යමින් ගමන් සටහන්
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා. ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු මිනිස්සු එකතු කරනවා. මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක. යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න...
සිහිනෙන් විතර ද?
ReplyDeleteඑල මචන් ලස්සනයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කිව්වට උබත් එල වැඩ කාරයෙක්නේ බොල..................
ReplyDeleteඒක නෙමෙයි උබේ සද මඩලට මොකා උනේ බන් සුරංගනා ලෝකෙට ගොඩ බෑවද.... :p
ලස්සන පද වැල් ටිකක් .........
ReplyDelete@ සොදුරු සිත: ඔව් අනේ මගේ කෙල්ල තාම හම්බ වුනේ නැහැ නෙව...
ReplyDelete@ අපරාජිතයා: මන් ජීවත් වෙන්න කැමති සුරන්ගනා ලෝකයක මචන්.. ඒකයි එහෙම කලේ... සුරන්ගනා ලෝකෙ මාර ලස්සනයි බන්...
@ කල්හාර අය්යා: ස්තූතියි අයියා ආයෙත් මේ පැත්තෙ ආවට......
ඉදිරියට යමු, ජය
ReplyDelete@ බුද්දික: ස්තූතියි යාලුවා.. ආයෙත් මේ පැත්තේ එන්න..
ReplyDeleteසිහිනෙන් දුටු මාසිහින තොටුපොළේ
ReplyDeleteතවමත් ඔබ නම් ගං තෙර අයිනේ !
කෙලෙස දකින්නද දෑස් විවරකර
එනු මැන මා වෙත සිහින මාවතේ !
@ සරත් අයියා: ලස්සන අදහසක්.. ස්තූතියි මේ පැත්තෙන් අවිත් ගියාට... ආයෙත් එන්නකෝ....
ReplyDelete