මා සතු ආයු ගෙන ඈ ජීවත් වේවා


සිත තුල දග කරන ඔබගේ ආදරය
කිසි දින ලැබේදෝ පැතු ඒ ජීවිතය
යනු කෙලෙසකද මා තවමත් තනිකඩය
ඔබ සතු මිහිරි වදනට මා කෑදරය


පැය කිහිපයකි දෙනෙතින් පෙම් කලේ අපි
ගනුදෙනු වුනා සිය ගනනක් ප්‍රේම වැකී
මා සතු නොවූ වරදක් නුබෙ කනට එබී
බැල්ලිගෙ පුතෙක් කවුරුන් හෝ කියන්නැතී


හිරු සදු තිබෙන තුරු ආලය බැබලේවා
යන එන සෑම තැන ඒ රුව සුරැකේවා
සැමටම වඩා ඇය ඉසුරින් නැහැවේවා
මා සතු ආයු ගෙන ඈ ජීවත් වේවා



කදුලින් ඉපිද කදුලින් පරලොව යන්න
මා ලද ප්‍රේමයට විරහව මුසුවන්න
කාලය හොද නැත්ද මාගේ පවසන්න
අපලය ඉවරවිය ආපසු පැමිනෙන්න




වියලුනු සිතක පෙම් සිතුවිලි උපදේවී
රිද්දන පපුව සදහට සුවපත් වේවී
සුරගන ලෙසින් දිනයක ඈ සැරසේවී
බවයෙන් බවේ ඈ සොද බිරිදක් වේවී




ඉර හද තියෙන තුරු විශ්වය පවතීනම්
ගහ කොල තිබෙන තුරු ජීවය පවතීනම්
සසරින් සසර අප නිරතුරු හමුවේනම්
පපුවේ උනුහුමින් නුඹ හ0ගාගන්නම්





 

Comments

  1. ආදරය යනු තේරුම් ගැනීම මත පවතින දෙයකි....... එය තේරුම් ගත නොහැකි නම් හැර යන එක සැපකි.....

    ReplyDelete
  2. ලස්සන කවි ටික
    හිතේ තියන දුකට ලියවුන ඒවා වෙන්න ඇති මගෙ හිතේ

    ReplyDelete
  3. ලස්සන කවි ටික
    හිතේ තියන දුකට ලියවුන ඒවා වෙන්න ඇති මගෙ හිතේ

    ReplyDelete
  4. අඩේ කිව්ය්වට තරහ ගන්න එපා බන්.. උබ නම් මරන්න්බ වටිනව.. කමක් නෑ.. මේකත් මතක තියාගනින්..

    ගෑණුජාතිය ජරා ජාතිය,
    ගලේ ගහලා මරා දාපිය....

    ReplyDelete
  5. @ කල්හාර අයිය: ඔව් ..ඒත් වෙන්ව යන්නෙ සුන්දර දේවල් ඉතිරිකරල
    @ බීටා : ඔව් බන්.. හිතෙ දුකට තමයි
    @ පින්කී : මොකටද මරන්න වටින්නේ.. පැහැදිලි කොලානම්...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02