පස්සේ දවස
අවුරුදු ගානකට පස්සේ, ඉස්සර ආවගිය ඒ මංමාවත් වලින් යනකොට දෙපා පටලැවෙන්න පටන් ගත්තා..
මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තා...
මේ ජනපදය කොයිතරම් දියුනු වෙලාද?? හිතාගන්නවත් බැරි තරම්.
කාගේ හරි උසස් පෙල පංතියක් ඉවරවෙලා.. ඇලපාර දිගේ පෝලිමට බස් නැවතුම්පොල දිහාවට කොල්ලො කෙල්ලෝ ඇදෙනවා...ඉස්සර පුරුද්දට ඒ මූනු අතරේ ඉස්සර හෙව්ව මූනක් හොයන්න ගත්තා..
අපි ඇවිදිද්දී කාලය දුවනවා කියාඅ තේරුම් ගන්න විනාඩියක් විතර යන්න ඇති..
මූන දිහා බලාගෙන ඉදිද්දි පුංචි කෙල්ලෝ ඔරවගෙන යන හැටි.... :)
මේ හරියෙ ඉස්සර නිතර ගියපු කඩයක් තියෙනවා. හෙමිහිට ඒ කඩය ඇතුලට ගොඩ වැදුනා..පුරුදු වේටර් අයියා නම් පෙනෙන්න නෑ.. කැශියර් එක ගාවට ගියා මම...
"අයියේ ලයිට් එකක් දෙන්න"
"හතලිස් හයක් දෙන්න... ආ මෙන්න... හැබැයි කඩේ ඇතුලෙ බොන්න එපා"
"හරි අවුලක් නෑ"
"ඔයා කොහෙද කලින් දැකලා නෑ"
"මම මේ පැත්තේ නෙමෙයි. අයියා"
මම ගත්තු එකත් පත්තු කරගෙන එලියට ඇවිත් පාරෙ යන ලමයින්ට නොපෙනෙන්න ගහකට මුවා වුනා..
ඉස්සර පංති යනකාලේ ට හිත දුවලා ගියා...
මුලු පංතියෙන්ම අහිංසකම කෙල්ලට මම කොයිතරම් වදයක් වෙන්න ඇත්ද? ඒ අහින්සක ඇස් මම හින්දා කොච්චර තෙත්වෙන්න ඇත්ද?
මගේ මූනට පුංචි හිනාවක් ආවා.
ඒ ඇස් මගේ ඇස් අහම්බෙන් හම්ඹවුන දාට දෙනම විනාඩි කීපයකට ගල් වෙච්ච හැටි. උදෙන්ම ඇවිත් පන්තිය ඉස්සරහට වෙලා එයා එනකම් බලගේන හිටිය හැටි..
මගේ මූන දැක්කම ඒ මූණ බිම බලාගෙන පන්තිය ඇතුලට යන හැටි?..
මැවිලා වගේ පේන්න ගත්තා...
ඉදලා හිටලා පන්තියට නාවම කොච්චර නම් දුක හිතුනද?
ඈතින් ඈ එනව දැක්කම චන්ඩිකම් බල්ලට ගිහිල්ලා මුලු ඇගම යකඩයක් වෙලා යනවා...
උස්සගෙන ඉන්න ශ්‍ර්ට් අත් ඉබේම පල්ලෙහාට යනවා...
පංති ඇරෙන්න ඉස්සෙල්ල ඒ මූන බලන්න ඕනවට පංතිය ඉවරවෙන්න විනාඩ් දහයකට කලින් පංතියෙන් නැගිටල එද්දි යාලුවො හූ තියන හැටි..කාටද හූ තියන්නේ කියාලා බලන්න එයා හැරිලා බලද්දි ඒ දිහා බලලා හිනා වුන හැටි ... මේ පපුවෙ පන තියෙනකම් අමතක වෙන එකක් නම් නෑ..
ගොම්මන් කලුවරේ එයාගේ ගෙදර තාපේ අයිනට වෙලා ඒ මූනෙ හෙවනැල්ලක් වත් දකින්න පෙරුම් පිරුව හැටි...
කොච්චර නන්නත්තාර වෙලා හිටියත් ඒ කාලේ පුදුමාකර සුන්දරත්වයක් හැංගිලා තිබ්බා.ආකර්ශනයක්ද ආදරයක්ද නොදැන පිස්සෙක් වෙලා හිටියා.. එයාගෙ නමේ මුල් අකුර අතේ කපාගෙන ප්ලාස්ටර් ගහගෙන හිටිය හැටි..:)
දෙවන වර උසස්පෙල පන්තිවල අවසාන දවසෙන් පස්සෙ ඒ මූන දැක්කෙම නෑ.මොනවා කරනවාද කියල දන්නෙත් නෑ..ඒත් අඩුගනනේ වචන දෙකක් එයාත් එක්ක අවසන් දවසේ කතා කලා...
"පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද:?"
"සොර් අද බෑ ... තාත්තා එනවා.. පස්සේ දවසක කතා කරමු"
අවුරුදු තුන හතරක් ගතවුනා.. ඒ පස්සේ දවස අද වෙනකම් උදාවුනේ නෑ...
අයියෝ නිහඬ ආදරයක්ද..
ReplyDeleteගොඩ කාලෙකින්...
යසියා සෑහෙන්න කාලෙකින් ඇවිත්..
ReplyDeleteඇත්ත සීන් එකක්ද ?
ReplyDelete@නිම්ශා: මම හිතන්නේ නිහඩ ආදරයක් වෙන්න ලුවනි කියලා.
ReplyDelete@දිනේශ්: හිතාගෙන නම් ඉන්නේ ආයෙත් දිගටම රැදී ඉන්නයි.
@ රොබින්: ඇත්ත ගොඩක් අතරේ අලංකාරයන් පොඩ්ඩක් තියෙනවා...