nothing personal

වෙසක් සද නැගෙයි ,, නැත ඉඩ තරු වලට...
සිතුවම් මැවෙයි අඩවන් කල නෙත් වලට..
මෙතරම් කියා මිමි දිය හැකිදෝ පෙමට..
සුදු පරවියෙනි ලියමන් දුන්නේ කාට...

ඇදුර ඇදෙයි හිරු සැගවෙනතුරු ඉදලා..
සුපිපුන පිච්ච මල් පුසුබට ඉව රැදිලා..
හසුනේ පිටු අතර මල් පොකුරක් තියලා..
සන්නස් ප්‍රේමයේ කොතැනක දෝ හැලිලා..

දහසක් හිස් අතර මා රුව සොයන් කෙසේ..
අමතක වුනත් මා රුව නුබ ඇත මනසේ...
පැවසූ නුබට මා අමතක වුවෙද කෙසේ....
.නුබ සතුටින් ද පවසන් නෙතු පියමි කෙසේ...

ප්‍රේමය දුකකි කිසිදා පෙම් කරනු එපා...
හදවත තුට්ටුවට දෙකකට දෙන්න එපා...
සෙවනැල්ලවත්  උබ ගාවට ගන්න එපා..
තනිවුන දිනක "i miss u " කියනු එපා....




######nothing personal############

ලිව්වේ ...යසියා

Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02