සමුගන්නද මම?
"ඔයාට මේ ගමන යන්න ඕනමද රත්තරං?"
මගේ වමත පපුවට තුරුල්කරගෙන සවින්දි පරිස්සමෙන් උරේට ඔලුව තියාගත්ත.
"අපිට තවත් ඉස්සරහට යන්න බෑ කෙල්ලේ.අපිට ආපස්සට හැරෙන්න බැරිවුනාට.අපි යන පාරවල් වෙනස් කරන්න වෙනවා"
උණුම උණු කඳුලු කැටයක් මගේ අතට වැටිල සියොලඟම සීතල කලා.
"ඒත් ෆර්හාන් ඔයා මාව මෙච්චර දුරක් එක්කරගෙන ආවේ කවදහරි මාව අතරමන් කරන්න වෙනබව දැනගෙන නේද?"
ඕනදේකට දොඩවන මගේ දිව ඒ ප්‍රශ්නෙට ගොලුවුනා.තේරුමක් ගෑවිලාවත් නැතුව එදා කථාකරපු දේවල් කොච්චර සුන්දරද?
ඇයි මට මෙච්චර දුෂ්ඨ වෙන්න සිද්ධවුනේ?
"අනේ plz කථාකරන්න ෆර්හාන්"
ලපටි ඇගිලි තුඩින් සවින්දි මගේ අත හයියෙන් කෙනිත්තුවා.ඉස්සරනම් එහෙම වෙලාවට පරිස්සමට කම්මුලක් ඉඹිනවා.මම මොනවත් නොදැනිච්ච ගානට අහක බලාගෙන හිටියා.
"ආයේ කවදාවත් මාව බලන්න එන්න එපා මගෙ සුදු අයියේ."
මට තුරුලුවෙලා හිටි කෙල්ල නැගිටලා බංකුවේ එහා කොනින් වාඩිවුනා.
හරියට අපි දෙන්න මුලින්ම මෙතනට ආපු දවසේ වගේ.මම අමාරුවෙන් සවින්දිගේ මුන දිහා බැලුවා.සුදු කම්මුල් රෝසපාට වෙලා,අහිංසක ඇස් රතුවෙලා.
ඉස්සර මං මේ උනුහුමට කොච්චර ආදරෙයිද? කොච්චර පෙරේතද?
සවින්දිව විහිලුවට අඩවපු කිසිම දවසක මට නින්ද ගියේ නෑ.
"ඔයා ඇත්තටම මාව දාල යන්නද අය්යේ හදන්නේ ?"
ඒ වචනවල මම ගැන ලොකු බලාපොරොත්තුවක් පුදුම විශ්වාසයක් හැංගිලා තිබුනා.
දවසක් හරි ආදරේ කරපු ඔයාව මම කොහොමද දෙයියනේ දාල යන්නේ?
තවදුරටත් දැඩිකරගන්න හිතට හයියක් නෑ.
මම නැගිටලා අඩි කීපයක් ඉස්සරහට ගියා...
"අපි දැන් යමු නංගි.කලුවර වැටිලා.යමු මම ඹයාව බස් එකට දාන්නම්"
පුරුද්දට වගේ මම අතින් ඇල්ලුවට බොහොම අමාරුවෙන් කෙල්ල මගේ අත ගසලදාල පැත්තකට වුනා.
"ඕන නැහැ. දැන් මට තනියම යන්න පුලුවන්.මාව අතින් අල්ලගෙන මෙච්චර කලක් බස් එකට ඇරලුවට ඔයාට thanx."
පැයගානකින් වත් ඉස්සර නොගියපු මාවතේ කෙලවරට නිමේෂයකින් ඈ ලගාවෙනව බොදවෙච්ච ඇස්වලින් බලාගෙන හිටියා.

Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක