ඇය


"ට්‍රෑන් ට්‍රෑන් "
මම ගේට්ටු කනුවක  සවිකර තිබු ස්විචය තද කලෙමි.කොල පැහැ ගේට්ටුවට එපිටින් වූ නිවසේ දොර විවරවන නාදයත් සමගම වයස 60 ක පමන සිරියාවන්ත කාන්තාවක් මා දෙසට පියනගන්නට වීය.
"මේක විශ්මි නුගදෙනියලගේ ගෙදරද"
මාගේ ස්වරය  නිසාදෝ ඈ සිනහවක් පා
"ඔව් පුතා එහෙ තමයි. "
"මට එයාව හම්බවෙන්න පුලුවන්ද ආන්ටි"
"ආන්ටි එයාට ආවම මේ.."
දුවනම් වැඩට ගිහින්.ඒත් මයෙ හිතේ මග එනගමන් වෙන්න ඕන.
මා අතවූ මදක් විශාල පෙට්ටිය ඈයට දෙන්නට හදන වටම ඈ
"තව ටිකකින් දුව ඒවි. හම්බවෙලාම යන්න පුතා"

"දැන් ඒවි නේද"
"ඔව් යන් පුතා ඇතුලට"
ඈ පුතා යැයි ඇමතුවේ හදවතින්මය.මා නිවස හැරදා ගිය දින සිට මෙතුවක් කලක් කලක් එවන් අරුත්බරව  කිසිවෙකු මා අමතා නොතිබිනි.
ඈ ගේට්ටුව විවරකර මා අඩි 30 ක් පමන එපිටින් බටර් පැහැයෙන් බිත්ති ආලේපිත මධ්‍යම ප්‍රමාණයේ නිවස දෙසට කැදවාගෙන ගියා ය.
"එන්න පුතා ඇතුලට."
පාවහන් යුවල ගලවා පා පිස්නෙන් පසක තැබු මම පාද පිසදමා නිවසට ඇතුලුවීමි.
"ඉදගන්න"
දොරට පිටුපා වු සුවපහසු ලෙදර් සෝෆාව  දෙසට අත යෙමී ය.
මා හිදගන්නවාත් සමගම ඈ ගෙතුලට ගියා ය.

ඇය වන් වයසකම වූ මහත්මයෙකු මා දෙසට එන්නට වීය.ගාම්බීර මෙන්ම කරුනාබර මුහුණ සිනහවෙන් පුරවාගන්නට ඔහු සමත්වී ය.
"පුතාද ලොකු දුවගේ යාලුවෙක් කිව්වේ? "
ඔහු මා දෙසට අතදිගු කරමින්
"මම විශ්මිගෙ අප්පච්චි"
අස්නෙන් නැගිටි මම
"මම දිනේෂ් අඹේපිටිය මම විශ්මිට කවුරුවත් නොවෙයි "
නම පැවසුවත් අග නොපැවසීමි.
අත සොලවු ඔහු මා හට ඉදගන්නැයි සංඥාකලේ ය.
"දුව මේවෙනකොට හැබැයි එන්නත් ඕන"
"ඔව් අන්කල් ආන්ටිත් කිව්වා"
මහා සුවිසල් මන්දිරයක් නොවුවද ලස්සනට පිලිවෙලකට සකසා තිබු බඩු මුට්ටු තබන්නට වෙනත් සුදුසු ආකාරයක් නැතිතරම්ය. විශ්මි සතුවු ගතිගුණ දෙව්ලොවින් ආවක්දැයි මම සිතා සිටීමි. මෙම දෙපලගෙන් ඈ ලද උතුම් දායාදය එය වීය.
ගේට්ටුව අසල නැවතූ වාහනයක නාදයත් සමගම ඔහුගේ නෙතු එදෙසට යොමුවී ය. මා දෙනෙත් වෙනතක තිබීයැයි බොරු කියන්නේ කුමකටද?.කාරයක ඉදිරි අසුනකින් බැසගත්  රූමත් යුවතියක් වත්ත තුලට පැමිණ අතවනනවාත් සමග කාරය පිටත්වීය.

"ටොක් ටොක්"
කොන්ක්‍රීට් පොලව නාදකරමින් රිද්මාන්විතව  පැමිණි සුන්දරිය පාපිස්න අසලදී දෙපා නිරුවත් කර අතට පාවහන් යුගගෙන ගෙතුලට පිවිසීය.
ඇය වූ තැනට පෙනෙනුයේ මාගේ හිස පමනි.වසර 5 කට පමණ පසුව ඒ රුව දක්නා මේ මොහොත දකින්නට දිරියක් මා සතුව නැත.මස් ඉරාගෙන එලියට පනින්නට හදනා භදවතද වේදනා ගෙනදෙයි.
"දුවා මෙන්න යාලුවෙක් ඇවිත් "
මා ඉදිරියට ඇය පැමිණීමත් සමග මා සිටගැනීමත් ඇය ගල් වීමත් සිදුවීය. 


"දිනේෂ්!"
ඇයට තවමත් මේ එදා අසල වු මා දැයි අවිශ්වාසය.
"කියනව කියනව කොහොමද ගෙවල් සොයාගත්තේ කියලා. මම කියල තියෙනව නේද තමුසෙට මට කරදර කරන්න එපා කියලා.කවුද ගෙදර තියෙන තැන කිව්වේ. ඩිලාන්ද? මම අල්ලගන්නම් ඌව"
වෙනදා මෙන්ම තවමත් ඈ එසේමය.අප්පච්චි වෙන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බලා හිදියි.
"ඕනකම තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ කියලා ඔයා ම නේ...."
"ඉන්නව පොඩ්ඩක්"
ඈ කාමරයක් තුලට ගොස් නැවත ආවේ  රතූ පැහැ දිගූ කවරයක්ද සමගිනි.
"මේක ගන්නවා.මෙදාට නේනවා නම් ලොකුදෙයක්..දැන් අපිට වදයක් නොවී යනවා"
ඇගේද මගේද නෙතු අග වුයේ කදුලුය.
"පුතා මේක බීලා හිටියනම්"
සිසිල් බීම වීදුරුවක් ගෙන මුකුත් නොදත් ඇගේ මව පැමිණියා ය.සිසිල් බීම කෝප්පය හිස් කල මම දෙපලගේ පා ස්පර්ශ කර වැද  (අප්පච්චිගේ මුවග මඳ හසරැල්ලක් ජනිත වනු මම දුට්මි.) විශ්මවත් මුහුණ දෙස තත්පර කීපයක් බලා හිද නිවසින් පිටත් වීමි.

**********************************
ඈ මා අත තැබුවේ ඇයගේ මංගල උත්සවයේ ඇරයුම්පතකි

Comments

  1. උගෙයි මගෙයි ලොකු වෙනසක් නැත.........
    බොක්කෙන්ම ලියා ඇති නිසා එලz........

    ReplyDelete
  2. උඹේ අතේ තිබුණු පෙට්ටියේ තිබ්බේ කේක් එකක්ද ???

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

ගුබ්බෑයමේ ඈ