සින්ගල් ඔබේ උදෑසන



කුකුලා හඩලන්න පැය විස්සකට කලින්
කන්නට දෙයක් සොයමින් ආවෙම් ගෙදරින්
කුඩයක් යටින් දෙබිඩිව යන කපල් දුටින්
යන්නේ කවදාද මේ ලෙස හඩමි සිතින්..

කදු දෙක මැදින් ගලනා ඇල්ලකි ඈගේ
ඇසි බැමි දෙකම ඇත ඇද කැපුවා වාගේ
ඉටියෙන් අබපු හොලිවුඩ් නිලියක් වාගේ
කට හැර බලන් ඉන්නෙමි රූපය ඈගේ


පෙනුමෙන් කියන්නම් ඈ හරි කට කාරයි
ඩෙනිමක සිටියාට සාරිය හැඩය මවයි
කටකින් අත්වලින් මුහුනෙන්  කතාකරයි
පිස්සුද හැටිද මම ඈතක සිහින මවයි


රෝස සදුන් ජෙස්මින් සුවදක් හමනා
සෙන්ට් පුසුඹ ඇයගෙන් එන්නට ඕනා
දිග හැරි කෙස් කලබ සුලගේ රගපානා
ඈ සනසන්න රැකියා හතරක් ඕනා

බස්නැවතුමේ ඈ කොල්ලෙක් එක්ක සිටී
කොල්ලා මැයට වැඩියෙන් පොඩ්ඩක්ය මිටී
මමයි ඇයයි මැච් වෙයි ලස්සනට හිටී
සිපයියන්ට පොශ් බඩු දෛවයේ හැටී


ඉවසනු හැකිය තනිකම දුක මේරීම
බැහැ ඉවසන්න කුසගින්නේ දලුලෑම
හොද කල ආව දවසට දෙන්නෙමි ගේම
වේටර් මල්ලි මොනවද උදයට කෑම

                                                                                        පැද ගැලපීම යසියා
                                                                          

                                                                                                       



Comments

  1. "කුඩයක් යටින් දෙබිඩිව යන කපල් දුටින්
    යන්නේ කවදාද මේ ලෙස හඩමි සිතින්.."

    +++++

    ReplyDelete
  2. හෙහේ... අද උදේට මත්තයාට දෙන්නම් මාත්තයා පරිප්පුයි පානුයි අලි..

    ReplyDelete
  3. සිරා කවි පෙල.. ලස්සනයි..

    ReplyDelete
  4. හොඳ ඇපල් කන්නෙම පණුවෝ නේ !!!
    අයියෝ සල්ලි !!!
    ඒක නෙමේ. යසියා මල්ලිත් තනිකඩ ඔරුව හබල් ගානවද ?

    ReplyDelete
  5. නියම කවි ටිකක්!!!! අපූරුයි!!!

    ReplyDelete
  6. @ මදුරංග: ඔව් නේ .. තම සිංගල්...

    @ ඉම්ශා, දිනේශ් , හසිත : බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02