වජිරපානි 06

වජිරපානි 06
ජීවිතේ හැමදේම හීන වුනාට ආදරේ කියන දේ සිහිනයක් නෙවෙයි. ප්‍රේමය හැමදාම ප්‍රත්‍යක්ෂයි. කෙල්ලෙක් හා කොල්ලෙක් අතර බැදීමක් වේදනාවකින් නිමාවෙන්නෙ යම් හෙයකින්ද අපි තේරුම්ගන්න ඕන අනන්තයේදී එකතුවෙන ලැදියාවක් කිසිදාක සංසාරේ පතාගෙන ආපු ආදරයක් නොවෙන විත්තිය. පායන හදට තරු මොකටද කවි ලියන්නෙ. නුබට මම ඉන්නකොට හැන්දෑවට මොකටද සදක්?
පැය දහයක එකොලහක ට්‍රැෆිල් ඩියුටියෙන් පස්සෙ වොශ් එකල් දාන් බැරැක්කෙට වැවිත් පොඩ්ඩක් ඇලවුනා.
*******************************************
"හෙලෝ වජිරපානි. ඔයා ෆ්‍රී ද?"
"මේ රෑ නවයට යුනිෆෝම් කාරයො ඇරෙන්න මුලු ලෝකෙම ෆ්‍රී සදුන්. කියන්න. අද කී දෙනෙක් ලිව්වද?"
"ඔයා ඉතින් දන්නවනේ ඕඅයිසී ගෙන් බැනුම් අහගෙන හරි මමයි අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකෙ අඩුවෙන්ම දඩකොල ලියන්නෙ කියලා. ඉතින් ඔයාට මොනවද අද අලුතින් ආව ප්‍රොජෙක්ට්ස්"
"අලුතින් නම් මුකුත් ආවෙ නෑ සදුන් ඒත් පරන කරපු ටෙන්ඩර් එකකට ඩිස්කවුන්ට් එකක් ඉල්ලල තිබ්බ. ඒක දැම්ම. ගොඩක් වෙලාවට එවි මගෙ හිතේ. මේ අද මම ලස්සන ෆිල්ම් එකක් බැලුවා"

"ආශිකී ටූ"

"අර ආදරේට වඩා බෝතලේ උනුහුමට ආස කරපු ජීවිතේ ගහදියට මුහු කරපු කොල්ලගෙ කතාව නේද. අපෝ ඒක අලුත්‍යැ. පරණයි නේ."

"ආ ඔව් ඔව්. මට ඒක අද හම්බවුනේ. බලන්න සදුන් ඒ කෙල්ල කොච්චර කැපකිරීමක් කරනවද නේද ආදරේ වෙනුවෙන්"

"ඔව් ඒ කොල්ලා කෙල්ලව අහසට උස්සල තියලා ඉගිල්ලෙන්න ඉඩදීලා ගග වතුරේ කිමිදෙනවා."

"මෝඩය තමුසෙත් බොනවා නේද?"

"මම බීවට බේබද්දෙක් නෙමෙයි වජිරපානි."

"ඔව් මම එක නම් දන්නවා. බෝතලේ කටේ තියන් ගහලත් මෑන්ස් කෙලින් නෙ. බඩේ හිලක් මැට්ටො. කන එකේ බඩගින්න යන්නෙත් නෑ. බීවට වෙරි වෙන්නෙත් නෑ."

" අහා. ඔව්නේ. දෙවියන් වහන්සේගෙ අල්ටිමේට් හෑන්ඩ් මේඩ් නේ අපි. "

"අප්පේ. එහෙම තමයි හිතාගෙන ඇත්තෙ."

"මේ. මට හෙට උදේම ටෙන්ඩර් මීටින්ග් එකක් තියෙනවා කුරුණෑගල. එලිවෙන්න පිටවෙන්න ඕන. සොරි. ගුඩ් නයිට්. පරිස්සමෙන් ඉන්නවා"

"ඕකේ. යූ ටූ ටේක් කෙයාර් ඔෆ් යුවර් සෙල්ෆ් ඊඩිඔට්"


මතු සම්බන්ධයි.

Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02