මේ ලපටි ඔබේ අවධානය පිනිසයි

අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්‍රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්‍යයේ පුර්ශාධිපත්‍යය සෝදා පාලු විය හැක. එයින් තාරුන්‍යයේ හෙට දවස වෙදනා බර විය හැකි ය. අද ලිපියෙන් මම මේ දැවෙන්නාවූ සමාජ අර්බුධයට හේතු හොයන්නට බලා පොරොත්තු වන්නෙමි.

අඩුවෙන් හෝ වැඩියෙන් ඔබ සහ මම සැවොම ප්‍රේමයේ ගොදුරු බවට පත්ව සිටින්නෙමු.. ගෝලීයකරනයත් සමග වත්මන් ප්‍රේමය විටක ආතල් ය. විටක ආතල් නැත. සමාජ වෙබ් අඩවි විසින් වත්මන් ප්‍රේම සබදතා සමග සෙල්ලම් කරනා බොහොමයක් අවස්තා අපි දැක ඇත්තෙමු. මේ එයට පිලියමක් සොයන්නට කාලයයි.

කාර්‍යබහුල ජීවන රටාව හමුවේ, තරුන ප්‍රේමයේ අන්තර්ගතය තුල ඇතිකරන්නාවූ ගැටලු බොහෝම ය. ගුරුවරුන් සහ දෙමාපියන් විසින් ඇති කරන්නාවූ භීශනයේ ගැබුර අපි විද ඇත්තෙමු. එදා දිනකට සිය වතාවක් පෙම් හසුන් නිවසේ කොනක් කොනක් ගානේ සගවමින් වින්දා වූ ඒ මානසික ආතතිය අද පෙර යොවුන් වියේ සිටින්නාවූ පාසල් ශිශ්‍යාට ලැබෙන්නෙ නැත. නමුත් ඊට එහායින් වූ අප්‍රමානයක් ගැටලු වලින් වර්තමාන පාසල් ශිශ්‍යයා පෙලෙන්නේ ය.සමාජ වර්චුවල් කරනයත් සමග අත්වන්නාවූ ගැටලු ඉන් ප්‍රමුකස්තානයක් ගන්නේ ය.

එදා පෙම්වතෙකුට තම පෙම්වතියගේ සුදු මුහුන දකින්නට සති ගනනක් ඇගිලි ගනින්නට සිදු වී ය. ඇගේ හඩ අසන්නට ද හැමදා ඉඩක් ලැබුනේ නැත.එමනිසා කාලයක් තිස්සේ එකිනෙකා නොදැකීමෙන් උන්ට තනිකමක් දැනුනේ නැත. ඔවුන් තුල මියුචුවල් අවබෝධතාවයක් තිබුනි. නමුත් ලෝකය වෙනස් වී ඇත. අද උන්ට කතා කරන්නට ස්කයිප් ඇත. හසුන් ලියන්නට ෆේස් බුක් චැට් ඇත. නැතිනම් වට්සැප් සහ වයිබර් ඇත. එමනිසා ඔවුන් පෙරටත් වඩා එකෙනෙකා මත ඩිපෙන්ඩන්ට් වී ඇත. අනෙකාගෙන් නොඅසා ලොසින්ජරයක් කෑමට පවා උන් අද බියෙන් තැතිගොස් සිටිති.අද උන්ට තමන්ගේ මිතුරන් සමග වත් කොහේවත් යන්නට ඉඩක් නැත. හොරෙන් ගියද විනාඩි කිහිපයක් තුල මිතුරෙකුගේ පින්තූරයක ටැග් වන්නට ඒ අහින්සක පෙම්වතාට සිදුවී ඇත. ඉන් අනතුරුව සිදුවන්නාවූ දුක්ඛිත තත්ත්වය අපි සැවොම දනිමු.

වෙනත් ලමිස්සියක ගේ යමක් ලයික් කලතොත් ඇගෙන් ලැබෙන්නාවූ දඩුවම දඩයක් හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් දක්වා දරුනු විය හැකි ය. මෙවන් අවනඩු වලදී සැකයේ වාසිය හැමවිටම පැමිනිලිකාර පාටියට හිමිවන්නේ ය. මෙය බොහෝ වේදනාකාරක රීතියකි. එම නිසා බොහොමයක් අවස්තාවන් වල නිර්දෝශී පෙම්වතා වැරදි කරු බවට පත්වේ. එවූ දුකින් මත්පැන් පානය කලහොත් ඔහුට සීමානොමැති දඩුවම් ප්‍රමානයක් ලැබිය හැකි ය.එමනිසා කිසිදු සැකයක් ජනිත නොවීමට වත්මන් ප්‍රේමවන්තයා බොහෝ වෙහෙසක් දරයි. මෙම නිසා උදේ ඇස් හැරුනු මොහොතේ සිට රාත්‍රී නිදාගන්නට අවසරයක් ලැබුනහොත් නිදාගන්නා මොහොත දක්වා නොකා නොබී තම කල්කිරියාවන් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔහුට සිදුවී ඇත. ශාරීරික අවශ්‍යතාවයක් නිසා උදෑසන මැසේජයක් යැවීමට අතපසු වී දඩුකදේ ලෑ අවස්තාවන් ද බොහොමයකි.

කැමැත්තන් හා අකමැත්තන් එකෙනෙකා මත වෙනස් වන්නේ ය. ඇය කැමති දෙයකට මා මුලුමනින්ම අකමැති විය හැකි ය. සම්බන්ධතාවයකට කමිට්මන්ට දීමෙන් පසුව මෙවන් අක්‍රමිකතාවන් පිලිබද අවධානයට ලක්වීම බොහෝ ගැටලු වලට හේතුවයි. යම් සෙයකින් අප මෙයට පිලියමක් ගෙන ඒම මගින් පමනක්, ඩිප්ප්‍රෙශන් සහ ෆ්‍රස්ට්‍රේශන් වැනි බොහොමයක් තරුන ප්‍රශ්න අවම කරවා ගත හැකි ය. මගේ අදහස නම් , සම්බන්ධතාවයකට එලබීමට ප්‍ර්‍රථමයෙන්, සාක්ශිකරුවන් දෙදෙනෙකු අභියස එකගතා ගිවිසුමකට අත්සන් තැබිය යුතු ය. ඉන් දෙදෙනා සතු ඉල්ලීම් සහ කොන්දේසි එකිනෙකාට වහෙන් ඔරව පැවැසීමෙන් තොරව දැනගත හැකි ය. මෙවන් ලේඛනයක ඇති අනික් වාසිය නම් සාදාරණ හේතුවකින් තොරව විටින් විට එක් පාර්ශවයකට පමනක් ගිවිසුමෙන් ඉවත් විය නොහැකි වීමයි. එම නිසා උදේ හවා, "තරහද සුදූ" වශයෙන් ඇසීමේ අව්ශ්‍යතාවයක් ද පැනනොගැනෙනු ඇත. දෙපාර්ශවයේ කැමැත්තෙන් වෙන් වූ අවස්තාවන් වලදී පවා හුවමාරු කරගත් වටිනා ත්‍යාගයන් නැවත රිටර්න් කරගැනීමේ අවස්තාව ද බෝනස් වාසියකි. මෙනිසා මීලගට එලැබෙන්නා වූ ගිවිසුම් වලදී නැවත නැවතත් මුදල් නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් ද නොයෙනවා නියත ය.






Comments

  1. අපේ යූ ටියුබ් බ්ලොක් කරලා නිසා සිංදු ඇහිල්ලක් නෑ.

    ReplyDelete
  2. ආදරය විර්චුවල්කරණයට ලක්වී හමාරය ...! එයට පිළියම් කෙතරම් සෙව්වත් විර්චුවල්කරණයෙන් මිදීම වර්තමාන සමාජයේ කල නොහැක්කක්යැය් මට සිතේ ... ....:(

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02