමු. මේ එයට පිලියමක් සොයන්නට කාලයයි. කාර්‍යබහුල ජීවන රටාව හමුවේ, තරුන ප්‍රේමයේ අන්තර්ගතය තුල ඇතිකරන්නාවූ ගැටලු බොහෝම ය. ගුරුවරුන් සහ දෙමාපියන් විසින් ඇති කරන්නාවූ භීශනයේ ගැබුර අපි විද ඇත්තෙමු. එදා දිනකට සිය වතාවක් පෙම් හසුන් නිවසේ කොනක් කොනක් ගානේ සගවමින් වින්දා වූ ඒ මානසික ආතතිය අද පෙර යොවුන් වියේ සිටින්නාවූ පාසල් ශිශ්‍යාට ලැබෙන

"සහෘර්දයානෙනි, මේ ආයාචනාවන් අපගේ මෙන්ම නුබගේද හෙට දිනය උදෙසායි."

අප අට පාස් උන්ට කුනුහර්ප කීවේ ඉස්සර ය. නමුත් අද අපි යථාර්තය දනිමු. නුබ සම්මාන හයක් සමග සා පෙල සමත් බව ද අපි දන්නෙමු. නුබද බුද්ධිමත් ය. නුබේ මොලය සහ හර්දසාක්ශිය පිලිබද ව අපි තර්ක නොකරන්නෙමු. නමුත් නුබේ අසරනතාවය සහ නුබේ දුප්පත්කම විසින් තනන්නාවූ සිදුර තුලින් සිදුවන්නාවූ හත් හෙනක් ගසනා පාපකර්මයන් අපි අගය නොකරන්නෙමු. නුබට ද කරන්නට දෙයක් නැත. එයද අප අවබෝද කරගෙන හමාරය. නමුත් දුකනම්, නුබ අද පාපහර ගසන්නේ රටේ අනාගතයටයි. ඒ හයි ප්‍රෙශර් ජලයෙන් සෝදා පාලු වන්නේ රටේ බුද්ධිමත් බවයි. නුබේ ග ෙරවීමෙන් හඩන්නෙ රටේ තාරුන්‍යයයි. නුබට අපි ගෙදර යන්නට නොකියමු. අපි නුබට සාප නොකරන්නෙමු. නමුත් උන් නුබව අතකොලුවක් කරගත ද ඉන් තැලෙන්නේ හුදෙක් දැව පිඩක් නොව ඒ නුබ නියෝජනය කරන්නාවූ පන්තියයි.ඒ නුබ නියෝජනය කරන්නාවූ පරපුරයි. අපි නුබට අනුකම්පා කරමු. අපටත් පෙර නුබේ හර්ද සාක්ශියට විලංගු වැටී හමාරය. නුබේ හැගීමි මිහිදන් කර හමාර ය. රාත්‍රියට නුබට නිදි නොයේනා බව ද අපි දන්නෙමු.අපි නුබට ද සුභ සිහින පතන්නෙමු.. අද මහමග තැලුනේ නුබ සමග ටියුශන් ගියා වූ සහෝදරියයි, නැතිනම් සහෝදරයායි. පාසල හැරී නුබ සමග බසයේ ගිය මිතුරායි , මිතුරි

-----තරුනයෙක් අසයි-----

-----තරුනයෙක් අසයි----- මා දන්නා දේශපාලනයක් නොමැත. මධ්‍යම මැද පන්තියේ මට එයින් ඇති වැදගැම්මකුත් නැත. නමුත් ව්‍යවස්තාව යනු කුමක් දැයි මටද හැගීමක් ඇත. හිට්ලරයන් ගඩාෆීන් ගැන මමද අසා ඇත්තෙමි. නමුත් උන් කිමැක් කලදැයි මා දුටුවේ නැත. උන් කුමක් කලත් මට කිසි කමකුත් නැත.නමුත් දේශපාලන පලිගැනීම් නම් මම හොදින් දැක ඇත්තෙමි. මීට වසර පහ හයකට පෙරතක් ධනපති පන්තියට වෛර කලේ පීඩිත පන්තිය පමනි. නමුත් අද මමද ඒ පන්තියට වෛර කරන්නට හුරු වී සිටින්නෙක්මි. මා දුගී වී ඇත්තේද නැතිනම් මා දුගී කර ඇත්තේද? එයද  මා නොදනිමි. දේශය බේරාගත් රනවිරුවන් වෙනුවෙන් ලියූ ලිපි , කාව්‍යන් මගේ බ්ලොගයේද පලවුනි. නමුත් හදවතින් කියන්නේනම් අද උන් සිටින්නේ වෙඩි නොවදිනා ගානට ය. උන් උඩින් ඩ්ෆෙඩර් වල ඉගිලයද්දී අපි බඩගාන්නෙමු. ඉදිරියෙන් ඩිෆෙන්ඩර කිහිපයකි පසුපසින් තවත් කිහිපයකි. මැදින් තවත් තඩි කාර් දෙක තුනක් ඇත. වීදුරු කලුකර තිබේ. ඇතුලේ කවුරුදැයි මට කිසි අදහසක් නොමැත. මා දන්නේ මෙපමනකි. මමද මේ රටේ නිදහස් වැසියෙක්මි. ඇතුලේ යන්නන් ද වැසියකු විය යුතු ය. නමුත් මා වේගයෙන් ගියොත් මට හිමිවන්නේ දඩ කොලයක් ය. නැත්නම් නොතීසියක් ය. මට මෙසේ වෙන්නටත් උන්

විරංගි 005 {කලකට පසු නැවත }

Image
ප්ලාස්ටරය නම් ගැලවුනි.. නමුත් තවම ඉබාගාතේ යාමට අවසර නොලැබෙනු ඇත​...  කුරුල්ලෙකු මෙන් පවනේ ඉගිල ගිය යතුරු පැදියේ යතුරු කවුදෝ හංගා ඇත​. කකුල යන්තම් බිමතියා ඇවිදින්නට නම් පුලුවනි.මාස ගනනක් එක තැන ඉදලාම ජීවිතය අපායක් ලෙස දැනුනි. ප්ලාස්ටර් කප්පවාගත් මා නිවසින් බැස්සවූ අම්මා තාත්තා රාජකාරිය බලා නික්ම ගියෝ ය​. නිවසේ ආච්චි සියා පමනි. නිවසින් පිටවීමට මීට  හොද නැකතක් ආයෙත් ලැබෙනවා ෂුවර් නැත​. ආච්චි නම් බනීවි.. නමුත් ඈ ලයිට් ය​... නමුත් හැඳැවට අම්මාගේ කනේ තියනු ඇත​.. මෙලෙස සිරවී සිටී නවාට වඩා එලියට ගොස් ටිකක් හුලන් කා ඒම සැපය​..පුන්චිකාලේ කූඩු වල දාන් උන්නු කුරුල්ලන්ට කොච්චර දුක හිතෙන්න ඇත්ද​..ෂුවර් එකටම පුංචි කාලේ කල පව් මේ පලිසන් දෙනවාය.. නිවසින් පිට වීමට ඇත්තේ එකම පාරකි. ඒ නාහෙට නාහන සහෝ ගේ ස්කූටරයි.. දොරකඩට පසෙක නවතා ඇති එය දෙසට පිවිසීමි. "නොදකින් .. මේවා ගෑනු පදින බයිසිකල්.." මටත් හොරා මුවින් පිටවුනි.. අරූට කනවැටුනා නම් අනෙක් අන්ඩත් කඩන්නේය​. අර මොකේද වැටූන එකා පිදුරු ගහේ එල්ලෙනවාලු.. මම මොකේද වැටූනු එකයි.. මේ මලයාගේ පිදුරු ගසයි.. ස්කූටරය පන ගන්වාගත් මා සෙමින් සෙමින් ගේ

විර0ගි 004

Image
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න​ " ට්‍ර්න් ට්‍රීන්" ගෙදර බෙල් එක නාදවුනි... "පොඩී... පොඩී" මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත​. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද​.. මම මටම කියා ගැතිමි.. "වෙයිට් අ සෙකඩ්" ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි.. " මොනවද මනුස්සයො කර කර හිටියේ..." මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි... "සොරි පැටී" මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය​.. එය හුගාක් අහින්සකය​... පවිත්‍රය​... "එන්න ඇතුල ට​" වාඩිවෙන්න​... දකුනතින් කවිච්චිය පෙන්වීමි... "පොඩී.. පොඩී" "කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ??" "දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල​.." මම දක් මිටි කමින් පැවසීමි.. "මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ??" "තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න " "ඔයාගෙ කකුල රිදෙනවද ?? " "ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි." "තියාගන්න එහෙනම් .. කෝ