වජිරපානි 03


වජිරපානි 03 

අමයුරට වසනා කුහුබවන් මෙන් පාර වාහන වලින් පිරී ගොසිනි. ආයුර්වේද මංසන්දියෙන් කෙනෙක් කෙලින් යන අතර තවකෙකු වමට හරවා ගමන් කරයි. රතු කහ කොල බුබුලු මෙවන් තදබදයකට කෙතරම් යෝගීදැයි දන්නා නිසාවෙන් රථවාහන කොස්තාපල් වරයෙක් මග මැද සිට දෙඅත් විහිදුවමින් දහඩියෙන් හෙම්බත්ව උත්සාහයක් දරන්නේ රියෙන් යන්නන්ට මොහිතකට හෝ කලෙයින් ගෙදර යෑමට ය.
කන්තෝරු හැරී ඇති නිසා කඩුවෙල දෙසට පටන්ගත් රිය පෝලිම රෑ අට නවය වෙනතුරු නිමක් දකින්නේ නැත.
රියදුරන් දඩබ්බරය. කහ ඉර මැද මා නොමැති නම් පදිකයන්ට පාරෙන් පැනගන්නට අවැසක් ලැබෙන්නේ නැත. උදේ හවා දහසක් මිනිසුන් ගැහැණුන් මා පසුකර එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් පාර මාරුවන්නේය. ඉන් කොපමනකට මේ දහඩිය පෙරුනු මුහුනතට දහඩියෙන් පෙගුනු කාකි ඇදුමෙන් ගෙනෙනා ගාම්බීරත්වය මතකද?.
එහා මෙහා යන ලදුන් අතරින් හැමවිටම හමන්නේ විවිධ මල් වල සුගන්ධයන්‍ ය. විටක සුවදකට මා ආසා කරන අතර තවත් සුවදක් මගේ නා පිඩු පිනවන්නේ නැත. හදුනනා මුහුණතක් ඇස ගැටුනහොත් මා කතා නොකර සිටින්නේ නැත. මේ කාර්‍යබහුල කොලඹ නගරය තුල ගමෙන් කොලබ ආ හදුනනා මුහුනු අල්ප නැත.
"එක්ස්කියුස් මී සදුන්. ඉස් දැට් රියලි යූ?"
කාකි ඇදුමකට බොහෝ විට කඩ්ඩෙන් කොටන්නෙ ලොක්කන් පමනි. නේම් ටැග් එකේ සදුන් ඇහැලියගොඩ ලෙස ලියා නැත්දැයි අසන්නට හිත්දුන්නත් බොහෝ කලකින් නෑසූ හදුනනා කටහඩ ඒ කටහඩමදැයි නොසිතුනාම නොවේ.
"ප්ලීස් වෙයිට් අ මිනිට් ඕව දෙයාර්. අයි විල් කම්"
පදිකයන් පෝලිම අවසාන වනතුරු සිටි මම පාරෙන් එපිට සෙවන ගෙනෙන ඈ මා එනතුරු සිටි බස් නැවතුම වෙතට ඇදුනෙමි.
"ඔහ්...මයි...ගුඩ්නස්. අයි නෙවර් තොවුට් දැට් අයි විල් සී යුවර් ෆේස් අගෙයින්"
"අනේ සදුන් සොරි. මට ඔයාව ෆේස්බුක් එකේවත් ඇඩ් කරගන්න බැරි වුනා"
"කොච්චර කාලෙකින්ද හම්බවුනේ. එදාටත් බැරිවෙච්ච දේවලුයි අතපසුවෙච්ච දේවලුයි ඇයි මතක් කරන්නෙ. මේහ්. අයි ගොට් ටු ඩූ මයි ජොබ්. ප්ලීස් ගිව් මී යුඅර් නම්බර්"
"අයි ටූ ගොට් ටු ගෝ. හියර්ස් මයි නම්බර්. කෝල් මී"

මතුසම්බන්ධයි

Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02