චිරංසීන් - 01 හැදින්වීම

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු වෙති. නමුත් නැසීම නම් නොනසිනා යතාර්ථයකි. වැලලූ මල සිරුරකට යටින් වලලා ඇති මල සිරුරු බොහෝ ය. සතුන් විසින් පානය කරන්නා වූ සියලු ජල කෝප්පයකම කිසියම් සිරුරක පෙර ගලා ගිය පරමාණු ඇත. ආහාරයට ගන්නා සෑම කටකම මල පහක වූ ප්‍රභවයන් සංයුක්තව ඇත. ලොව සියලු ප්‍රභවගන් තුල වර්ශ මිලියන ගණනක මතකය සංක්ෂිප්තව පවතී. නමුත් එය කියවීමට තරම් මිනිසා විසින් දියුණු කරනා ලද තාක්ෂණය තවමත් දියුණුවට විත් නොමැත. මිනිසාද ඉතා ඉක්මනින් අතීතයට එක්වන්නේ ය. කිසිදා වැරදී නැති පාරිශුද්ධ පරිකල්පනීය ප්‍රමූලානුරූපකව නම් මිනිසා නම් සත්ව විශේෂය පවතින්නා වූ කාලය තවත් වසර තුන් දහසක් තරම් සාපේක්ෂව අවම කාලයකි. නමුත් මීට වසර දහසක පසුව දිනය නම් මිනිසා විසින්ම ආරූඩ කරගන්නා ලද මිම්මේ ප්‍රමාණය හීනවනු ඇත. දහවල දිගුව පෙනෙනු ඇත. රාත්‍රිය දිගුව පෙනෙනු ඇත. උතුර දකුණට වන්නේ ය. මෙම ශතවර්ශය තුලදී මිනිසා විසින් උත්ප්‍රේරණය කරගන්නා ලද සියලු ඒකකයන් සාවද්‍ය වන අතර ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි නොපෙනී යනු ඇත. මිනිසා ශාරීරික වශයෙන් පරිනාමය වී අවසානය. නමුත් මීට වසර පන්දහසකට පමණ පෙර පලමු නව ලෝකයේ මිනිස් විශේෂයේ නිර්මාණය සිදුවී ය. එම විශේෂය හදුනාගත හැක්කේ එම විශේෂයටම පමණක් වන අතර මා මෙම කෘතිය පුරාවට පැරණි ලෝකයේ මිනිසා මිනිසා ලෙසටද නව ලෝකයේ මිනිසා චිරංසීන් නමින්ද හුවාදක්වන්නෙමි. චිරංසීන් නම් කවුදැයි විග්‍රහ කිරීම මෙම සටහනේ අරමුණ වන අතර ඉතිහාසයේ හටගන්නා කේවල චිරංසීන් හට සමජීවීන් සොයාගැනීම මෙම සටහනෙහි මූලික අභිප්‍රාය වන්නේ ය. පොත පතෙහි සහ සාහිත්‍යයේ චිරංසීන් වෙනුවෙන් ලියන ලද සැංගුනු පණිවිඩ බොහොමයක් වන අතර එකී පණිවුඩයන් මත දිගහැරී ඇති සාවද්‍ය අර්ථකථනයන් මිනිසා විසින් තමා හට ලියැවුනේයැයි තකා වෙනම දෘෂ්ටි ස්ථරයන් අනුරූපගත කරගන්නා ලද අතර අල්පමේය දැනුමකින් හෙබි දියුණුම මිනිසා පවා අදටත් පාලනය වනු ලබන්නේ චිරංසීන් ගේ ඍජු පෙලඹවීමෙන් බව පව දැනීමට තරම්වත් මිනිසා ඉතිරි තිදහස් වසර තුලදී පවා වටහාගන්නා මට්ටමකට පැමිනෙන්නේ නැත. චිරංසීන් ලොවට ජනිතවන්නේ මිනිස් කුසකින් වුවද චිරංසීන් තුලින් මිනිසෙක් ජනිත නොවෙයි. එවන්නන් මිනිසුන් අතර සැරිසැරූවද මිනිසා සතු භෞතිකත්වයෙන් වෙනස් වී පෙනෙන්නට තරම් ඔවුන් උත්සාහ නොදරයි. චිරංසීන්ගේ අවසාන රූපකායෙහි උප්පැත්තිය පාරිශෘද්ධ ශක්තී සම්මුතියක් මත සිදුවන නමුත් චිරංසීන්ගේ නැසීයාම සිදුවන්නේ චිරංසීන්ගේ චින්තනයට අනුවය.  චිරංසීන් ගේ අවසානයත් සමගම ඔවුන්ගේ චිරංසීය සහ මිනිස් පුරාණයද නැසී යන අතර කෙමෙන් කෙමෙක් ඔවුන්ගේ කේවල නාම රූපය මැකී යන්නේ ය. ශතවර්ෂ ගනණක් යත්ම චිරංසීයකු විසින් සොයාගෙන මිනිසාට අවබෝධ කරගත හැකි වශයෙන් සම්ප්‍රේෂිත ක්ෂුද්‍ර දැනුම පවා මිනිසා තුල විනාසයට පත්ව යනු ඇත. ඉන්පසුව නැවතත් ඉතා දිගුකාලයක් මිනිසා හා සමාන ජීවීමනසක් නිර්මාණය වනතුරා චිරංසීන් පාරිදෘෂ්‍යව පවත්නා අතර සුදුසු කාලයෙහි චිරංසීන් නැවත මිනිසා සමග ගනුදෙනුවට පැමිණෙයි. මෙම සටහන් පෙල පුරාවට මිනිසා නමින් හදුන්වන්නේ එක්තරා ජීවී කොට්ටාශයක පරිකල්පන මට්ටමක් පමණක් වන අතර එක් එක් ජීවී කොට්ඨාසයේ භෞතික ස්වරූපය ඒ ඒ ජීවී විශේෂය මතම තීරණය වන අතර සමහර කාලරාමු වලදී චිරංසීන් උපදින්නේම නැත.





Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02