!!කොන්ඩයට වුනු වින්නැහියක්!!!


පොශ් කොල්ලෙක් වෙන්නට හිතාගෙන යසියා ඊයෙ උදයෙන් ගියාලු සැලෝන් එකකට.... ගිහින් ඇහුවම මොනරු තොගයක් ඉල්ලපි ...
"හෙට එන්නාන් අයියා"

කියාගෙන මම ආවා එන්න..

මගදි දන්න කියන බුවෙක් සෙට් වුනාලු නේ?

"මචන් කොන්ඩේ ස්ට්‍රේට් කරන ක්‍රීම් එකක් දන්නවද"
ඌ කියපි නමක්...මොනරබාගෙකින් ශේප් ගනනම්..

"අතන කඩේ තියෙනවා මගේ නම කියපන් අඩු කරලා දේවි"


ගුටි කන්නත් හරි ගිහින් අල්ලුවා...

ඌ මොකක්ද පෙට්ටියක් ගෙනත් දුන්නා..

ආහ් කියල මමත් ඕක අරගෙන ගෙදර ආවා...

ඕන් කොල්ල ගෙදර දොරත් වහගෙන තුවායට බැස්සා..
(කැතවිදියට හිතන්නෙපා ඕයි)

අර පෙට්ටියෙ තිබ්බ ටියුබ් එකකුයි තව මොකක්දෝ ක්‍රීම් පැකට් දෙකකුයි..

මුලින් කරන්න ඕන ටියුබ් එක ඔලුවේ උලලා ... මට ඕන විදියට කොන්ඩේ හදාගෙන හිටියා මිනිත්තු හතලිස් පහක්ම...
ආන් කියන්න අමතක වුනා...
ඒ විනාඩි පහේදි මම උනුවතුර බාල්දියක් හදාගත්තනේ...

ඔන්න ඒකෙන් අර ටියුබ් එකෙන් ගාපු එව්වා හෝදලා, පිහිදාගත්තා,,
ලගට අර ක්‍රීම් එකටත් ඔය වින්නැහියම කොලා....

"අඩේ එල එල"
මම ඉතින් ඔය වීරක්‍රියාව සේරම කලේ කොන්ඩේ වගේද පන්සීය කියල බලාගෙන..
 වැඩේ ගොඩ බන්....

මම ගියා නිදාගන්න...


ඔන්න කොන්ඩේ හැටි...

මොන මගුලක්ද කියලා...

හෝදගත්තා මම කොන්ඩේ...

වතුර ටිකක් දාලා පිහිදැම්මා විතරයි...
 

ආහ් ඔය ඉන්නේ කොල්ලා වගේ....


කොන්ඩෙ නම් දැන් ස්ට්‍රේට් එත් තෙතට තියෙනකන් විතරයි...

වේලුනාම පෙරද නොතිබුන ගානට කර්ල්.....


නොදන්නා මගුලක් කරන්නට ගොස් කොන්ඩය අනාගත් මම
යසියා

Comments

  1. හිකිස්... හොඳ වැඩේ :D

    ReplyDelete
  2. අඩේ උබත් කරගන්න දේවල්. නොදන්න දේවල් කරන්නේ නැතුව ඉදින්.

    ReplyDelete
  3. මල්ලි අපි ඔය විදියට එක එක දේවල් ටෙස්ට් කරලා සැලුන් එකක් දාමු මොකද කියන්නෙ ......

    (හැබැයි ඒ වෙනකොට කොණ්ඩෙ තියෙයිද දන්නෙ නැහැ)

    ReplyDelete
  4. ගොඩයා වගේ

    ReplyDelete
  5. ට්‍රයි කරල බලපු එකත් වටිනවනෙ..

    ReplyDelete
  6. ක්‍රීම් එක ගාලා අයන් කරන්න ඕනි බං එතකොට තමා හරියන්නෙ පෙට්ටියෙ තිබ්බ කොල කෑල්ලෙ ටිඉබ්බෙ නැද්ද විස්තරේ

    ReplyDelete
  7. මමත් ඔය ක්‍රිම් එක ලංකාවේ ඉන්නකොට පාවිච්ච් කලා.. ඒත් මට දැන් නම මතක නැ.. කොන්ඩේ තෙතට ටියෙනකම් හොදයි..

    ReplyDelete
  8. චිය ..රැලි කොන්ඩේ හොඳයි . කොල්ලෝ මොකට ස්ට්‍රේට් කරනවද

    ReplyDelete
  9. තියන කොන්ඩෙත් නැතිකරගන්න තමා ඔය.තට්ටෙ පෑදෙයි.

    ReplyDelete
  10. හෙහ්... ඔය රතු පාටට හුරු පෙට්ටියක තියෙන එකක් නේද?... මාත් කොලා බන් ඕක කාලෙකට කලින්... ඒ දවස් වල ඕක 350 යි... හැබැයි ඉතිං ටික දවසක් වැඩේ අල්ලල හිටිය... :)

    ReplyDelete
  11. ඒකත් නරකම නැහැ මල්ලෝ..

    ReplyDelete
  12. ඔහොම ගාන්න ගිහින් තට්ටේ පැදුන කෙනෙක් ගැන මං දන්නවා !! මොකද ඔලුවට ඇත ගියේ ? බය උනා නේද ?

    ReplyDelete
  13. මගේ යාළුවෙකුටත් වුනා ඔයිට සමාන වැඩක්. 1970 ගණන් වල (අපි කොල්ලො කාලෙ) කොල්ලො අතරෙ බෝ වුනා ඉස්ටයිල් එකක් කොන්ඩෙ "shaggy" කපනව කියල එකක්. මට මතක විදියට බීට්ල්ස් සංගීත කන්ඩායමෙන්ද කොහෙද ඕක බෝ වුනේ. අපේ යාලුවත් පීචන් බාබර් සාපුවකින් "shaggy" කපල අන්තිමට වැඩේ වැරදිල කොන්ඩෙ කොටටම කපල දාන්න වුනා. පස්සේ මූ නහයෙන් අඬනව "කොන්ඩෙත් නැහැ, "shaggy" ත් නැහැ මචන්" කියල. දැන් පොරට වයස 60 ක් විතර, තාමත් ඕක මතක් කරල යාළුවො හිනා වෙනව.

    ReplyDelete
  14. හෆොයි ෆන්සිය ෆිවුවලු... හිකි හිකි

    ReplyDelete
  15. බලාගෙන පුතෝ...තියෙන කොන්ඩෙත් නැති කර ගන්න හදන පොටක් ..ඕක.

    ReplyDelete
  16. හික්ස්..මාත් ඔය වැඩේම ට්‍රයි කලා කාලෙකට කලින්..මටත් උනේ ඔය වින්නෑසියම තමා.

    ReplyDelete
  17. අනේ අනේ කොල්ලො..
    අර profile එකේ ඉන්න විදිය ලස්සනයි මල්ලො. ඒ නිසා පිස්සු නටන් නැතුව ඉඳින් තට්ටයෙක් නොවී.

    ReplyDelete
  18. අනේ කාලෙකින් මේ පැත්තට එන්න බැරිවුනා... කට්ටියගෙම කොමෙන්ටු ගැන සංතෝසයි.....කොන්ඩෙට වෙච්ච දේ නිස අඩුම ගනෙ පන්සලට යන්න ලැබුනෙත් නෑ පොසොන් එකට....

    @ සරත් අයියා (මාමා) ඔහොම බයානක විහිලු කරන්නෙපා.. පපුවෙ අමාරුවක් හැදුනානම්...????

    @ ප්‍රාර්තනා: මොකද හොද වැඩේ??

    @ මදුරංග: කොහොමත් ගොඩයා තමයි බන්..

    @ කල්හාර අයියා: අපෝ මට නම් එහෙම කිසි ආසාවක් නෑ...

    @ නලිනි: ඔව් අම්ම බනින්ද්දී එහෙම තමයි මාත් එයාට කිව්වෙ...අන්තිමට තට්ටෙම ගාන්න වුනා...

    @අනෝ: අනේ මන්දා බන්....

    @ නදී : තට්ටේ ගෑවා

    ReplyDelete
  19. @ බින්ඩි: හික්ස්.. මටත් තට්ටේ පෙනෙන්ද්දී දැන් දැන් එහෙම හිතෙනවා..

    @ මන්තරකාරි: ඔව් අනේ.. මම පව්...

    @ සාතන්: හපොයි..

    @ ඔබ්සර්වර්: හික්ස්... ඒකාලෙත් මම මෙහෙම් එවු න් ඉදල එහෙනම්.....

    @ නිල් අහස : කොන්ඩෙ කොටටම කපන්න වුනා....

    @ සචීර : දපන් බන් පහක්....

    ReplyDelete
  20. @ කැමීලියා: මටත් දැන් දැන් ඕක හිතෙනවා... අපෝ මම දැන් තට්ටෙ ගෑව..

    ReplyDelete
  21. හැන්ගිලා හිටියෙ අපි එනකොට ගෙදර, සෙල්ලම් කරන්නවත් නැ.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02