විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02


"ඉතින්  එහෙනම් කොහොමද රෝමියෝට ජුලියෙට් ව හම්බ වෙන්නේ?"
ඒ කාලේ අපේ වගේ ටියුශන් ක්ලාස් තිබ්බද නෑ. මම මූලාශ කරගත්ත ග්‍රන්තයේ සදහන් වෙන විදියටනම්, සල්පිලකදි සිද්ද වෙන අකරතැබ්බකින් තමයි. මේ ප්‍රේම හුටපටේ පටන් අරගෙන තියෙන්නේ.

මෙහෙමයි ඒ සිද්දිය වුනේ..
ජුලියෙට් සහ ඇයගේ මිතුරන් සල්පිලේ කඩයක් කඩයක් ගානේ ඇවිදිද්දී තමයි..(අද කෙල්ලෝ වගේම තමයි ඒ කාලෙත් කෙල්ලො ශොපින් කියලා කරන්නෙ ජොගින් නේ)

මම මක්කද කිය කිය හිටියේ....??  :D

රෝමියෝගේ ඇවැස්ස නෑනා (නැන්දගේ දූ) ජුලියෙට් ගේ මිතුරියක්. මේහිදී රෝමියෝ ජුලියෙට් එකට මුනගැසුනත් එය හුදෙක් නෑනන්ඩියගේ උවමනාවට සීමාවූවක් වෙනවා..(love at first sight එකක් නෙමෙයි ආරම්බය)

රස්තියාදුකාරයෙක් ලෙසින් සැරසි රෝමියොන්ට පලමු දැක්මෙන් පෙම් කිරීමට තරම් මානසික අස්තාවරබවක් ජුලියට්ට තිබිලා නෑ. නමුත් සැනෙකෙලිය අවසාන වී මෙම තරුනියන් නිවසට යනවිට වීදියේ සිටි මැරවරයින් පිරිසක් ජුලියෙට් හා පිරිස නවතාගන්නවා.. අවාසනාවකට හෝ වාසනාවකට ජුලියෙට් හැර අනෙක් සියලු දෙනාම පැන ගන්නවා..ඇදුම් ඉරා ලිංගික අතවරයකට ඔන්න මෙන්න තියෙද්දී මත් වතුරක් බොමින් යන රෝමියෝ සහ පිරිසට මේ දසුන දැක්කත් රෝමියෝ පමනක් එය නවතා දැමීමට යනවා.

මෙහිදී දරුනු පිහි ඇනුමකට පවා ලක්වන රෝමියෝ වීදීකොනක වැටී සිටියදී පසුවදා උදෑසන සොයාගන්නවා.ඒත් සමගම ඒ අසලින් යන රාත්‍රී ආරක්ශක මුරයකට පින් සිද්දවෙන්න එදා ජුලිඑට්ගේ ජීවිතය බේරෙනවා.ඒත් සමගම ලෝකයක් ගොනාට ඇන්දවූ රොමීයෝ ජුලියට් කතාවස්තුවට ඌන පූරකය නිර්මානය වෙනවා..

අදික ලෙස රෝගාතුරව සිටින රෝමියෝ බැලීමට දෙතුන් වාරයක් ජුලියෙට් පැමිනියතතේ කිසිම අවස්තාවක මතකයක් තබා ගැනීමට තරම් රෝමියො යහපත් ශරීර සුවයකින් ඉදලා නෑ.ඒ එන හැම වාරයකදීම මල්පොකුරක් අරගෙන එන්න ජුලියට් අමතක කරලත් නෑ.

එහෙනම් කොහොමද මේ යුවල යාලුවෙන්නේ..
ඒක සිද්දවෙන්නේ රෝමියොගේ නෑනන්ඩිය (ජුලියට්ගෙ යාලුවාගේ අක්කා) විවාහ වන දිනයෙදි. එදා තමයි ජුලියෙට් පවසන්නෙ තමා ඔහු රෝගී අවදියෙදි බැලීමට ආව බවක්. විවාහ සාදයේ අවසානයත් සමගම ඔවුන් දෙ‍දෙනා හොදම මිත්‍රයන් වෙනවා..
පසුව නෑනන්ඩිය හරහා ලිපි මගින් මිත්‍රත්වය පවත්වාගෙන යන මොවුන් ටික කලකින් පෙම්වතුන් වෙනවා..මේ අතරදි රෝමියෝ සතු රස්තියාදුකාර ගුනාංගයන් වලින් ඇයට ඔහුව එපා වෙනවා.

කලින් ලිපියේ මා කී ලෙසම ඇගේ දෙමාපියන්..
"ගැහැනියක් ඇයට වඩා බාල මිනිසෙකු සමග විවාපත් වීම දෙවියන්වහන්සේගේ වයිරයට ගොදුරුවේ"
යන මතය තදින් එල්බ සිටිනවා.පසුකාලීනව එම සමාජයෙන් වියපත වී යන මතයක් වුනත් ඒ මොහොතේ ජුලියට් ගේ මනසට එය තදින් බලපානවා..මේ හේතුව නිසා පෙම්වතුන් මෙන් පෙම් ලිපි මගින් ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන. දරුවන් සාදන ප්‍රමානය ගැන ඔවුන්ට සලකන අයුරු ගැන කතිකාකර ගත්තත්
"i love you" ලෙසට ආදරය ප්‍රකාශ නොකිරීමට ජුලියට් වග බලාගන්නවා.....

ජුලියට් හමුවීමට ප්‍රතම රෝමියො විසින් වෙනත් තරුනියන් කිහිප දෙනෙක් සමග සම්බද්තාවයන් පවත්වාගෙන ගියත් ඒව වැඩිකලක් පැවතුන ඒවා නොවෙයි.. ඒ අතීතය ඔහු ඇයගෙන් සගවනවා.නමුත් අවාසනාවකට ඇගේ නෑනන්ඩිය විසින්ම මේ සම්බන්ද කාරනාවන් ඇත්තටත් ඔබ්බට ගිය ආකාරයෙන් ලෙස ඇයට පවසනවා ..

තමන්ටත් වඩා ආදරය කල රෝමියෝ කෙරේ ඈ වයිරයෙන් බැදෙනවා..නමුත් ඇගේ ජීවිතය බේරාදීමට උපකාරයක් වශයෙන් ඈ ඔහු සමග දිගටම ලිපි හුවමාරු කරගන්නවා.

(එහෙනම් ඇයි නෑනන්ඩිය ලිපි හුවමාරුවට උදව් කලේ?..එයට හේතුව ලිපිය අවසානයේ සදහන් කරන්නම්)

 ඒ ලිපි මගින් දෙදෙනා හට දෙවෙනි වරට හමු වීමට අවස්තාවක් යෙදෙනවා..
 දිනක දෙදෙනා නිවැසියන්ට හොරෙන් වීදියකදී හමුවෙනවා.. එහිදී ඔවුන් මිතුරන් සේ ඉදිරියට සිටිය යුතු බව ඈ ඔහුට සදහන් කරනවා..
ආදරෙන් ඈ කෙරෙහි මුසපත්ව සිටින රෝමියෝ ඇයව සිප ගැනීමට යන අවස්තාවකදී ඈ අතුල් පහරකින් ඔහුව නවතනවා.

ඉන් පසුව ඔවුන් දෙදෙනා ඒ අයුරින් හමු වූ වගක් නම් මූලාශ්‍රයේ සදහන් වෙන්නේ නෑ..නමුත් සැමවිටම පාහේ ජුලියට් සිය මිතුරියගෙන් රොමියෝ ගැන විමසනවා.තොරතුරුවල නිවැරදිබව පිලිබදව ප්‍රශ්නයක් තිබුනත්. ඇය තවම රොමියෝ ගැන සිතනා බවත් ප්‍රේම කරනා බවත් මෙහිදී අපට වැටහෙනවානේ...


කතාවේ අවසාන කොටසට අපි එනවා. ඒ දෙදෙනාගේ වෙන්වීම.

හැන්දෑවක රෝමියො ගනිකාවක සමග කතාකරමින් සිටිනායුරු දිනක් ජුලියට්ගෙ නෙත ගැටෙනවා..මේ නිසා ඈ මාසයක් ඇතුලත ඇගේ පියා සේවය කල සමාගම් අදිපතිගේ පුත්‍රයා සමග විවාහ වෙනවා.
විවාහ උත්සවය අති උත්කර්ශවත් අයුරින් සිදුවූ බවත්.. වසර කිහිපයක් යනකන් එම අවස්තාව ගැන නගර වැසියන් කතාකල බවත් මූලාශ්‍රය තව දුරටත් සදහන් කරනවා..

රෝමියෝ විවාහ උත්සවයට බලෙන් යාමට උත්සාහ කල විටක සිරගතකරනවා..
සිරෙන් පිටත් කල විටක "ඕඛ්" නම් විසක් ආහාරයට ගෙන රෝමියෝ සියදිවි හානිකරගත් වගක් අවසානයේදි සදහන් වෙනවා..නමුත් මූලාශ්‍රයම සදහන් කරනවා ජුලියට්ගේ සැමියා විසින් ඔහුව වස දී සිරේදීම ගාතනය කලා යැයි රාවයකුත් එවකට තිබුනු බව..


විලියම් ශේක්ස්පියර් යනු ජුලියට් ගේ පුතා.රෝමියෝගේ නෑනන්ඩිය පසුකාලීනව ඇගේ සේවිකාව වේනවා..
නෑනන්ඩිය තමන් කල පවට පාපෝච්චාරනයක් වශයෙන් මෙය ශේක්ස්පියර්ට සදහන් කරන්නෙ කුඩාකලසිට රචනයට ඔහු හැකියාවක් දක්වපු නිසා..
නමුත් පසුකාලීනව ඔහු මෙම ප්‍රේම කතාව වෙනස් අයුරකින් ලෝකයට ගෙන ගියේ ඇයිද කියලා මුද්‍රනය නොවූ ඔහුගේ අවසාන තිරරචනයේ සදහන් කරතිබුනේ...ඔහුට තවත් කෙනෙකු සනසාලන්නට එම කතාව වෙනස් කරන්න සිදුවුනා යනුවෙන්...
අවසානයේ ඇය දාහත් හැවැරිදි ඔහුට  මේ දේත් සදහන් කරලා තියෙනවා.....


"මා රෝමියෝට ..එනම් මාගෙ ඇවැස්ස මස්සිනාට කුඩා කලසිට පෙම්කලා..මා ඉදිරියේදීම මාගේ හොදම මිතුරියට ඔහු හිමි වීම මට දරාගත නොහැකි වුනා. එනිසා ඔවුන් වෙන්කිරීමට ම ජුලියට් රෝමියෝ කෙරෙහි බිදෙව්වා...දෙවියන් වහන්සේගෙන් මා ඒ ගැන සමාව අයදිනවා...

නමුත්..

රෝමියන්ගේ දයිවය නිසා ඔහුගේ අකල් ගාතනයේ පාපය මා බාරගන්නේ නෑ..."



ප්‍රේම්ය නම් සොදුරු වචනයෙන් වැසීගිය කුරිරු ඇත්තක් නුබට ගෙන ආ මා..

හුදෙක් සුරන්ගනාවෙක්

Comments

  1. දන්න කියන ආදර කතාව උභතෝකෝටික ප්‍රශ්නයක් උනා නේ. මේ කිසිම කාරනාවක් මීට කලින් දැනන් හිටියේ නෑ. ගොඩක් වටිනවා මේ දේවල් කිව්වට. මේ සේරම අත්ත කතා ද ???

    ReplyDelete
  2. මලය අන්තිමට සුරන්ගනාවෙක් කියල දාගන්න එකේ පොඩි අවුලක් තියෙනව වගේ නේද?...

    සුරන්ගනාව කියන එක හැදිල තියෙන්නෙ මම දන්න විදිහට සුර + අන්ඟනාව කියන එකෙන්...
    ඉතිං මගේ දැනුමෙ හැ‍ටියටනම් සුරංගානාවෙක් කියන කොට ස්ත්‍රී ලිංගයි...

    ReplyDelete
  3. සුරංගනා කමෙන්ටුව පබ්ලිස් කොරන්න ඕන නෑ... ටිකක් හිතල බලපන්.. මේල් එකක් දාන්න ක්‍රමයක් දැක්කෙ නෑ... ඒකයි කමෙන්ට් කලේ..

    ReplyDelete
  4. @ මදුරංග : උබට තේරෙනවද පේන දේයි ඇත්තෙයි වෙනස??? පුලුවනිනම් මේ කතාව බෙදාගනින්....

    ReplyDelete
  5. @ සාතන් අයියා: මමත් ඕක හිතුවා.. ඒත් සුරදූතයෙක් කියලා මම ඕක වෙනස් කරන්න ඉන්නෙ.. කමක් නෑ නේ?...
    අනිත් එක .. මම ෆේස්බුක් ඉන්නවානේ.......
    බෝමත්ම ස්තූතියි අයියා

    ReplyDelete
  6. අඩෝ පිස්සු කොර උනානේ බං....... උඹ කොහොමෙයි ඔව්ව දන්නේ.....?? මාරම වටින ලිපියක් බං.......

    ReplyDelete
  7. @ අපරාජිතයා: උබ මොකක්ද ඇත්තම ජූලියට් ගැන හිතන්නේ

    ReplyDelete
  8. මචං යසියා.. මාව නිකං කරකවලා අත ඇරියා වගේ.. මේ මේක සිරාවටමද මචං ලිව්වේ?

    ReplyDelete
  9. @ dinesh: සිරාවට? උබ අහන දේ මට තේරෙන්නේ නෑ බන්.නුබට හිතෙන ඕන කුනුහර්පයක් කියලා අහපන් මගෙන්....මේ බ්ලොග් එක හැමදාම කියවන උබටත් මේකේ අයිතියක් තියෙනවා..

    ReplyDelete
  10. දෙයියෝ මොනවා හිතුවත් කමක් නෑ. මගේ නෝනැත මට වඩා මාසයක් වැඩිමල්. අපි දෙන්නා සතුටෙන් ඉන්නවා නම් දෙයියොන්ට තියෙන අමාරුව මොකද්ද නේ??? කතාව හොඳයි යසියෝ..

    ReplyDelete
  11. @ රවීන් උබ හරි බන්.. ඔය කතාව කෙල්ලන්ට මතක් වෙන්නෙ කොල්ලව දාලයන්න ඕන වුනාම මිසක් ආදරේ කරනකොට නෙමෙයි.....පැත්තක ඉන්න දෙයියෝ අල්ලගන්නවා බොරුවට...

    ReplyDelete
  12. බලන් යද්දි කෙල්ලෝ ඔක්කොම එකයි බං...........අනේ මංදා තෙරුම්ගන්න බැරි ජාතියක්ද මංදා බං......... හැබැයි ජුලියට් අරුව කසාද නොබඳින්න මෙ ලොකෙට විශිශ්ට ඝනයේ ලේඛකයෙක් නැති වෙනවා නේද මචං..........??

    ReplyDelete
  13. ෆිල්ම් එකනම් බලලා තියෙනවා වගේ එත් අද තමා කතාව හන්දා ආයේ මතක් උනේ..මට මතකම කොටස අර ජුලියට් ගහන කම්මුල් පාරද කොහෙද... ඔයා ලියලා තියෙන විදියට මම කියොගෙන කියොගෙන ගියා..ආයෙත් කියවන්න ඔනා..අපෝ පව් වැඩේ මොනා උනත් නැනා කලේ..චැක්... ඇයි කෙහෙල්මලේ මැරුන එකේ වගකිම ගන්න ඔනා එ කොල්ලා මැරුනේ අර කෙල්ල ගැන හිතලා නම් එක කැඩුවේ නැනන්ඩි නම්...

    අර රවින් ලියලා තියෙන එකත් මරු... :) වයස නෙමේනේ වැදගත්...

    ReplyDelete
  14. මලෝ මොකද මේ වෙලා තියෙන්නෙ .....
    දැන් සෑහෙන්න දියුණුයිනෙ .......
    එලටම ලියලා තියනවා ......
    පෝස්ට් දෙකම දෙතුන් පාරක් කියෙව්වා ......

    ReplyDelete
  15. @ අපරජිතයා: අනේ පලයන් උබ බබා.. ඒකට කසාද බදින්නම ඕන නෑනෙ බන්...

    ReplyDelete
  16. @ නිමශා: මොකද කතාව ගැන හිතන්නේ...

    ReplyDelete
  17. මේකයි සීන් එක කිව්වත් වගේ ශේක්ස්පියර් කියන්නේ රෝමියොගේ පුතෙක්ද කියන්නත් බැහැ තමයි.......

    ReplyDelete
  18. කල්හාර අයියා: තව කට්ටිය කියවනකල්ම මූලාශය හංගාගෙන තියාගන්න මම තීරනය කලා... ටිකකලක් යනක් පෝස්ට් දාන්නෙත් නෑ...මට අනිත් බ්ලොග් කියවන එකත් අත්පසු වෙලා... ඒවට කාලයක් දෙන්න ඕනා.. තව සතියකින් විතර කියන්න බලන්නම් මූලාශය මොකක්ද කියලා...

    ReplyDelete
  19. @ අපරාජිතයා: උබ කතාව කියෙව්වාද?? මචන් රෝමියෝ කියන්නෙ ජුලියට් ගේ තොල් පෙතිවල සුවය බලන්න තරම්වත් පින් කරපු එකෙක් නෙමෙයි.. ඉතින් ඒවා ගව් ගානක් දුර කතා...

    ReplyDelete
  20. කියන්න බැහැනේ මචං එව්වා මූලාශ්‍ර වල සදහන් වෙලා නඩ්ඩ කියලා... :පී

    ReplyDelete
  21. මම කියවලා තිබ්බෙ රෝමියෝගෙ පවුලයි ජුලියට්ගෙ පවුලයි අතරෙ තිබ්බ නයි වෛරය නිසයි දෙන්නගෙ ප්‍රේමයට ගෙවල් වලින් අකමැති උනේ කියලා. ධනවත් බව අතින් නම් දෙන්නම සමාන තත්වෙකලු හිටියෙ.

    ReplyDelete
  22. මලෝ මම නම් මේ කමෙන්ට්ස් පොප් අප් වින්ඩෝ එකට පෞද්ගලිකව කැමති නැහැ

    ReplyDelete
  23. මාත් දැනන් උන්නේ නැහැනේ මේ හුටස් පරස් කතාව . මලේ උඹ මේක හැදුව හෙම නෙමේනේ . අර සුරංගනා නමකින් ලියන නිසා මට පොඩි සැකයක් ආව ඔන්න . වරදක් නැහැ එහෙම වුනත් . Think out ඔෆ් the box කියල ශේක්ස්පියර්ගේ මුනුබුරෙකුත් කිව්වලුනේ . ලඟදි ආපු Gnomio and Juliet කාටුන් එකත් ඔය පරණ කතාව එහෙ මෙහෙ කරලා හදල තියෙන්නේ

    ReplyDelete
  24. @ අපරාජිතයා: හික් හික්

    @ කල්හාර අයියා: හා වෙනස් කරන්නමි..අද ආවෙ මේ පැත්තට මමත්

    @ පිනිබිදු: කෲර ආදරයක් කොච්චර සොදුරු විදියට පෙරලලා තියෙනවද නේද?

    @බින්ඩි: නෙට් එකේ ටිකක් හොදට හොයන්ට්...හම්බ වේඉ...

    ReplyDelete
  25. මොනවා කරන්නද මල්ලි. කතාව නම් නියමයි. මට තේරෙන් නැත්තේ මේක රෝමියෝ ජුලියට් ද? යසියා සංදීපනී ද? කියලා .. මොක වුනත් top. දිගටම ලියන්න මල්ලි. ඔයා ලස්සනට ලියනවා. මම blog වල‍ට අළුත්. ඔයා ලියපු ඔක්කොම කියෙව්වා. top...

    ReplyDelete
  26. අදයි ... සුරංගනා ලෝකෙට ගොඩ උනේ.
    ඇත්තටම ලස්සනයි....නියමෙට කතාව ලියලා තියෙනවා. ඇත්තම ඇත්තද කියලා දෙපාරක් හිතුවත්..එක හුස්මට කියෝගෙන ගියා.
    වෙනස්ම බ්ලොග් එකක් වගේ.

    ReplyDelete
  27. @ නිල් අහස: ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට...කවෙරෙක් හෝ මා ලියන්නාවූ යමකින් කිසිවක් වින්දානම් එයයි මා ලද්දාවූ ජයග්‍රහනය...

    පඩි ටෝක් නෙමෙයි සිරාවටම වෙනසක් දැක්කානම් ඒක කිව්වාට පින් ඇත්තමයි,,

    ReplyDelete
  28. මචන් කතාවේ තර්කයක් තිනව,නමුත් ඇසිය යුතු අපරාධමය පැත්තක් ම දකිනවා. ඇසිමට අවසර නම් ඉදිරිපත් කරන්නම්.

    ReplyDelete
  29. ගනිකාව සමග කතා කරන ජුලියට් දැකිමත්, රොමියොගේ මරණයත් පි‍ටුපස ජුලි ගේ නෑනන්ඩිය ගෙ සම්බ්න්ධයක් තිබෙනව නේද? නෑනන්ඩිය කවද හෝ රොමියො සමග හමුවු බවක් සදහන් නොවන්නෙ අයි?

    ReplyDelete
  30. ඉදිරිපත් කල දෙට ස්තුතියි.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx