විරංගි 005 {කලකට පසු නැවත }
ප්ලාස්ටරය නම් ගැලවුනි.. නමුත් තවම ඉබාගාතේ යාමට අවසර නොලැබෙනු ඇත... කුරුල්ලෙකු මෙන් පවනේ ඉගිල ගිය යතුරු පැදියේ යතුරු කවුදෝ හංගා ඇත. කකුල යන්තම් බිමතියා ඇවිදින්නට නම් පුලුවනි.මාස ගනනක් එක තැන ඉදලාම ජීවිතය අපායක් ලෙස දැනුනි. ප්ලාස්ටර් කප්පවාගත් මා නිවසින් බැස්සවූ අම්මා තාත්තා රාජකාරිය බලා නික්ම ගියෝ ය. නිවසේ ආච්චි සියා පමනි. නිවසින් පිටවීමට මීට හොද නැකතක් ආයෙත් ලැබෙනවා ෂුවර් නැත. ආච්චි නම් බනීවි.. නමුත් ඈ ලයිට් ය... නමුත් හැඳැවට අම්මාගේ කනේ තියනු ඇත.. මෙලෙස සිරවී සිටී නවාට වඩා එලියට ගොස් ටිකක් හුලන් කා ඒම සැපය..පුන්චිකාලේ කූඩු වල දාන් උන්නු කුරුල්ලන්ට කොච්චර දුක හිතෙන්න ඇත්ද..ෂුවර් එකටම පුංචි කාලේ කල පව් මේ පලිසන් දෙනවාය.. නිවසින් පිට වීමට ඇත්තේ එකම පාරකි. ඒ නාහෙට නාහන සහෝ ගේ ස්කූටරයි.. දොරකඩට පසෙක නවතා ඇති එය දෙසට පිවිසීමි. "නොදකින් .. මේවා ගෑනු පදින බයිසිකල්.." මටත් හොරා මුවින් පිටවුනි.. අරූට කනවැටුනා නම් අනෙක් අන්ඩත් කඩන්නේය. අර මොකේද වැටූන එකා පිදුරු ගහේ එල්ලෙනවාලු.. මම මොකේද වැටූනු එකයි.. මේ මලයාගේ පිදුරු ගසයි.. ස්කූටරය පන ගන්වාගත් මා සෙමින් සෙමින් ගේ...