Posts

Showing posts from June 4, 2011

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02

Image
"ඉතින්  එහෙනම් කොහොමද රෝමියෝට ජුලියෙට් ව හම්බ වෙන්නේ?" ඒ කාලේ අපේ වගේ ටියුශන් ක්ලාස් තිබ්බද නෑ. මම මූලාශ කරගත්ත ග්‍රන්තයේ සදහන් වෙන විදියටනම්, සල්පිලකදි සිද්ද වෙන අකරතැබ්බකින් තමයි. මේ ප්‍රේම හුටපටේ පටන් අරගෙන තියෙන්නේ. මෙහෙමයි ඒ සිද්දිය වුනේ.. ජුලියෙට් සහ ඇයගේ මිතුරන් සල්පිලේ කඩයක් කඩයක් ගානේ ඇවිදිද්දී තමයි..(අද කෙල්ලෝ වගේම තමයි ඒ කාලෙත් කෙල්ලො ශොපින් කියලා කරන්නෙ ජොගින් නේ) මම මක්කද කිය කිය හිටියේ....??  :D රෝමියෝගේ ඇවැස්ස නෑනා (නැන්දගේ දූ) ජුලියෙට් ගේ මිතුරියක්. මේහිදී රෝමියෝ ජුලියෙට් එකට මුනගැසුනත් එය හුදෙක් නෑනන්ඩියගේ උවමනාවට සීමාවූවක් වෙනවා..(love at first sight එකක් නෙමෙයි ආරම්බය) රස්තියාදුකාරයෙක් ලෙසින් සැරසි රෝමියොන්ට පලමු දැක්මෙන් පෙම් කිරීමට තරම් මානසික අස්තාවරබවක් ජුලියට්ට තිබිලා නෑ. නමුත් සැනෙකෙලිය අවසාන වී මෙම තරුනියන් නිවසට යනවිට වීදියේ සිටි මැරවරයින් පිරිසක් ජුලියෙට් හා පිරිස නවතාගන්නවා.. අවාසනාවකට හෝ වාසනාවකට ජුලියෙට් හැර අනෙක් සියලු දෙනාම පැන ගන්නවා..ඇදුම් ඉරා ලිංගික අතවරයකට ඔන්න මෙන්න තියෙද්දී මත් වතුරක් බොමින් යන රෝමියෝ සහ පිරිසට මේ දසුන දැක්කත්

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--01

Image
**විලියම් ක්ශේක්ස්පියර්ට වැරදුනු තැන(වරද්දපු තැන)** "...රෝමියෝ සහ ජුලියට් ඇත්තටම ජීවත් වූනා..."(හිනාවෙන්න එපා ඒකයි ඇත්ත) ඔයාල හැමෝම රෝමියෝ ජූලියට් ඉන්ග්‍රීසි ෆිල්ම් එක බාලලා තියෙනවනේ. බොරු මොකටද මමත් බලලා තියෙනවා.ඒ කතාව විලියම් ශෙක්ස්පියර් නම් කතුවරයාගෙ නාටකයක් ඇසුරෙන් ලියලා තියෙන්නෙ.. සාහිත්ය පාඩමක් බ්ලොග් කියවන ඔයාලට උගන්නන යසියට තේරෙන්නෙ නැති බව මම දන්නවා.ඒක නිසා ලෝකෙම දන්න ප්‍රසිද්ද ප්‍රේම කතාවක් අස්සේ හැංගිච්ච කවුරුවත් නොදන්නා ඇත්තක් තව ටිකකින් අන්තර්ජාලයට එකතු වෙනවා... "කවුරුවත් නොදන්නා ඒ ප්‍රේම කතාවක ඇත්ත.." රෝමියෝ කියන තරුනයා ඇත්තටම ගංජා සුරුට්ටුවක් කටේ ගහගත්තු රස්තියාදුකාරයෙක් නෙමෙයි.ඔහු සාමාන්ය පවුලක වැඩුනු තලෙලු දඩබ්බර තරුනයෙක්.ඉදලා හිටලා සිගරට් එකක් බොන.බියර් එකක් අරක්කු වීදුරුවක් කටේ තියන්නෙක්.. (අද සමාජයේ ජීවත් වෙන සාමන්ය තරුනයෙක් හා සමානයි.පිස්තෝලයක් දැකලාවත් තිබ්බ කෙනෙක් නෙමෙයි) ඒ වගේම ජුලියටුත් මහා සල්ලිකාර පැලැන්තියක කෙල්ලෙක් නෙමෙයි.ඇයත් රෝමියෝට සමාන පවුල් පසු බිමක තැනැත්තියක්..ටිකක් දඩබ්බර දැකුම්කලු ලස්සනක් තියෙන, පැහැපත් සමක් ඇති කෙල