xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

මම ඊයෙ කියල ගිය විදියට    ඉස්පිතිතාලෙදී සහ ඊට පස්සෙදී වෙච්චදේ ලියන්නයි මේ යන්නේ යසියා ....

හේමාස් කියාලා පුද්ගලික ඉස්පිතිතාලයක් තියෙනව ගාල්ලේ... අපේ අම්මි රජයේ බැන්කුවක ලොකු පුටුවක් නිසා(ඇඩ් එකක්ය. බැන්කුවල අයට පවුලේ උදවියගේ මෙඩිකල් කියලා බර ගානක් දෙනවනේ) අපි කැස්සටත් බේත් ගන්න ඕකට යනවා නිතරම. ඉතින් මට කලින් ඩොකා නිර්දේශ කරපු x-ray එකයි full blood count එකයි චෙක් කරන්න මමයි අම්මයි ගියා ඕකට... සල්ලි ගෙවලා කවින්ටරෙන් රිසිට් එකත් අරගෙන ගියේ නැතයි එක්ස් රේ රූම් එකට හුරේ කියලා.....

"මැඩම් බැන්කුවේ නේද?"

මලා කවුදෝ අම්මගේ යාලුවෙක්, දැන් හුටා තමයි.. දීපන්කෝ ප්‍රශ්න වලට උත්තර....මෙන්න අනිවා අහන ලිස්ට් එක......
*ආහ් මේ පුතාද?
*මොනවද කරන්නේ?
*කැම්පස් තාම පටන් ගත්තේ නැත්ද?
*අර ආමි ට්‍රේනින් ආවෙ නැත්ද?
*ආ... අපරාදෙනේ ඇයි ගියේ නැත්තේ?
................................................

නිකන් මොකටද කුනුහර්ප මතක් කරගන්නේ...නිදහසේ සිගරට් එකක් වත් බොන්න තියෙන නිදහසනේ නැති වෙන්නේ....   :P

මම රිසිට් එකත් අරගෙන දිව්වා රූම් එකට... දන්නවනේ අම්මල කතාවට අහුවුනාම ... ස්ටිකර් නේ....

ඉබේ වැහෙන වීදුරු දොරක් තිබුනේ මන් ඕක ඇරන් ඇතුලට ගියා. ලස්සන කෙල්ලෙක් ඉන්නවා සුදු කබායක් දාගෙන......

"කෝ දෙන්න රිසිට එක"
මම ඩොකාගේ එකයි. සල්ලි ගෙවපු එකේ එකයි දෙකම දුන්න ඒ සුමුදු දෑතට(ඒක දන්නේ කොහොමද අහන්න එපා මම හෙමිහිට අත ගෑව්වා.. මමත් කොල්ලෙක්නේ..අපි ඉතින් ස්ත්‍රී අතක ගාවගන්න ඉස්පිතිතාලෙකටම යන්න ඕනා)

"හා... ශ්ර්ට් එක ගලවලා උඩුමැලි අතන හාන්සි වෙන්න "

මම ඇබරෙනවා...කට කනේ...

එයා කින්ඩි හිනාවක් දාලා,
"අපෝ ලැජ්ජා වෙන්න එපා මල්ලී. මම ඔයාගේ අක්කා කියලා හිතන්න.කෝ කෝ යන්න. අපිට තව වැඩ තියෙනවනේ"

අක්කා ලස්සනට හිනාවුනා..(හිනා යන්නේ නැත මීහරකෙක් වගේ ඇබරෙනකොට හයේ හතරේ අවුරුදු විස්සකුයි තව එකකුයි වෙන පොඩි එකෙක්.....:P)

මම ඉතින් කිව්ව විදියට හිටියා...
"මල්ලි තරහා නැතුව කලිසම පොඩ්ඩක් පාත් කරන්නකෝ."
(මොකෝ ඩෝ වල් විදියට හිතන්නේ???? මගේ මුලු කොන්දෙම  x-ray එකක් ගන ඕන නිසා එහෙම කිව්වෙ..)

මන් චුට්ටක් පාත් කලා ඇබරි ඇබරි... අක්කා හිනාවෙනවා......

ඕන් මේන් එක එක ලයිට් පත්තුවෙනවා....

"පොඩ්ඩක් හුස්ම ගන්න එක නවත්තන්න" කියනවා

ඔහොම වෙලා මගේ ඇටසැකිල්ල නිල් පාට කොලේක සුදු අකුරින් මුද්‍රනය වෙලා ආවා එලියට....

මැශින් එක ඔපරේට් කරපු අක්කයි මට ඉන්න විදිය කියපු අක්කයි අපෙ අම්මයි තුන් දෙනාම හිනාවෙනවා.. මම කොන්දේ අමාරුව පැත්තකින් තියලා දුවලා ගිහින් ශ්‍ර්ට් එක දාගත්ත ඉක්මනට......

"ආන්ටී මෙයාගෙ කොන්දෙ පොඩ්ඩක් මොකක්ද තියෙනවා.."

ඊට පස්සේ අම්ම මොනවද කතාකරලා ඒකත් අරගෙන ආවා (ඒක කිව්වෙ x-ray එක)

මාත් ඉතින් යන්නාන් කියාගෙන ආවා........

පව් අක්කලා තාම හිනාවෙනවා...
හික් හික් හික් හික්

යසියා තැනක ගියොත් කුජීතයිලු නේ?????

ඊට පස්සේ ගියානේ ලේ දෙන තැනට .......

ඒ කතාව මම තව පෝස්ට් එකක ලියන්නම් කෝ........


Comments

  1. හපොයි !!! ගෑනු ලමයි පෙනෙන්නට තියන්නට හොද නැත !!!

    අනික නම්, කෙල්ලන් දුටු විට ඇඹරීම නිසා තවත් කොන්දෙ අමාරු වැඩිවීමය...

    හොදට, දිගටම ලියන්න... සින්ඩියකට එකතු වුනේ නැද්ද ?

    ජයවේවා කියලා පතන්නම්... සුභ !!!

    ReplyDelete
  2. අඩේ ස්තූතියි ආවට.. ඒකට පෝස්ට් එකක් එකතුවෙන්න හැට පැයක් යනවනේ.. මම සින්ඩියෙ ඉන්නවා.....

    ReplyDelete
  3. හී හී... නියම කතාව..

    ReplyDelete
  4. @ ප්‍රාර්තනාව මොකද ලේණ් පැටියෙක් වගේ හී හී ගාන්නේ?? :P

    ReplyDelete
  5. අඩේ උබ අතින් දැම්මද නැත්තම් උබ නෝන්ඩි ‍උන ටින නැතුවද දැම්මේ....??

    ReplyDelete
  6. ඇත්ත කියහන්...කලිසමත් ගැලෙව්ව නේද??

    ReplyDelete
  7. හෙහේ ඇබරිච්ච ඇබරිල්ලට x-ray එක ගන්න කොට කොන්දක් ඉතුරුවෙලා තිබුනයි.... කොදු ඇට පෙල නිකන් ලයිට් හවුස් එකකට නගින පඩිපෙලක් වගේ තියෙන්න ඇති නේ....

    ReplyDelete
  8. උඹ කලිසම ගැලෙව්වේ නෑ කියන්න එපා බන්.උඹ කලිසම ගලවල තියෙනවා

    ReplyDelete
  9. @ මාරියෝ: මොකද උබට හිතෙන්නේ??

    @ රත්ගමයා සහ දිලීප: නෑ බන්... එහෙම වුනේ නෑ... සොරි

    @ කිඩෝ: ආයෙත් ‍x-ray ගන්න යන හිතෙනවා බන්..

    @ all in one: නෑ බන්... ආසාවේ බෑ...

    ReplyDelete
  10. උබ මෙතන කොලේ වහල ගහනවා නේ...?? අපිව ගොනාට අන්දන්න බැහැ බොල..

    ReplyDelete
  11. ඔයින් ගියා මදෑ .........
    කොහොම උනත් ඔන්න මම නිරෝගි සුව පැතුවා ....

    ReplyDelete
  12. ලේන් පැටවු හී හී ගානවද? මම දන්නෙ අදනේ? :P :D.
    ඇත්තටම කතාව ලස්සනයි මල්ලියා..

    ReplyDelete
  13. @ පරාජ නැති එකෝ: මම කඩ් ගහන්න දන්නේ නෑ බොල.. ඉතින් කොහොම වහන්නද කොලයක්?

    @ කල්හාර අයියා/; තව කතාව යන්න තියෙනවා බන්... ස්තූතියි....දැන් ටිකක් අඩුත් එක්ක..

    @ ප්‍රාර්තනා: ඔව් දන්නේ නැත්ද? මගෙ අහින්සක ලේනි නම් හැම තිස්සෙම කලේ හී හී ගාන එක තමයි..

    ඉතින් හැමෝටම සුරන්ගනා ලෝකයට ආවට ස්තූතියි..හම්බ වෙමු එහෙනම් ආයෙත්...

    ReplyDelete
  14. @ දිලීප: සමවෙයන් බන් දැන් දැක්කේ:පිස්සුද එහෙම ගලවනවද බන් මගෙ කලිසම.....

    ReplyDelete
  15. අපෝ ලැජ්ජා වෙන්න එපා මල්ලී. මම ඔයාගේ අක්කා කියලා හිතන්න....

    මදැයි උඹ කෙල්ලෙක්ගෙ ලස්සන බලන්න ගියා...

    ReplyDelete
  16. @ සාතන්: ඔව් බන් යසියට වෙන්නේ ඔහොම වැඩක්ම තමයි..

    ReplyDelete
  17. මොකද ලොක්කා කොන්දේ සීන් එක ??? කොන්දක් නැහැලුද :))

    ReplyDelete
  18. @ hasitha: පොඩි රිදිල්ලක් තියෙනවා බන් නවතින්නේ නෑ...

    ReplyDelete
  19. යකො මේච්චර එකට ඉදලා මූ මට මේ කතාව කිව්වෙ නැනේ.....
    එහෙමයි එහෙනම්....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02