වජිරපානි 02
වජිරපානි 02
හීන ඇහැගැහුනම නින්දටම ආස හිතෙනවා. ඇස් පියාගන්න හැම තප්පරේම පේන්නෙ ඒ රූප පෙලම. ආදරේ හීන තිතෙන් තිත පාට කරපු ඒ අපුරු රූපයම ජීවිතේට කොච්චරක් නම් දුක් දෙන්න ඇත්ද?
සංසාර ගමනේ මතු භවයක සක්වලෙන් එහා පොඩි දොල පාරක් අයිනේ පැලක් අටවගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙමු නේද සදුන් කියලා අහිංසක විදියට හිනාවෙච්ච ඒ හිනාව අද කොච්චර ලස්සන ඇත්ද?
අවුරුදු දෙකත් කල්ප කාන්තරයක් වගේ දැනෙන්නෙ පැය කට්ට අපි තනිවෙච්ච වෙලාවට වේගෙන් කැරකෙන හින්දද කොහෙද?,
ඉර බැහැගෙන යන පැයට දියවන්නාවේ බන්කුවක් උඩට වෙලා අත් අස්සෙ අත් හන්ගගත්තු ජෝඩු දිහා මම හැමදාම බලාගෙන ඉන්නෙ පුදුමාකාර ආදරයකින්. දෙයියනේ මටත් මේ වගේ සවස් ඕනෑ තරම් තිබුනා නේද කියලා හිතෙනකොට පවනැල්ල ඉබේම පොඩ්ඩක් හීතල වෙලා සියොලග ඇගේ උණුහුම හොයන්න ගන්නවා. මම ආයෙ එන්නෙ නෑ කියලා ගියනම් සමහරක් විට මේ තරම් මගබලාගෙන නොඑන්න තිබ්බා. ඒත් මොනවා කරන්නද ජීවිතේ හැටිද ආදරේ හැටිද කියලා හිතාගන්න බැරුව මම පුංචි ගල් කැටයක් අරන් දියවන්නාවට විසික් කලා.
"අනේ පව් සදුන්. දියවන්නාවට රිදුනද මන්දා?"
ලගක උන්නා නම් වජිරපානි කියලා හිනාවෙනවා සත්තයි.
ගව් ගානක් දුරින් උන්නට හිත මැද්දෙ තිබ්බ බැදීමට පොත් පැන්සල් කෝලම් නොකලා නම් අද මගේ ගුලිවෙච්ච අත් අස්සෙ ඒ සියුමැලි ඇගිලු රැදිලා තියෙන්න ඉඩතිබ්බා.
ආපහු බැරැක්කෙට යන්න වෙලාව හරි. මම බංකුවේ පැත්තක තිබ්බ තොප්පිය දාගෙන සිංහත්වයත් එක්ක මහපාර දිහාවට කිට්ටු වුනා,
මතු සම්බන්ධයි.

Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක